සැකකරුවන් දෙදෙනෙකුගේ මිලියන ගණනක දේපළ ක්‍රියා විරහිත කිරීමට අධිකරණයෙන් නියෝගයක්
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ බවට අත්අඩංගුවට ගත් සැකකාරියක් හා සැකකරුවෙකු විසින් එම ජාවාරමෙන් උපයාගත් බවට සැළකෙන මුදලින් මිලදී ගත් දේපළ තොගයක් මුදල් විශූද්ධිකරණ පනත යටතේ ක්‍රියා විරහිත කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ.
අදාළ සැකකරු හා සැකකාරිය ඊයේ (28) අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක් හා සැකකාරිය වයස අවුරුදු 45ක් වන බොරැල්ල, කොළඹ 08 ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
එම සැකකරුවන්ගේ තහනමට ලක් කර ඇති දේපොළ වන්නේ,
කඳාන ප්‍රදේශයේ පිහිටි සිව් මහල් නිවසක්
බොරැල්ල, කොළඹ 08 ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවෙස් දෙකක්
බොරැල්ල, කොළඹ 08 පිහිටි තෙමහල් නිවසක්
ජපන් ඇල්ටෝ වර්ගයේ මෝටර් රථය
වැගන් ආර් වර්ගයේ මෝටර් රථය
මෙම සැකකරු හා සැකකාරිය මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුලි 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
The post සැකකරුවන් දෙදෙනෙකුගේ මිලියන ගණනක දේපළ ක්‍රියා විරහිත කිරීමට අධිකරණයෙන් නියෝගයක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/KXLkwTZ
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home