https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: ඉදිරියේදී මෙරට ඉන්ධන මිලෙහි සිදුවිය හැකි වෙනසක් ගැන පුරෝකථනයක්

Monday, May 18, 2026

ඉදිරියේදී මෙරට ඉන්ධන මිලෙහි සිදුවිය හැකි වෙනසක් ගැන පුරෝකථනයක්

ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වීම නිසා ඉදිරියේදී ඉන්ධන, විදුලිය සහ ජල ගාස්තු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යා හැකි බවට ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවා ඇත.

ඒ අනුව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා සඳහන් කර ඇත්තේ මහ බැංකුව විසින් වෙළෙඳපොළේ ඇති ඩොලර් මිලදී ගැනීම සහ මූල්‍ය පද්ධතිය තුළ රුපියල් අතිරික්තයක් පැවතීම නිසා ඩොලරයට ඇති ඉල්ලුම ඉහළ ගොස් රුපියල පීඩනයකට ලක්ව ඇති බවයි.

එසේම පවතින ජාත්‍යන්තර දේශපාලන තත්ත්වයන් හේතුවෙන් සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන විදේශ විනිමය සීමා වීම සහ අපනයන ක්ෂේත්‍රයට එල්ල වී ඇති බාධා හේතුවෙන් පද්ධතියට ලැබෙන ඩොලර් ප්‍රමාණය පහත වැටී ඇති බව සඳහන්.

මෙසේ රුපියල දුර්වල වීම ඛනිජ තෙල් මිල කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරන අතර, ඒ අනුව ඉදිරියේදී පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කරයි.

එමෙන්ම ඉන්ධන සහ බලශක්ති පිරිවැය ඉහළ යාමත් සමඟ අනෙකුත් සියලුම භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ ගොස් පොදු ජනතාවගේ ජීවන වියදම තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව ද පෙන්වා දෙයි.

“පෙට්‍රල්, ඩීසල් මිලට බලපෑමක් වෙන්න පුළුවන්.. මොකද ආනයනය කරන්නේ අපි ඩොලර්වලින් නිසා රුපියල්වලට නැවත පරිවර්තනය කරලා තමා මිල තීරණය වෙන්නේ.. ඒ කියන්නේ රුපියල අවප්‍රමාණය වෙනවා කියන්නේ ඒ හා සමානවම අපේ ඉන්ධනවල මිල ඉහළ යනවා.. තෙල්වල මිල ඉහළ යනවා කියන්නේ ඒ හරහා උද්ධමනය ඉහළ යනවා.. ඒත් එක්කම විදුලි බිල, ජල බිල, භාණ්ඩවල මිල ඉහළ යනවා.”

The post ඉදිරියේදී මෙරට ඉන්ධන මිලෙහි සිදුවිය හැකි වෙනසක් ගැන පුරෝකථනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/zosEUMh

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home