https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: පස්වරු 2.00 න් පසු කාලගුණයේ වෙනසක්

Sunday, May 3, 2026

පස්වරු 2.00 න් පසු කාලගුණයේ වෙනසක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව පළාතේත් කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති වන බවයි දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙන්නේ.

දකුණු පළාතෙත් කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවන අතර,. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතින බවටත් දැනුම් දී තිබෙනවා.

.ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

The post පස්වරු 2.00 න් පසු කාලගුණයේ වෙනසක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/mZ6Dyvd

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home