https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: ඩොනල්ඩ් ට්‍රම්ප් අසතුටෙන්

Saturday, May 2, 2026

ඩොනල්ඩ් ට්‍රම්ප් අසතුටෙන්

යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය විසින් ඉදිරිපත් කරන ලද නවතම සාකච්ඡා යෝජනාව පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, සාම ගිවිසුමක් වෙත ළඟාවීම සඳහා ඉරානය යම් ප්‍රගතියක් පෙන්වා ඇතත් ඔවුන් කිසිදා එම ඉලක්කය වෙත ළඟා වේදැයි තමන්ට විශ්වාස නොමැති බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇති බවය.

ඉරාන මාධ්‍ය වාර්තා කළේ, ඉරාන පාලනය විසින් පාකිස්තානය හරහා නව යොජනාවලියක් අමෙරිකාවට යොමු කළ බවය.

කෙසේවෙතත් එම යෝජනා පිළිබඳ කිසිවක් වාර්තා වී නොමැති බව සඳහන්ය.

පාකිස්තානයේදී පැවැත්වීමට යෝජිත සෘජු සාකච්ඡා වාරයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, තමන් පාකිස්තානයට සහ එහි නායකයින්ට දැඩි ගෞරවයක් දක්වන බවය. 

The post ඩොනල්ඩ් ට්‍රම්ප් අසතුටෙන් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/IPyxnLT

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home