https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: මහනුවර රෝහලේ ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයෙක් මරුට

Sunday, July 13, 2025

මහනුවර රෝහලේ ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයෙක් මරුට

මහනුවර මහ රෝහලේ මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී බරපතළ තුවාල ලබා එම රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ (12) සවස් කාලයේ මෙම අනතුරු සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් මහනුවර පොලීසියට ලද තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මියගිය පුද්ගලයා හාරිස්පත්තුව ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා කොන්ත්‍රාත් පදනම මත රෝහලේ ගොඩනැගිලි පින්තාරු කරමින් සිටියදී එම ගොඩනැඟිල්ලේ 03 වන මහලින් මෙලෙස ඇද වැටී ඇති බවට සිදුකළ  විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසනවා.

මෘත දේහය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධව මහනුවර පොලීසිය විමර්ශන සිදුකරනු ලබනවා.

The post මහනුවර රෝහලේ ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයෙක් මරුට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/N6MHuSI

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home