https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: ජනේලයක් බිඳ නිවසක නිදා සිටි පුද්ගලයෙකුට වෙඩි තබයි

Friday, July 11, 2025

ජනේලයක් බිඳ නිවසක නිදා සිටි පුද්ගලයෙකුට වෙඩි තබයි

අද (11) අලුයම් කාලයේදී හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ නිදා සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ.

පොලීසිය සඳහන් කළේ නාඳුනන පුද්ගලයෙකු විසින් නිවසේ ජනේලයක් බිඳ වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රථිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත් කර ඇත.

තුවාලකරු වයස අවුරුදු 32ක් වූ මාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙඩි තැබීමට හේතුව හා සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර වෙඩි තැබීම සඳහා පිස්තෝල අවියක් භාවිතා කර ඇති බවට පොලිසිය සැක කරනු ලබනවා. 

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බව සඳහන්.

The post ජනේලයක් බිඳ නිවසක නිදා සිටි පුද්ගලයෙකුට වෙඩි තබයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/4wp1nFg

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home