https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: ශ්‍රී ලංකා කණ්ඩායමට පහසු ජයක්! කුසල් මෙන්ඩිස්ගෙන් ගිණිකෙළි සංදර්ශනයක්!

Friday, July 11, 2025

ශ්‍රී ලංකා කණ්ඩායමට පහසු ජයක්! කුසල් මෙන්ඩිස්ගෙන් ගිණිකෙළි සංදර්ශනයක්!

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර විස්ස තරගය කඩුළු 7කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය.

ශ්‍රී ලංකා පිලේ ආරාධනයට අනුව පළමුව පන්දුවට පහරදීමට පල්ලේකැලේ ක්‍රීඩාපිටියට පැමිණි බංග්ලාදේශ පිල කඩුළු 5ක් දැවී ලකුණු 154ක් රැස්කර ගත්තේය.

බංග්ලාදේශ පිල වෙනුවෙන් පර්වේස් හුසෙයින් ලකුණු 38ක් රැස්කර ගත් අතර, මොහොමඩ් නයිම් නොදැවී ලකුණු 32ක් රැස්කර ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුළු 2ක් දවා ගැනීමට සමත් විය.

ඒ අනූව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 155ක ඉලක්කයක් හිමි වුණා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි පැතුම් නිශ්සංක පන්දු 16කදී ලකුණු 42කට දැවී ගිය අතර විශිෂ්ඨ ඉනිමක් දියත් කල කුසල් මෙන්ඩිස් පන්දු 51කදී ලකුණු 73ක් රැස්කර ගත්තා. 

කුසල් මෙන්ඩිස් මෙලෙස වාර්තා කළේ සිය පන්දුවාර විස්ස ක්‍රිකට් ඉතිහාසයේ 16 වන අර්ධ ශතකයයි.

සිය අර්ධ ශතකය රැස් කිරීමට මෙන්ඩිස්ට වැය වූයේ පන්දු 31ක් පමණක් වන අතර ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් හතරේ පහර 3ක් අන්තර්ගත විය.

ඊට අමතරව කුසල් ජනිත් පෙරේරා ලකුණු 24ක් රැසකර ගැනීමට සමත් වූ අතර ඒ අනූව පන්දු වාර 19ක් තුළ කඩුළු 5ක් පමණක් දැවී ලකුණු 159ක් රැසකර ගනිමින් ඉලක්කය හඹා යාමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

මෙම ජයත් සමග තරග තුනකින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේය.

The post ශ්‍රී ලංකා කණ්ඩායමට පහසු ජයක්! කුසල් මෙන්ඩිස්ගෙන් ගිණිකෙළි සංදර්ශනයක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/HO3qYin

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home