https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: මීගොඩ දන්සැල් පෝලිමක සිටි 6ක් බිලිගත් රියදුරු බීමතින්! පළාගිය රියදුරු ගොඩගමදී අල්ලා ගනී!

Monday, June 1, 2026

මීගොඩ දන්සැල් පෝලිමක සිටි 6ක් බිලිගත් රියදුරු බීමතින්! පළාගිය රියදුරු ගොඩගමදී අල්ලා ගනී!

හයිලෙවල් මාර්ගයේ මීගොඩ හන්දිය ආසන්නයේදී දන්සලක පෝලිමක සිටි පිරිසක් අනතුරට ලක් කරමින් පුද්ගලයින් 6 දෙනෙකුට මරු කැඳවූ කැබ් රථයේ රියදුරු මේ වන විට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය තහවුරු කර ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ සැකකාර රියදුරා බීමත්ව සිට ඇති බවයි.

අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වී ඇති මෙම කැබ් රථය, මීගොඩ හන්දිය ආසන්නයේ දන්සලක් අසල පෝලිමේ සිටි පිරිසක් වෙත කඩා වැදීමෙන් මෙම ඛේදවාචකය සිදුව ඇත. අනතුරින් කුඩා දරුවෙකු ඇතුළු තවත් 7 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් මේ වන විට ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම අවාසනාවන්ත අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම අවස්ථාවේ දන්සැල් පෝලිමේ රැඳී සිටි වයස අවුරුදු 15, 32, සහ 56 යන වයස්වල පසුවන කාන්තාවන් තිදෙනෙකු සහ අවුරුදු 35 සහ 38 වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් තිදෙනෙකි.

අනතුර සිදු කිරීමෙන් පසු අදාළ රියදුරා රථයද සමග පළාගොස් ඇති අතර, ගොඩගම හන්දියේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

The post මීගොඩ දන්සැල් පෝලිමක සිටි 6ක් බිලිගත් රියදුරු බීමතින්! පළාගිය රියදුරු ගොඩගමදී අල්ලා ගනී! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/G59dpbW

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home