සාපෙළ සිසුවෙක් දිය රකුසාට බිලි
සෙවනගල පොලිස් වසමට අයත් කටුපිල වැවේ දිය නාමින් සිටි පාසල් සිසුවෙකු ඊයේ (01) පස්වරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිසිය පවසන පරිදි, මියගිය සිසුවා තවත් මිතුරන් පිරිසක් සමඟ කටුපිල වැවේ දිය නෑමට ගොස් ඇති අතර, එහිදී ඔහු දියේ ගිලී අනතුරට ලක්ව ඇත.
ඊයේ සවස සෙවනගල පොලිසියට ලැබුණු පණිවිඩයක් මත වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව සිරුර සොයාගෙන තිබේ.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි පාසල් සිසුවෙකි.
මෘත ශරීරය ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
සෙවනගල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
The post සාපෙළ සිසුවෙක් දිය රකුසාට බිලි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/b6dcI19
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home