https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: කුසල් මෙන්ඩිස්ට ඉතිහාසගත උසස්වීමක්

Thursday, July 10, 2025

කුසල් මෙන්ඩිස්ට ඉතිහාසගත උසස්වීමක්

ICCය විසින් ප්‍රකාශයට පත්කළ නවතම එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි කුසල් මෙන්ඩිස් පළමු දසදෙනා අතරට පැමිණ තිබේ.

බංග්ලාදේශයට එරෙහි තරගාවලියේ දී ඔහු දැක් වූ දක්ෂතා මෙම පැමිණීමට හේතුවී ඇත.

එම තරගාවලියේ දී ඔහු ශතකයක්, අර්ධ ශතකයක් සමගින් ලකුණු 225ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනුව ඔහු 20වන ස්ථානයේ සිට ස්ථාන 10ක් ඉදිරියට පැමිණ මෙම ස්ථානයට පැමිණ තිබේ.

කුසල් මෙන්ඩිස් එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පළමු දස දෙනා අතරට පිවිසියේ ඉතිහාසයේ පළමුවරටයි.

මේ අතර ශ්‍රී ලංකා නායක චරිත් අසංකද 8වන ස්ථානයේ සිට තවත් ස්ථාන 2ක් ඉදිරියට ගොස් 6වන ස්ථානයේ රැඳී සිටියි.

ඔහු එක්දින ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකා පිතිකරුවාය.

The post කුසල් මෙන්ඩිස්ට ඉතිහාසගත උසස්වීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/7ub6gKC

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home