https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: March 2026

Tuesday, March 31, 2026

මැති, ඇමතිවරුන්ගෙන් රටටම ආදර්ශයක්

අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ඉන්ධන කෝටාව තුනෙන් එකකට වැඩි ප්‍රමාණයකින් ස්වෙච්ඡාවෙන්ම අඩුකරගෙන ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, බලශක්ති අර්බුදය හේතුවෙන් රටට ජනතාවට පූර්වාදර්ශයක් සැපයීම සඳහා සියලු අමාත්‍යවරුන් පොදු එකඟතාවකට පැමිණ මෙම තීරණය ගෙන ඇති බවය.

මෙම තීරණයට සමගාමීව අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු උසස් නිලධාරීන් ද සිය ඉන්ධන කෝටාව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකර ගැනීමට පියවර ගෙන තිබේ. 

ගෝලීය බලශක්ති අර්බුදය සහ පවතින වියළි කාලගුණය හමුවේ ජලය සහ විදුලිය සුරකීම සඳහා රාජ්‍ය ආයතන පළාත් පාලන ආයතන මෙන්ම රටේ සමස්ත පුරවැසියන් ද වගකීමෙන් යුතුව දායක විය යුතු බව අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි.

“රාජ්‍ය ආයතන, පළාත් පාලන ආයතන සියල්ලම විශේෂම වැඩසටහන් සකස් කරගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා බලශක්තිය හා ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා. ආයතනවල අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම, විදුලි සෝපාන භාවිතය හැකිතාක් අවම කිරීම, අධික වියදමක් වැයවෙන වෙළෙඳ ප්‍රචාරක පුවරු සීමා කිරීම සහ රාත්‍රී 9න් පස්සේ, ඔෆ් කරලා තබාගැනීම අවශ්‍ය වෙනවා. මේ රටේ රාජ්‍ය ආයතන, පළාත් පාලන ආයතන වගේම සමස්ත පුරවැසියන්ටත් අපි ආරාධනා කරනවා මේ මෙහෙයුමට දායකවීමට ඔබටත් යම් වගකීමක් තියෙනවා.”

The post මැති, ඇමතිවරුන්ගෙන් රටටම ආදර්ශයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/V82KdcN

Labels:

Monday, March 30, 2026

මාලිමා මන්ත්‍රී ෆයිසාල් පැදවූ මෝටර් රථයක් අනතුරකට ලක්වෙයි

ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් ෆයිසාල් මහතා පැදවූ මෝටර් රථය හලාවත බණ්ඩාරවත්ත වංගුවේදී  මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

මෙම අනතුරින් මෝටර් රථයට හා තාප්පයට බරපතළ හානි සිදුව ඇති බවද වාර්තා වේ.

ඊයේ රාත්‍රී 11.45ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර එම අවස්ථාවේ අදාළ මන්ත්‍රීවරයා පමණක් මෝටර් රථයේ සිට ඇති බවද සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

The post මාලිමා මන්ත්‍රී ෆයිසාල් පැදවූ මෝටර් රථයක් අනතුරකට ලක්වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/aDClS3i

Labels:

Sunday, March 29, 2026

සමාජ මාධ්‍ය කැලඹූ හැටන් පාසලේ චණ්ඩි පොලිස් අත්අඩංගුවට 

හැටන් ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළේ පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට පන්ති කාමරයක් තුළදී පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිසුන් දෙදෙනෙකු සහ ආදි සිසුවෙකු හැටන් මූලස්ථාන පොලිසිය විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ.

මීට සති තුනකට පමණ පෙර 10 වන ශ්‍රේණියේ සිසුන් දෙපිරිසක් අතර ආරවුලක් ඇති වී ඇත.

එම අවස්ථාවේදී පාසල් මට්ටමින් සිද්ධිය සමතයකට පත් කර තිබුණ ද, පහරදීම සිදු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ සිද්ධිය යළි කරළියට පැමිණියේය.

පහරකෑමට ලක්වූ සිසුවාගේ මව විසින් ඊයේ (28) හැටන් පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ විය.

