https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: ඉන්ධන මිලට අද කුමක් සිදු වේවිද? රටම බලා සිටින ඉන්ධන මිල සංශෝධනය අදයි

Monday, June 30, 2025

ඉන්ධන මිලට අද කුමක් සිදු වේවිද? රටම බලා සිටින ඉන්ධන මිල සංශෝධනය අදයි

මිල සූත්‍රයට අනුව, මාසික ඉන්ධන සංශෝධනය අදට (30) යෙදී තිබෙනවා.

අද (30) රැස්වීමට නියමිත මිල කමිටුව විසින් අවසාන තීරණය ගැනීමට නියමිත බවයි ඛනිජ තෙල් සංස්ථාවේ ආරංචිමාර්ග සඳහන් කළේ.

ජනවාරි මාසයේ සිට ලෝක වෙළඳපොළෙහි බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අඛණ්ඩව පහත වැටීමක් දක්නට ලැබුණි.

ජනවාරි මාසයේදී බැරලයක සාමාන්‍ය මිල ඩොලර් 80 සීමාවේ පැවති අතර මැයි මාසයේදී බැරලයක මිල ඩොලර් 62.70ක් පමණ අවම මට්ටමකට ළඟා විය.

ජුනි මාසයේ ඉන්ධන මිලෙහි ඉහළ යෑමක් පෙන්නුම් කරන අතර එය දැනට ඩොලර් 65 – 70 සීමාවේ රැඳී පවතී.

පසුගිය මාසයේ ඉන්ධන මිල සංශෝධනයක් සිදු වූයේ නැහැ.

ඒ අනුව දැනට පවතින ඉන්ධන මිල ගණන් වන්නේ,

92 පෙට්‍රල් ලීටරය රුපියල් 293.00

95 පෙට්‍රල් ලීටරය රුපියල් 341.00

සුදු ඩීසල් ලීටරය රුපියල් 274.00

සූපර් ඩීසල් ලීටරය රුපියල් 325.00

භූමිතෙල් ලීටරය රුපියල් 178.00

The post ඉන්ධන මිලට අද කුමක් සිදු වේවිද? රටම බලා සිටින ඉන්ධන මිල සංශෝධනය අදයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/3mQ2SPb

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home