රජයේ සේවකයින් පිරිසකට රජයෙන් යතුරුපැදි
ඉදිරි කාලසීමාව තුළදී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ ක්ෂේත්‍ර සේවා කටයුතු පහසු කිරීම සඳහා යතුරුපැදි ලබාදීමටත්, ලබන ජනවාරි මාසයේදී ලබාදීමට නියමිත වැටුප් වැඩිවීම කිසිදු බාධාවකින් තොරව ලබාදීමටත් කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පුහුණුව සාර්ථකව අවසන් කළ නිලධාරිනියන් 275 දෙනෙකු සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ ජාතික උත්සවයට ඊයේ (26) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙම උත්සවය කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ (OPD) ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනයේ (NIHS) සම්බන්ධීකරණයෙන් දිවයින පුරා පිහිටි පුහුණු මධ්‍යස්ථාන 11කදී මෙම විශේෂ පරිපාලන පුහුණුව පවත්වා තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) මෙවර ලෝක සෞඛ්‍ය සමුළුවේදී ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාවට සුවිශේෂී ඇගයීමක් හිමිවූ බවයි. එම ජාත්‍යන්තර ගෞරවයෙන් විශාල කොටසක් හිමිවිය යුත්තේ මෙරට බිම් මට්ටමේ සෞඛ්‍ය සේවය ශක්තිමත් කරන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ අසිරිමත් කැපවීම හේතුවෙන් බව ද ඔහු කෘතඥපූර්වකව සිහිපත් කළේය.
The post රජයේ සේවකයින් පිරිසකට රජයෙන් යතුරුපැදි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/KH7vBcM
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home