එහිදී අදාළ පහරදීමට සම්බන්ධ වූ බව කියන පාසල් සිසුන් දෙදෙනා සහ ඊට ආධාර අනුබල දුන් බවට සැකකෙරෙන ආදි සිසුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පහරකෑමට ලක් වූ සිසුවා මේ වන විට ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් සහ ආදි සිසුවා අද (29) හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අධිකරණ ක්‍රියාමාර්ගවලින් අනතුරුව සැකකාර සිසුන් ඔවුන්ගේ දෙමාපියන් වෙත භාර දීමට කටයුතු කරන බව හැටන් මූලස්ථාන පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

The post සමාජ මාධ්‍ය කැලඹූ හැටන් පාසලේ චණ්ඩි පොලිස් අත්අඩංගුවට  appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/WvLShXx

Labels:

Saturday, March 28, 2026

RMV ලොක්කා CID අත්අඩංගුවට! හේතුව් මෙන්න!

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කරන කමල් අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) මූල්‍ය විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කරන පරිදි, කැබ් රථයක චැසි අංකය (Chassis Number) නීති විරෝධී ලෙස සංශෝධනය කර එය ව්‍යාජ ලෙස ලියාපදිංචි කිරීම සඳහා ආධාර සහ අනුබල දීමේ චෝදනාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

කමල් අමරසිංහ මහතාව අද (28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

The post RMV ලොක්කා CID අත්අඩංගුවට! හේතුව් මෙන්න! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/soJ3RCP

Labels:

Friday, March 27, 2026

වාහන ආනයනය සීමා කරනවාද? මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

විදේශ විනිමය සංරක්ෂණය කිරීමේ අරමුණින් වාහන ආනයනය සීමා කිරීමට හෝ කප්පාදු කිරීමට රජයේ කිසිදු ක්ෂණික සැලසුමක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා (25) ප්‍රකාශ කළේය.

මහ බැංකු පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අධිපතිවරයා පෙන්වා දුන්නේ රටේ විදේශීය මූල්‍ය තත්ත්වය මේ වන විට ඉතා ස්ථාවර මට්ටමක පවතින බවයි. විශේෂයෙන්ම මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7ක සීමාව ඉක්මවා ගොස් ඇති බව ඔහු මෙහිදී අනාවරණය කළේය.

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ වුවද, විදේශ ප්‍රේෂණ ගලා ඒමේ අඩුවීමක් පිළිබඳව මෙතෙක් කිසිදු සලකුණක් දක්නට නොමැති බව අධිපතිවරයා පැවසීය. “වර්තමානයේ මැදපෙරදිග සේවය කරන ශ්‍රමිකයින් මහා පරිමාණයෙන් සේවයෙන් ඉවත් කිරීමක් හෝ මෙරටට එවනු ලබන මුදල්වල අඩුවීමක් අප දකින්නේ නැහැ” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෑතකදී සංචාරකයින්ගේ පැමිණීමේ යම් අඩුවීමක් දක්නට ලැබුණද, එය වත්මන් මූල්‍ය තත්ත්වය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරන කනස්සල්ලට කරුණක් නොවන බව මහ බැංකු අධිපතිවරයාගේ ස්ථාවරයයි. මෙම හිතකර මූල්‍ය පසුබිම තුළ, දැනට රට තුළට ගෙන්වනු ලබන වාහන හෝ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සීමා කිරීමේ ක්ෂණික අවශ්‍යතාවක් මතු නොවන බව ඔහු අවධාරණය කළේය.

The post වාහන ආනයනය සීමා කරනවාද? මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/t09naiL

Labels:

ට්‍රම්ප් ඉරානයට තවත් දින 10ක් කල්දෙයි 

රානයේ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර තවත් දින 10කින්, එනම් අප්‍රේල් මස 06 වනදා දක්වා දීර්ඝ කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

සිය ‘Truth Social’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ, ඉරාන බලධාරීන් කළ ඉල්ලීමක් සලකා බලා මෙම තීරණය ගත් බවයි. දෙපාර්ශවය අතර මේ වන විට පැවැත්වෙන රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා “ඉතා හොඳ මට්ටමක” පවතින බව ද ඔහු එහිදී වැඩිදුරටත් අනාවරණය කළේය.

