https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ට තරගාවලි ජයක්

Sunday, May 3, 2026

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ට තරගාවලි ජයක්

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තරග තුනට බින්දුවක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ දෙරට අතර පැවති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 03කින් ජයගැනීමත් සමගයි.

බංග්ලාදේශයේ ශිල්හේට්හි ආරම්භවීමට නියමිතව තිබූ මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමග එක් ඉනිමක් පන්දුවාර 09කට සීමා වුණා.

ඒ අනුව තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්න ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 09 තුළ කඩුලු 06ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 87ක්.

ජයග්‍රහණය සඳහා ලකුණු 88ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට නියමිත පන්දුවාර 09 තුළ කඩුලු 06ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 84ක් පමණයි.

ඒ අනුව මෙම තරගයේ ලබා ගත් ජයත් සමඟ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පෙර පැවති පළමු සහ දෙවන විස්සයි විස්ස තරග ද ජයගෙන තිබූ නිසා තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමට සමත් වුණා.

The post ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ට තරගාවලි ජයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/oCOE6nR

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home