https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: සීනි මිල ඉහළට?

Wednesday, May 20, 2026

සීනි මිල ඉහළට?

සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එහි ප්‍රකාශකයකු සඳහන් කළේ බ්‍රසීලය, තායිලන්තය යන රටවලින් සහ යුරෝපා රටවලින් සීනි ආනයනය කිරීම කෙරෙහි මේ වන විට අවධානය යොමුව ඇති බවය.

පසුගිය 15වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සීනි අපනයනය තාවකාලිකව අත්හිටුවීමට ඉන්දියාව පියවර ගෙන තිබේ.

ලබන සැප්තැම්බර් 30 වන දින දක්වා එම අත්හිටුවීම සිදු කර ඇති බව වාර්තා වේ.

මෙරටට වැඩි වශයෙන් සීනි ආනයනය කිරීම ඉන්දියාවෙන් සිදු වූ අතර මෙම තහනමත් සමග වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට ශ්‍රී ලංකාවට සිදුව ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

කෙසේ වෙතත් මේ වන විට ප්‍රමාණවත් තරම් සීනි තොග රට තුළ පවතින අතර කඩිනමින් නව තොග ආනයනය කිරීමට සැලසුම් කර ඇති බැවින් වෙළෙඳපොලේ සීනි හිඟයක් ඇති නොවන බව එම සංගමය සඳහන් කර සිටී.

රුපියලට සාපේක්ෂව ඩොලරයේ මිල ඉහළ යාම හේතුවෙන් මේ වන විට වෙළදපලේ සීනි මිලෙහි යම් වැඩි වීමක් සිදුව ඇති අතර එය ඉන්දියාව විසින් සීනි අපනයනය අත්හිටුවීම හේතුවෙන් සිදුවූවක් නොවන බව ද අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය විසින් වැඩිදුරටත් සඳහන් කරන ලදී.

The post සීනි මිල ඉහළට? appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/vqrZp6g

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home