පැය 48ක් ඇතුළත හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ බලාගාරවලට ප්‍රහාර එල්ලකරන බවට ජනපති ට්‍රම්ප් පසුගිය සෙනසුරාදා ඉරානයට අනතුරු අඟවා තිබුණි.

The post ට්‍රම්ප් ඉරානයට තවත් දින 10ක් කල්දෙයි  appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/73Mq8ke

Labels:

Thursday, March 26, 2026

යෝජනාවට එකඟ නොවුණහොත් ඉරානයට දැඩි ප්‍රහාර! අමෙරිකාව අනතුරු අඟවයි!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සාමයට කැමැත්ත පලකරන අතර සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉරානයට දරුණු ප්‍රහාරයකට මුහුණදීමට සිදුවනු ඇති බව ධවල මන්දිරයට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පවසන්නේ, මේ මොහොතේ ඉරානය යථාර්ථය පිළිගැනීමට අපොහොසත් වුවහොත් ඔවුන්ට පෙර කිසිදා නොවුවිරූ ලෙස ප්‍රහාරයකට මුහුණදීමට සිදුවනු ඇති බවය.

ධවල මන්දිරයේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවේදී එක්සත් ජනපද සාම සැලැස්ම ප්‍රතික්ෂේප කිරීමට ඉරානය කටයුතු කළහොත් ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව ප්‍රකාශ කර තිබේ. 

ඉරානයට එල්ල කරන ප්‍රහාර නතර කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊයේ දිනයේ දී සටන් විරාම කොන්දේසී ප්‍රකාශයට පත්කරනු ලැබීය.

අදාළ සටන් විරාමය සඳහා කොන්දේසී 15ක් අමෙරිකාව විසින් ඉරානයට ඉදිරිපත් කර ඇති අතර එම කොන්දේසීවලට කැමැත්ත පල කරන්නේ නම් සටන් විරාමයකට සූදානම් බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් අදාළ සටන් විරාම යෝජනා ප්‍රතික්ෂේප කරන ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරගච් ප්‍රකාශ කර ඇත්තේ, අමෙරිකාව සමඟ කිසිදු සාකච්ඡාවක් පැවැත්වීමට ඉරානය අදහස් නොකරන බවය.

අමෙරිකා එක්සත් ජනපදය විසින් මැදිහත්කරුවන් හරහා විවිධ පණිවුඩ යොමුකළ ද ඉරානයට අවශ්‍ය වන්නේ ස්ථීර අවසානයක් බව ඉරාන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

ඒ සඳහා ඉරානයට සිදුවු විනාශය සම්බන්ධයෙන් වන්දි ලබාදීම ඇතුළු ඉල්ලීම් 5ක් යොමුකිරීමට ද ඉරාන බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම මැදපෙරදිග පවතින්නේ ඉරාන යුද්ධයක් හෝ අමෙරිකානු යුද්ධයක් නොවන අතර ඊශ්‍රායලයේ අවශ්‍යතාවයට අමෙරිකාව කටයුතු කරමින් සිටින බව ඉරාන විදේශ අමාත්‍යවරයා පවසයි.

අමෙරිකාව බලාපොරොත්තු වු පරිදි ඉරානය යුදමය වශයෙන් පරාජය කිරීමට නොහැකි බවත් අසල්වැසි රටවල් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු උත්සාහය අසාර්ථක වී ඇති බවත් ඔහු ප්‍රකාශ කර තිබේ. 

මේ අතර මැදපෙරදිග යුද්ධය අවසන් කිරීමට සති 4ක් 6ත් අතර කාලයක් ගත වනු ඇති බවට ධවල මන්දිරය යළිත් ප්‍රකාශ කර ඇත.

ධවල මන්දිර  මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් ප්‍රකාශ කර ඇත්තේ, අමෙරිකානු ජනාධිපතිවරයාගේ චීන සංචාරයට පෙර යුදමය තත්ත්වය අවසන් වනු ඇති බවය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කල්දැමුණු චීන සංචාරය මැයි මස 14 සහ 15 යන දෙදින සිදුකිරීමට සැලසුම් කර ඇති බව ද ඇය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. 

