අද වැසි වැටෙන ප්‍රදේශ
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (13) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ද ඇතිවිය හැකි බවයි.
එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක අද (13) වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු මැද පළාත්වලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
The post අද වැසි වැටෙන ප්‍රදේශ appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/Rqk2Y3g
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home