https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: 2024 / 25 වර්ෂවල සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට දැනුම්දීමක්

Wednesday, July 30, 2025

2024 / 25 වර්ෂවල සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට දැනුම්දීමක්

වෘත්තීය විෂය ධාරාවෙන් උසස් පෙළ හැදෑරීමට කැමැත්ත දක්වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ඒ සදහා අයදුම්පත් කැදවා තිබේ.

මේ සදහා අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සලකා බැලීමක් සිදු නොකරන බව සඳහන්.

වෘත්තීය විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරණ සිසුන්ට වසර දෙක අවසානයේ දී දේශියව සහ ජාත්‍යන්තරව පිළිගත් NVQ 4 සහතික පත්‍රයක් ලබා දේ.

2024 හෝ 2025 යන වසර වල අපොස සාමාන්‍ය පෙළට පෙනී සිටි සිසු දරුවන්ට තම ප්‍රදේශයේ තිබෙන වෘත්තීය විෂය ධාරාව උගන්වන ඕනෑම පාසලකට අයදුම් කළ හැකි ය.

සංචාරක සහ ආගන්තුක සත්කාර, මෝටර් රථ වාහන තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, සෞඛ්‍ය හා රැකවරණ සේවා, මැණික් හා ස්වර්ණාභරණ තාක්ෂණය, රූපලාවන්‍ය, කලා සහ අත්කම්, ආහාර නිෂ්පාදනය, වෙල්ඩින්, කෘෂිකර්මාන්ත, වැවිලි කර්මාන්ත ඇතුළු තවත් ක්ෂේත්‍ර රැසක වෘත්තීය පුහුණුව සදහා සිසුන්ට අවස්ථාව හිමි වේ.

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට ඇතුළත් වීමේ අයදුම් පත්‍රය, අයදුම් කළ හැකි පාසල් ලේඛනය, වෘත්තීය පුහුණුව ලැබිය හැකි ක්ෂේත්‍ර ඇතුළු තොරතුරු අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියේ විශේෂ දැන්වීම් යටතේ යටතේ පළ කර තිබෙනවා.

සාමාන්‍ය පෙළ විභාගයේ සමත්/ අසමත් භේදයකින් තොර ව සිසුන්ට දහතුන් වසරක අධ්‍යාපනය සහතික කිරීමේ අරමුණෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මෙම විෂය ධාරාව ක්‍රියාත්මකයි.

The post 2024 / 25 වර්ෂවල සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/zq0sdIL

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home