මේ අතර මැදපෙරදිග රටවල් සමූහක් අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සමග යුද්ධයේදී ඉරානයේ හමුදා ක්‍රියාමාර්ග පිළිබදව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

කුවේට්, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, බහරේනය, සෞදි අරාබිය, කටාර් සහ ජෝර්දානය යන රටවල් ඉරාන ආක්‍රමණ දැඩි ලෙස හෙළා දකින බව අදාළ ප්‍රකාශ මගින් දැනුම් දී තිබේ.

මේ අතර මැද පෙරදිග ගැටුම්කාරී තත්ත්වය දැනටමත් පාලනයෙන් තොර වී ඇති බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ ලෝකය මේ වන විට මහපරිමාණ යුද්ධයක මුලට පැමිණ ඇති බවය.

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ගෙන යන මෙම යුද්ධය අවසන් කිරිමට මෙය සුදුසුම කාලය බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අවධාරණය කර තිබේ. 

The post යෝජනාවට එකඟ නොවුණහොත් ඉරානයට දැඩි ප්‍රහාර! අමෙරිකාව අනතුරු අඟවයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/nydAHOD

Labels:

Wednesday, March 25, 2026

ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයකට ප්‍රහාරයක්

ඉරානයේ පර්සියානු ගල්ෆ් වෙරළ තීරයේ පිහිටි බුෂේහ්ර් (Bushehr) න්‍යෂ්ටික බලාගාර පරිශ්‍රයට ප්‍රක්ෂේපණ ප්‍රහාරයක් එල්ල වී ඇති බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) අද (25) තහවුරු කළේය.

ඉරාන බලධාරීන් උපුටා දක්වමින් IAEA ආයතනය සඳහන් කළේ අදාළ ප්‍රක්ෂේපණය බලාගාරයේ ප්‍රධාන රියැක්ටරයට මීටර් 350ක් පමණ ආසන්නයේ පිහිටි ගොඩනැගිල්ලක පතිත වී ඇති බවයි.

මෙම ප්‍රහාරයෙන් බලාගාරයේ ක්‍රියාකාරීත්වයට හෝ එහි රියැක්ටරයට කිසිදු තාක්ෂණික හානියක් සිදුව නොමැති බව ඉරාන පරමාණුක බලශක්ති සංවිධානය අවධාරණය කරයි

The post ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයකට ප්‍රහාරයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/kBV512I

Labels:

Tuesday, March 24, 2026

පිඹුරා ගෙලෙහි දවටාගෙන නැටූ ‘අවුරුදු කුමරිය’ අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග

ප්‍රකට රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා විසින් කොළඹ රෝයල් මාස් එරීනා පරිශ්‍රයේදී සංවිධානය කරන ලද අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරගාවලියක් අතරතුර, ආරක්ෂිත සත්වයෙකු වන පිඹුරකු ගෙලෙහි දවටාගෙන නර්තනයේ යෙදුණු තරුණිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඩි.ජේ. ප්‍රේමරත්න මහත්මිය ඊයේ (23) වනජීවී දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

වනජීවී හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය කරමින් සත්වයෙකුට හිංසා වන පරිදි කටයුතු කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස අදාළ තරුණියට දැනුම් දී තිබුණද, ඇය එය මගහැරීම හේතුවෙන් වනජීවී නිලධාරීන් විසින් අධිකරණයට කළ කරුණු දැක්වීමකට අනුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

මෙම ආන්දෝලනාත්මක සිදුවීමට අදාළව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා තරගයේ ප්‍රධාන සංවිධායකවරයා වන චන්දිමාල් ජයසිංහ මහතාගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගැනීමට මහේස්ත්‍රාත්වරිය විසින් වනජීවී නිලධාරීන්ට වැඩිදුරටත් අවසර ලබා දී ඇත.

