සියලුම ගුරුවරුන් උපාධිධාරීන් විය යුතුයි – අගමැතිනිය
සියලුම ගුරුවරුන් උපාධිධාරීන් වියයුතු බවත්, එම වෘත්තියට පිවිසෙන පිරිස් ගුරු පුහුණුව ලැබිය යුතු බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දකුණු පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියෝජිතයන් දැනුවත් කිරීමට පැවති සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළාය.
ඒ අනුව සියලුම ගුරුවරුන් උපාධිධාරීන් වීම අනිවාර්ය වනු ඇති අතර ගුරු පත්වීම් ලබාගන්නා උපාධිධාරීන් ගුරු පුහුණුව ලබාගත යුතු බව ඇය එහිදී පැවසුවාය.
අග්‍රාමාත්‍යවරිය එහිදී පෙන්වා දුන්නේ පාසල්වලට ඇතුළත් වන බොහෝ උපාධිධාරීන්ට ගුරු පුහුණුව නොමැති අතර, ගුරු පුහුණුව ලබන පිරිස් බොහෝ විට උපාධියක් නොලබන බැවින් වත්මන් ක්‍රමය දෝෂ සහිත බවයි.
යෝජිත ප්‍රතිසංස්කරණවලට අනුකූලව අධ්‍යාපන පරිපාලනයේ අවශ්‍ය වෙනස්කම් ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන සභාවක් පිහිටුවීමට යෝජනා කර තිබෙන බවද ඇය අවධාරණය කළාය.
The post සියලුම ගුරුවරුන් උපාධිධාරීන් විය යුතුයි – අගමැතිනිය appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/jGqseEO
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home