https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: AliExpress තීරණය ගැන ‍රජයේ ප්‍රධානියෙකුගෙන් සටහනක්

Friday, July 4, 2025

AliExpress තීරණය ගැන ‍රජයේ ප්‍රධානියෙකුගෙන් සටහනක්

Ali express ශ‍්‍රී ලංකාවට භාණ්ඩ ප‍්‍රවාහනය නවතා දැමීම සම්බන්ධයෙන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ෆේස්බුක් සටහනක් තබමින් පැහැදිලි කිරීමක් සිදු කර තිබුණි.

ඔහු එහි දක්වා තිබුනේ ලංකාවේ දේශීය නිශ්පාදනවලට දැවැන්ත තර්ජනයක් වී තිබූ තනි අයිතම ආනයන (පාර්සල්) රේගු බදු ක්‍රමය මේ වන විට වෙනස් කර ඇති බවයි.

මින් පෙර බර කිලෝ 1ක පාර්සලයක් තුළ ඇති ඕනෑම භාණ්ඩයක් රු 800ක බද්දක් ගෙවා නිෂ්කාශනය කරගත හැකි වූ අතරම, නිශ්චිත අගයකට අඩුනම් බදු ගෙවීමක් අවශ්‍ය වී නොතිබුණි.

මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, මේ වන විට මෙම ක්‍රමය නිවැරදි කර ඇති අතර එහිදී අදාල පාර්සලයේ බර අනුව නොව HS code එක අනුව අදාල බදු අයකිරීම සිදු වනු ඇති බවයි.

නි. අමාත්‍යවරයා තැබූ සටහන පහතින් දැක්වේ.

කස්ටිය පැනික් වෙලා නිසා පොඩි සටහනක් දාන්න හිතුනා.

Ali express එකෙන් දේශපලනය කරන සමහරු ලියල තිබ්බා ආණ්ඩුව අලුත් බද්දක් ගහල කියල 

ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නෙ

ලංකාවෙ දේශීය නිශ්පාදන වලට දැවැන්ත තර්ජනයක් වෙලා තිබ්බ තනි අයිතම ආනයන (පාර්සල්) රේගු බදු ක්‍රමය වෙනස් කරල තියෙන්නෙ

මීට පෙර කිලෝ එකක පාර්සලයක ඕනෙම බඩුවක් රු 800ක බද්දක් ගෙවල Clear කරන්න පුලුවන්, ඒ වගේම නිශ්චිත අගයකට අඩුනම් බදු apply වෙන්නෙ නෑ ( මේකෙදි උනේ under value invoice දාන එක)

මේ ක්‍රමේ අනේක විදිහට අවභාවිතා කලා (මැච් එකක් ගැහුවා සමහරු)

දැන් නිවැරැදි ක්‍රමයට යනවා, ගෙන්වන පාර්සල් වල HS code එකට අනුව Tax වෙනවා. බර අනුව නෙමේ

මේ ක්‍රම වෙනස නිසා අධ්‍යාපන හා පර්‍යේෂණ කරයුතු වලට ගේන එක් එක් අයිතම බදු වලට යටත් වෙලා කියල චෝදනාවක් තියෙනවා. ඒක මේ වෙලාවෙ තාවකාලිකව එහෙම වෙන්න පුලුවන්, මොක්ද ඒව බේරන්න රෙගුලාසි හදල නෑ.

අපිට කරන්න පුලුවන් දේ තමයි ඒ අධ්‍යාපනික පරේශන උපාංග HS code හා ප්‍රමාණ මත ඉදිරියට සහනයක් සලසන්න වැඩපිලිවෙලක් හදන්න. මේ දේ ඉතා ඉක්මනින් කරන්න රජය මැදිහත්වීමක් කරයි.

System Change  කලබල වෙන්න එපා හොදම system එක නිවැරැදිම ක්‍රියාවලිය අපි රටක් විදිහට හදාගමු.

ආර්ථිකයේ සම බිමක් හදල අයුතු ලාභ ඉවත් කිරිම හා Dumping නැවැත්වීමට මේ රජය කල හැකි සියල්ල කරනවා

අර්බුදයට සැබෑවට ලක්වුන පර්‍යේෂකයන්ට ඒ අදාල HS code ලිකිතව රේගු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්න

– චතුරංග අබේසිංහ

The post AliExpress තීරණය ගැන ‍රජයේ ප්‍රධානියෙකුගෙන් සටහනක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/M8BsN15

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home