මෙරට නීතියට අනුව, මෙලෙස ආරක්ෂිත වන සතුන් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම හෝ ඔවුන්ට හිංසා වන අන්දමින් කටයුතු කිරීම දඬුවම් ලැබිය හැකි බරපතළ වරදක් බව වනජීවී දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

The post පිඹුරා ගෙලෙහි දවටාගෙන නැටූ ‘අවුරුදු කුමරිය’ අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/PqJmWSy

Labels:

රජයේ ආයතන සියල්ල සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක්

මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ මෙරටට ඉන්ධන ආනයනය කිරීමේදී මතුවිය හැකි බාධා සැලකිල්ලට ගනිමින්, පවතින සංචිත කළමනාකරණය කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් ඊයේ (23) නිකුත් කරන ලදී.

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යොමු කර ඇති මෙම උපදෙස් පත්‍රිකාවට අනුව, නිලධාරීන් රාජකාරි සඳහා පැමිණීමේදී තනි වාහන භාවිතය සීමා කළ යුතු අතර පොදු ප්‍රවාහනය හෝ කණ්ඩායම් ප්‍රවාහන සේවා (Staff Motors) භාවිතයට ප්‍රමුඛතාව ලබා දිය යුතුය. එසේම, තාක්ෂණික පහසුකම් පවතින්නේ නම් කාර්යාලයට නොකැඳවා මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ සේවය ලබා ගැනීමට කටයුතු කරන ලෙස ද දන්වා ඇත.

මේ අතර, කොළඹ පැවති උත්සවයකදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, දෛනිකව විදුලි ඉල්ලුම උපරිම වන පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියේය. ජාතික බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් මහජනයාට ආදර්ශයක් වෙමින් කටයුතු කළ යුතු බව ද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා සිය නිවේදනයෙන් අවධාරණය කර ඇත.

තනි තනි වාහන වෙනුවට පොදු ප්‍රවාහනය හෝ කණ්ඩායම් ප්‍රවාහන ක්‍රමවේද.

රැස්වීම් හා සාකච්ඡා ඔන්ලයින් ක්‍රමවේද ඔස්සේ සිදුකිරීම.

සියලු ලිපිලේඛන E-mail හෝ Whattsapp කිරීම.

හැකි සෑමවිටම Sky lights භාවිත කිරීම.

වායු සමීකරණ වෙනුවට විදුලි පංකා භාවිතය.

උදෑසන කාලයේ ජනෙල් විවෘත කිරීම සහ පැය 1ක් හෝ 2ක් වායු සමීකරණ යන්ත්‍ර අක්‍රීය කිරීම හා වායු සමීකරණයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 හෝ ඊට වැඩි අගයක් පවත්වා ගැනීම අනිවාර්යය වේ.

අධි ආරක්ෂක හා ආරක්ෂිත කලාප මාර්ගවල හැර සියලුම මාර්ගවල විදුලි පහන් නිවාදැමීම.

විදුලි සෝපානය වෙනුවට හැකිතාක් පියගැටපෙළ භාවිත කිරීම.

තාක්ෂණික පහසුකම් පවතී නම් කාර්ය මණ්ඩල කාර්යාලයට නොකැඳවා ඔන්ලයින් සේවය ලබාගැනීම.
නියමිත රාජකාරි වෙලාවෙන් පසුව හා සතිඅන්තයේ කාර්යාල වසා තැබීම.

The post රජයේ ආයතන සියල්ල සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/XfwZ0VE

Labels:

Monday, March 23, 2026

බස් ගාස්තු ඉහළ දැමීමට අදාළ යෝජනාව අද කැබිනට්ටුවට

ඩීසල් මිල ඉහළ යාම නිසා බස් ගාස්තු 10%කින් පමණ ඉහළ නැංවීමේ යෝජනාව අද (23) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.

ඒ අනුව අද දිනයේදි මෙම නව බස් ගාස්තුව සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ගැනීමටද නියමිතව තිබේ.

