ප්‍රබල වෙඩික්කරුවෙක් STF සමඟ වෙඩි හුවමාරුවකින් මරුට
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී ඉකුත් 18වනදා උදෑසන 11ට පමණ පුද්ගලයෙකු ඉලක්ක කර සිදුකළ වෙඩිතැබීමට පැමිණි වෙඩික්කරු අද (25) අලුයම STF සමග ඇතිවූ වෙඩි හුවමාරුකින් මියගොස් තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකාය අද අලුයම 4:30ට පමණ කහතුඩුව පාලගම කැදැල්ඕවිට ප්‍රදේශයේ පාළු නිවසක් පරීක්ෂා කර ඇති අතර එහි සැඟව සිට තිබූ අදාළ සැකකරු STF නිලධාරීන් දෙසට වෙඩි තබා ඇත.
පසුව STF නිලධාරීන් ද සැකකරුට වෙඩිතැබීමක් සිදුකර ඇති අතර එහිදී තුවාල ලැබූ සැකකරු මියගොස් තිබේ.
සිද්ධියෙන් තුවාල ලැබූ STF නිලධාරියෙකු කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර වෙඩි වැදී මියගිය වෙඩික්කරුගේ මෘතශරීරය වෑතර රෝහලේ ඉදිරි විමර්ශන කටයුතු සඳහා තැන්පත් ඇත.
The post ප්‍රබල වෙඩික්කරුවෙක් STF සමඟ වෙඩි හුවමාරුවකින් මරුට appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/bLmZz4a
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home