https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: ටීචර් අම්මා හෙවත් හයේෂිකාගේ නඩුවට සිදු වූ දේ

Friday, July 18, 2025

ටීචර් අම්මා හෙවත් හයේෂිකාගේ නඩුවට සිදු වූ දේ

ටීචර් අම්මා ලෙස හැඳින්වෙන ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරියක් වන හයේෂිකා ප්‍රනාන්දු මහත්මියගෙන් පහරකෑමට ලක්වූ 19 හැවිරිදි රිතික් ක්‍රිෂාල් අගලවත්ත නම් තරුණයා එම පන්ති ආයතනයේ සේවය කළ තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

පෙරේදා (16) මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය විසින්  මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට මෙම නියෝගය නිකුත් කළා.

ප්‍රථම වරට මීගමුව අධිකරණය හමුවට ඉදිරිපත් කළ මෙම තරුණයාව, මහේස්ත්‍රාත්වරියගේ නියෝගයකට අනුව රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් ඇපයක් මත මුදා හැරුණා.

මීට පෙර පහර කෑමට ලක් වූ  මෙම සැකකරු ඩෙංගු රෝගය සඳහා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වුණා.

පසුව පසුගිය මැයි මස 17 වන දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයකු විසින් ඇප මත මුදා හැරීමට නියෝග කළා.

එහිදි  අගතියට පත් 24 හැවිරිදි තරුණිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ, පසුගිය මැයි මස 06 වන දින රාත්‍රී 9.30ට පමණ මෙම සැකකරු විසින් තමන් සේවය කළ කාමරයේ විදුලිය විසන්ධි කර, තරුණියගේ අතින් ඇද ඇගේ රහස්‍ය ප්‍රදේශ ස්පර්ශ කරමින් සිප ගැනීමට උත්සාහ කළ බවයි.

 මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආයතන බලධාරීන් සමග කටාන පොලිසියට පැමිණිලි කළද, සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා නොකළ බවද නීතීඥවරුන් පවසනවා.

ඒ හේතුවෙන් තමන්ට සාධාරණයක් ඉටු නොවන බවට විශ්වාස කළ අතවරයට ලක්වූ තරුණිය, ළමා හා කාන්තා කාර්යාංශයට සහ වැඩබලන පොලිස්පතිවරයාට කරන ලද පැමිණිලිවල ප්‍රතිඵලයක් ලෙස විමර්ශන කටාන පොලිසියෙන් ඉවත් කර තිබෙනවා.

දැනට මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ පවතින මෙම විමර්ශන කඩිනම් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා, නීතිඥ ගීත්මා ප්‍රනාන්දු සහ නිරෝෂන් සිරිවර්ධන ඇතුළු නීතිඥ මඩුල්ලක් සමග පෙනී සිටිමින් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

මෙම නඩුවේදී සැකකාර තරුණයා වෙනුවෙන් නීතිඥ රන්ජන් ජයසිංහ මහතා පෙනී සිට ඇති අතර, මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙනුවෙන් පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ සහ පොලිස් කොස්තාපල් උදය කුමාර යන නිලධාරීන්  අධිකරණය හමුවේ පෙනී සිටියා.  

The post ටීචර් අම්මා හෙවත් හයේෂිකාගේ නඩුවට සිදු වූ දේ appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/T8yN9Xx

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home