කෙසේ වෙතත් බස් ගාස්තු සංශෝධනය ඊයේ (22) දිනයේම සිදුවිය යුතු බව බස් සංගම් රැසක් සඳහන් කළ අතර ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉල්ලා බස් සංගම් නියෝජිතයින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට පැමිණියද ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බව ඔවුන් සඳහන් කළේය.

ඒ අනුව ඊයේ දිනයේදී අදාළ බස් ගාස්තු සංශෝධනය සිදු නොවුණු බැවින් අද දිනයේදී බස් ධාවනයෙන් ඉවත් වීමට කටයුතු කරන බවද බස් සංගම් පැවසීය.

මේ සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාද පැවසුවේ බස් ගාස්තු ඉහළ දමන තෙක් බස් ගාස්තු ධාවනය සිදු කිරීමටද හැකියාවක් නොමැති බවය.

The post බස් ගාස්තු ඉහළ දැමීමට අදාළ යෝජනාව අද කැබිනට්ටුවට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/LasxgCn

Labels:

මැයි මාසයේ ඉන්ධන මිල ගැන රජයෙන් අනාවැකියක්

මැද පෙරදිග යුදමය තත්ත්වය වර්ධනය වුවහොත් මැයි මාසයේදී දරාගත නොහැකි මට්ටමකින් ඉන්ධන මිල ඉහළ යා හැකි බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පාරිභෝජනය ස්වෙච්ඡාවෙන් සීමා කරගන්නා ලෙසය.

ඉන්ධන මිල ඉහළ නැංවීම පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට ඊයේ (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ අදහස් පළ කළේය.

ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදුකළ ද ඩීසල් ලීටරයකට රුපියල් 100ක් සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක සහනයක් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාම සහ නෞකා සඳහා වන ආරක්ෂක ගාස්තු ඉහළ යාම හේතුවෙන් මේ වන විට මෙරට ඉන්ධන මිලට ද දැඩි බලපෑම් එල්ල වී ඇති බවය.

“වෙන විදිය ගැන අපි කාටවත් පුරෝකථනය කරන්න බෑ. නමුත් ළඟ ළඟ මිල වැඩිවීම් කරන්න රජයේ බලාපොරොත්තුවක් නෑ. බලාපොරොත්තු වෙනවා යම් ප්‍රමාණයකට සමනය වේවි කියලා. එය තමා සුබදායි බලාපොරොත්තුව එහෙම නොවුණොත් මැයි මාසයේ පළමු දිනට යෙදෙන මිල වැඩිවීමේ දී දරාගත නොහැකි මිල වැඩිවීමක් කරන්න සිදුවේවි.”

The post මැයි මාසයේ ඉන්ධන මිල ගැන රජයෙන් අනාවැකියක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/SPbIrmZ

Labels:

Sunday, March 22, 2026

බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි

දිවයින පුරා පෞද්ගලික බස් රථවලින් සියයට 90ක් පමණ අද (22) දිනයේදී ධාවනයෙන් ඉවත් වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය නිවේදනය කරයි.

ඊයේ (21) දින ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතයකින් ඉන්ධන මිල ඉහළ දැමීමට රජය පියවර ගැනීම හේතුවෙන් බස් රථ හිමියන් මෙම තීරණයට එළඹ ඇති බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.

මේ හේතුවෙන් කඩිනම් බස් ගාස්තු සංශෝධනයක් සිදු කරන තෙක් ධාවන කටයුතු සීමා කිරීමට ඔවුන් අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

The post බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/VtqPNv3

Labels:

බස් ධාවනය අඩාළ වීමේ අවදානමක්

පෞද්ගලික බස් රථ සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව මෙතෙක් නිසි පරිදි සකසා නොමැති වීම හේතුවෙන් එළඹෙන සඳුදා (23) දින බස් රථ ධාවනය සැලකිය යුතු ලෙස අඩාල විය හැකි බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ප්‍රවාහන බලධාරීන් මේ සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව ඔහු පෙන්වා දෙයි.

ඇතැම් ප්‍රදේශවල ලංගම ඩිපෝ හරහා පෞද්ගලික බස් රථවලට ඉන්ධන ලබා දුන්නද, තවත් බොහෝ ඩිපෝවල ඉන්ධන නොමැති බව පවසා ඉන්ධන ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බව විජේරත්න මහතා සඳහන් කළේය.

