https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: සඳුදා රැස්වීම් වර්ජනය කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් සංගමයෙන් තීරණයක්

Sunday, June 7, 2026

සඳුදා රැස්වීම් වර්ජනය කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් සංගමයෙන් තීරණයක්

මහජන දිනය ලෙස වෙන්කර ඇති සඳුදා දිනවලදී පැවැත්වෙන කිසිදු රැස්වීමකට හෙට (08) සිට සහභාගී නොවන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය නිවේදනය කර සිටී. ඒ අනුව, රාජ්‍ය ආයතන, අමාත්‍යාංශ හෝ දේශපාලන අධිකාරීන් විසින් කැඳවනු ලබන කිසිදු භෞතික හෝ මාර්ගගත (Online) රැස්වීමක් සඳහා සිය නිලධාරීන් සහභාගී නොවන බව එම සංගමය අවධාරණය කරයි.

මෙවැනි තීරණයක් ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ, සඳුදා දිනය ජනතාවගේ ගැටලු විසඳීමට වෙන්කර තිබුණද, එදිනට විවිධ රැස්වීම් යෙදීම හේතුවෙන් කාර්යාලීය කටයුතුවලට බාධා එල්ල වී ජනතාව දැඩි අපහසුතාවයකට පත්වීමයි. දුරබැහැර ප්‍රදේශවල සිට තමන්ගේ අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට සහ නිලධාරීන් හමුවීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පැමිණෙන ජනතාවට, මෙම රැස්වීම් හේතුවෙන් සිය සේවාවන් ලබාගැනීමට නොහැකි වන බව එම සංගමය පෙන්වා දෙයි.

මෙම තීරණය ගෙන ඇත්තේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 27/2023 හි සඳහන් උපදෙස් ද පදනම් කරගනිමිනි. අදාළ චක්‍රලේඛයට අනුව, මහජන දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇති දිනය තුළ ජනතාවගේ ගැටලු විසඳීම සඳහා නිලධාරීන් කාර්යාලයේ රැඳී සිටීම අනිවාර්ය කර ඇත. එමෙන්ම, මහජන දිනය තුළ කිසිදු නිල රැස්වීමක් නොපැවැත්විය යුතු බවටද අදාළ චක්‍රලේඛය මගින් දැඩිව උපදෙස් ලබා දී තිබේ.

ජනතාවට සිදුවන මෙම දැඩි අපහසුතාවයන් සහ චක්‍රලේඛයේ අන්තර්ගත උපදෙස් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් හෙට දිනයේ සිට මෙම තීරණය ක්‍රියාත්මක කරන බව, ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයේ සභාපති ආර්. සෙන්තිල් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

The post සඳුදා රැස්වීම් වර්ජනය කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් සංගමයෙන් තීරණයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/CfmqgSk

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home