https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: 200 දෙනෙකු ඇප රහිත ණය ලබා ගයි! ණය මුදල ලබා ගන්නා ආකාරය මෙන්න!

Wednesday, July 9, 2025

200 දෙනෙකු ඇප රහිත ණය ලබා ගයි! ණය මුදල ලබා ගන්නා ආකාරය මෙන්න!

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් ප්‍රථම වරට හඳුන්වා දුන් ඇප රහිත ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පිහිට වූ ජාතික ණය සුරැකුම් ආයතනය පසුගිය ජූනි මස 3 වනදා ආරම්භ කළේය.

එම ආයතනයට මේ වන විට අයදුම්පත් දෙසිය පනහක් පමණ ලැබී තිබෙන අතර ඉන් දෙසිය දෙනකුට පමණ දැනටම ණය මුදල ලබා දී තිබෙන බව එම ආයතනයේ උසස් නිළධාරියෙක් පැවසීය.

අයදුම්කර සතියක් ඇතුළත ණය මුදල ලබාදීමට හැකි වන ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් එම නිලධාරියා කීවේය.

මේ යටතේ රුපියල් මිලියන විසිපහක උපරිම ණය මුදලක් ලබා ගත හැකි අතර ණය මුදලින් සියයට හැට හතකට හෙවත් තුනෙන් දෙකකට අදාළව මෙම ආයතනයෙන් ආරක්ෂණයක් ලබා දෙයි.

ඉතිරි ප්‍රමාණයට අදාළව ණය හිමියාගෙන් ආරක්ෂණයක් ලබා ගන්නේ ද යන්න බැංකුව තීරණය කළ යුතු වෙයි.

ණය සුරැකුම් ආයතනය අපේක්ෂා කරන්නේ අයදුම්කරුවන් පන්දහසක් පමණ මෙම වැඩසටහනට එක්වනු ඇති බවයි.

The post 200 දෙනෙකු ඇප රහිත ණය ලබා ගයි! ණය මුදල ලබා ගන්නා ආකාරය මෙන්න! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/8f4Tna5

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home