https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: ලෝක වෙළෙඳපොළේ රිදී මිල වාර්තාගත ලෙස ඉහළට

Thursday, July 24, 2025

ලෝක වෙළෙඳපොළේ රිදී මිල වාර්තාගත ලෙස ඉහළට

ලෝක වෙළෙඳපොළේ රිදී මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඊයේ වනවිට ලෝක වෙළෙඳපොළේ රිදී අවුන්සියක වටිනාකම ඩොලර් 39.40ක් (රුපියල් 11,885) බවය.

ඒ අනුව මෙම වසරේ රිදී මිල 36%කින් ඉහළ ගොස් ඇති අතර, ඊයේ දිනයේ පමණක් 0.3%කින් ඉහළගොස් ඇත.

අමෙරිකාව විසින් එරට තීරුබදු ප්‍රතිපත්තිය වෙනස් කිරීමත් සමග රන්, රිදී, ප්ලැටිනම්, පැලේඩියම් වැනි ලෝහවලට ආයෝජකයින් වැඩිවශයෙන් නැඹුරුවීම මෙලෙස රිදී මිලේ ඉහළ යෑමට හේතු වී තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ මෙම වසරේ දී රිදී මිල 36% කින් ඉහළ ගියද, රත්‍රන් මිල ඉහළගොස් ඇත්තේ 31%කින් පමණක් වීමය.

නවතම අනාවරණය අනුව මෙම වසරේ රිදී අවුන්සයක මිල ඩොලර් 42 දක්වා ඉහළ යා හැකිය.

කෙසේ වෙතත් 2011 වසරේ දී රිදී අවුන්සයක වටිනාකම ඩොලර් 49ක් දක්වා ඉහළගොස් තිබේ. 

The post ලෝක වෙළෙඳපොළේ රිදී මිල වාර්තාගත ලෙස ඉහළට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/RXjWYy1

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home