https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: රුසියාවට අඩි 13ක් උස සුනාමියක්! ජපානයටත් අනතුරු ඇඟවීම්!

Wednesday, July 30, 2025

රුසියාවට අඩි 13ක් උස සුනාමියක්! ජපානයටත් අනතුරු ඇඟවීම්!

රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයට ඔබ්බෙන් 8.7ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වීමත් සමග මීටර් 4ක් (අඩි 13)ක් උස සුනාමියක් ඇතිව තිබෙන බව BBC පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ 8.8ක ප්‍රබල භූකම්පන තත්ත්වයක් අද (30) උදෑසන හට ගෙන තිබුණි.

භූකම්පනයෙන් පසුව ජපානයේ වෙරළබඩ ප්‍රදේශ සඳහා ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

එරට කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවන්නේ මීටර 1ක් දක්වා රළ ඇති විය හැකි බවයි. 

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ මීට අමතරව හවායි දූපත් සහ ඇලස්කාවේ ඇලූටියන් දූපත්වල කොටස් සඳහා සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමටද පියවර ගෙන ඇති බවයි.

The post රුසියාවට අඩි 13ක් උස සුනාමියක්! ජපානයටත් අනතුරු ඇඟවීම්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/gmhTBAZ

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home