https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: “පිරිත් කියන් නැතිව නීතිය කතා කරන්න” – බළංගොඩ කස්සප හිමිට අගවිනිසුරු පවසයි

Thursday, September 3, 2026

“පිරිත් කියන් නැතිව නීතිය කතා කරන්න” – බළංගොඩ කස්සප හිමිට අගවිනිසුරු පවසයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් සහ ඊට සහාය පළ කරමින් ගොනුකර ඇති පෙත්සම් දෙවන දිනටත් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ(02) විභාග විය.

මෙහිදී පෙත්සම්කාර බලංගොඩ කස්සප හිමියන් සූත්‍ර පිටකය ඇසුරින් කරුණු දැක්වීමට උත්සාහ කළ අතර, ධර්ම කරුණුවලට වඩා නීතිමය පදනම මත කරුණු දක්වන ලෙස අගවිනිසුරුවරයා උන්වහන්සේගෙන් ඉල්ලා සිටියේය.

එහිදී පෙත්සමක් ඉදිරිපත් කළ පූජ්‍ය බලංගොඩ කස්සප භික්ෂුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් “යෝජිත සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(5) ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට යෝජනා කර තිබෙනවා. 107(5) ව්‍යවස්ථාව නීතියක් බවට පත් කළේ මෙරට ජනතාව. එමනිසා එම ව්‍යවස්ථාව සංශෝධනය කළ හැක්කේ ජනමත විචාරණයකින් පමණයි. මේ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වැනි ව්‍යවස්ථාවේ සඳහන් බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කළ යුතු බවට රජය වෙත පනවා තිබෙන ප්‍රතිපාදන උල්ලංඝනය වෙනවා” යනුවෙන් කරුණු දැක්වූ කස්සප භික්ෂුව සුත්‍ර පිටකය ඔස්සේ කරුණු ඉදිරිපත් කිරීම සිදුකළේය.

ඒ අවස්ථාවේදී කස්සප භික්ෂුව ඇමතූ අගවිනිසුරුවරයා “සමාවෙන්න ස්වාමීන් වහන්ස… මට ඔබවහන්සේ තරම් ධර්මය ගැන අවබෝධයක් නැහැ. අනිත් විනිසුරුවරු කොහොමද මම දන්නේ නැහැ. මට නම් එතරම් අවබෝධයක් නැහැ. මෙතනදී ධර්මයට වඩා අදාළ වන්නේ නීතියයි. නීතියෙන් තමයි මේකට කරුණු දක්වන්න වෙන්නෙ. ඒ නිසා නීතිය ඔස්සේ කරුණු දක්වන්න” යනුවෙන් ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව මෙම කරුණු සම්බන්ධයෙන් ලිඛිත දේශන ඔස්සේ කරුණු දක්වන බව කස්සප භික්ෂුව ප්‍රකාශ කළේය.

The post “පිරිත් කියන් නැතිව නීතිය කතා කරන්න” – බළංගොඩ කස්සප හිමිට අගවිනිසුරු පවසයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/iSFJ9gB

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home