අද කාලගුණය ප්‍රචණ්ඩ වෙයි
අද (19) දිනයේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති වෙයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ, සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.
උතුරු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වෙයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත්වල විටින්විට හමන පැ.කි.මී. 50-60ක පමණ තද සුළං ද ඇතිවිය හැකිය.
තද සුළංවලින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.
The post අද කාලගුණය ප්‍රචණ්ඩ වෙයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/GZqUm4k
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home