ගාල්ල බන්ධනාගාරයට උඩින් ආව තහනම් පාර්සලය
ගාල්ල බන්ධනාගාරයට පිටතින් විසින් කරන ලද තහනම් භාණ්ඩ අයත් පාර්ලසලයක් නිලධාරින් සොයාගෙන තිබෙනවා.
බන්ධනාගාරය තුළ පිහිටි මුළුතැන්ගෙය පිටුපස රැඳවියන් ස්නානය කරන ජල ටැංකි පිහිටි ස්ථානයට එම පාර්සලය යම් කිසි පුද්ගලයෙකු විසින් විසි කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
එම පාර්සලයේ මත්පැන් යැයි සැකකළ හැකි දියර සහිත බෝතල් 03ක් සහ දුරකතන චාජරයක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා පැවසුවා.
ජේලර්වරයෙකුගේ අධික්ෂණය යටතේ දියර සහිත බෝතල් තුන විනාශ කර තිබෙනවා.
The post ගාල්ල බන්ධනාගාරයට උඩින් ආව තහනම් පාර්සලය appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/oiOyKPp
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home