විශේෂ කැබිනට් තීරණයක්! රාජ්‍ය සේවයට එක්වන පිරිසට විශේෂ සහතිකයක් අනිවාර්ය කරයි!
රාජ්‍ය සේවයට ප්‍රවේශ වන, විශේෂයෙන්ම දරුවන් හා සෘජුව සම්බන්ධ වන රැකියා සඳහා බඳවා ගන්නා පුද්ගලයින් ළමා අපරාධවලට චෝදනා නොලැබූ අය බව තහවුරු කෙරෙන සහතිකයක් ලබා ගැනීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ, මේ සඳහා වන අදාළ කැබිනට් පත්‍රිකාව යොමු කිරීමට කටයුතු යොදා ඇති බවය.
මේ අනුව පොලීසිය හෝ අදාළ නිල ආයතන මගින් මෙම සහතිකය ලබා ගත යුතු අතර, දැනට රාජ්‍ය සේවයේ නිරතව සිටින නිලධාරීන් ද තම සේවා කඩයිම් සහ වැටුප් වර්ධක ලබා ගැනීමේදී අදාළ කාලපරාසය තුළ තමන් ළමා අපරාධ සඳහා සම්බන්ධ වී නොමැති බවට වූ මෙම සහතිකය අලුත් කර ලබා දිය යුතු බවද අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය,
“රාජ්‍ය සේවයට ප්‍රවේශ වෙන, විශේෂයෙන්ම දරුවන්ට ප්‍රවේශය සහිත රැකියාවලට බඳවා ගැනීමේදී ඒ පුද්ගලයන් ළමා අපරාධ සම්බන්ධ චෝදනා නොලද පුද්ගලයන් හැටියට තහවුරු කරගැනීම සඳහා සහතික කරවා ගැනීමේ අවශ්‍යතාවය අපි කැබිනට් පත්‍රිකාවක් මගින් තහවුරු කරගැනීමට කටයුතු කරනවා. ඒක අපි ඒකට අදාළ කැබිනට් පත්‍රිකාව යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි බලන්නේ රාජ්‍ය සේවයට ප්‍රවේශ වන අවස්ථාව වන විට ඔවුන් දරුවන් සම්බන්ධව, දරුවන්ට ප්‍රවේශය සහිත රැකියා කරන අය ළමා අපරාධවලට චෝදනා නොලැබූ, නැත්නම් අපරාධකරුවන් ලෙස චෝදනාවක් නොලද අය විය යුතුයි කියන එක. ඒක නිසා ඒ සහතිකකරණය අපි ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය සේවය තුළ ඉන්න අයත් අඛණ්ඩව ඔවුන්ගේ සේවා කඩයිම්වලදී, ඒ වගේම වැටුප් වර්ධකවලදී ඒ අදාළ කාලපරාසයන් තුළ සහතිකය අලුත් කරගන්න ඕනේ. හේතුව තමයි ඔවුන් ඒ අදාළ කාලපරාසය තුළ ඒ ළමා අපරාධවලට සම්බන්ධ අයවලුන් නෙවෙයි කියන සහතිකය අවශ්‍යයි. ඉතින් මේ වගේ දේවල් අපිට රටක් හැටියට ඉදිරියට යාමේදී අවශ්‍ය වෙනවා.”
The post විශේෂ කැබිනට් තීරණයක්! රාජ්‍ය සේවයට එක්වන පිරිසට විශේෂ සහතිකයක් අනිවාර්ය කරයි! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/SOz8ePC
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home