https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: පෞද්ගලික බස් රථ වර්ජනයක්?

Tuesday, June 2, 2026

පෞද්ගලික බස් රථ වර්ජනයක්?

ඩීසල් මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ නොදැමීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව තීරණය කිරීම සඳහා බස් සංගම් නියෝජිතයින් අද (02) රැස්වීමට නියමිතව තිබේ. 

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, එම සාකච්ඡාවෙන් අනතුරුව බස් ධාවනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවය.

මෙම සාකච්ඡාව සඳහා සියලු බස් සංගම් නියෝජිතයින් අද පෙරවරුවේ රැස්වීමට නියමිත බව ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

“අද අපේ නියෝජිතයින් සහ අනිත් සංගම් නියෝජිතයින් එනවා. විශේෂයෙන්ම සාකච්ඡා කරන්නේ, අපේ කර්මාන්තය ඉන්ධන ප්‍රශ්නයෙන් කොහොමද බේරගන්නේ කියලා. ආණ්ඩුව පැත්තෙන් ප්‍රතිචාරයක් දක්වන්නේ නෑ. ඒ අය යම් ප්‍රතිපත්තියක ඉන්නවා. කෙසේ වෙතත් දැන් මේ මොහොතේ කර්මාන්තය ගෙනියන්න, සියලු බස්හිමියන් එකහෙළා දැනුම්දෙනවා ධාවනයෙන් ඉවත් වෙන්න කටයුතු කරමු කියලා. කෙසේ වෙතත් අපි සංගමයක් විදියට ප්‍රධානීන් එක්ක සාකච්ඡා කරලා අවසන් තීරණය අද දිනයේ දැනුම් දෙනවා.”

The post පෞද්ගලික බස් රථ වර්ජනයක්? appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/iNLm1In

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home