මේ පිළිබඳව අදහස් දැක්වූ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා,

“තාමත් බස් රථවලට අවශ්‍ය ඉන්ධන කෝටාව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හදලා නෑ. දුර ගමන් බස් රථ 1700කට විතර ජාතික ගමනාගමන කොමිෂන් සභාව හරහා හදලා දීලා තිබෙනවා. පළාත් සභාවලට ඒ දත්තයන් අරන් තියෙනවායි කියලා කියනවා. මේවා තාමත් සිද්ධ වෙලා නෑ. ලංගම ඩිපෝවලින් ඉන්ධන ලබා දෙනවා ඇතැම් ප්‍රදේශවල නමුත් අනිත් ප්‍රදේශවල ඩිපෝවට ගියාම ඉන්ධන නෑ. මේක බරපතළ ප්‍රශ්නයක්. සඳුදා වෙනකොට අපිට බස් ධාවනය කරන්න හැකියාවක් නැහැ. බොහෝ දුරට බස් රථ සේවාව 50% දක්වා අඩාළ වේවි. ගිය සතියේ අපේ බස්රථවල ඉන්ධන තිබුණා. දැන් මේ වෙනකොට ඒ ඉන්ධන ඉවරයි. අධිකාරිවලින් දැනුම්දීලා තිබෙනවා ඩිපෝවලට ගිහිල්ලා තෙල් ගහන්න කියලා. දවල්කාලේ ඩිපෝවලට තෙල් ගහන්න ගියොත් බස් රථ දුවන්න වෙන්නේ නැහැ. මේක තාමත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට, ප්‍රවාහන බලධාරීන්ට දින කිහිපයක් වෙලා මේක විසඳගන්න තවම හැකියාවක් ලැබිලා නැහැ.”

The post බස් ධාවනය අඩාළ වීමේ අවදානමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/oJHdWak

Labels:

Saturday, March 21, 2026

“බියගුල්ලනි අපි මෙය මතක තියා ගන්නවා” – ට්‍රම්ප්ගෙන් නෙටෝ රටවලට දැඩි ප්‍රතිචාරයක්

ඉරාන යුද්ධයට එක්වීමට හෝ හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව වෙනුවෙන් හමුදා යෙදවීමට අපොහොසත් වීම හේතුවෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නේටෝ (NATO) සංවිධානයේ සෙසු සාමාජික රටවලට දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබේ.

සිය ‘Truth Social’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ඇමෙරිකා එක්සත් ජනපදය නොමැතිව නේටෝ සංවිධානයට කිසිදු බලයක් නොමැති බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ “දැන් එම සටන යුදමය වශයෙන් ජයග්‍රහණය කර තිබෙනවා. ඔවුන්ට ඉතා සුළු අවදානමක් පවතින මොහොතක, ඔවුන්ට ගෙවීමට සිදුවී ඇති අධික තෙල් මිල ගැන ඔවුන් මැසිවිලි නගනවා. නමුත් අධික තෙල් මිලට එකම හේතුව වූ හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට උදව් වෙන්න ඔවුන්ට අවශ්‍ය නැහැ. එය ඉතා සරල යුදමය මෙහෙයුමක්.. ඔවුන්ට එය කිරීම ඉතා පහසුයි, අවදානමකුත් නැහැ. බියගුල්ලනි, අපි මෙය මතක තබා ගන්නවා” ලෙසය.

The post “බියගුල්ලනි අපි මෙය මතක තියා ගන්නවා” – ට්‍රම්ප්ගෙන් නෙටෝ රටවලට දැඩි ප්‍රතිචාරයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/uQcWzYy

Labels:

Friday, March 20, 2026

දසුන් ,පැතුම් ,චමීර සහ දුනිත්ට ක්‍රිකට් ආයතනයෙන් අවසර ලැබෙයි

න්දීය ප්‍රිමියර් ලීග් (IPL) සහ පාකිස්ථාන සුපර් ලීග් (PSL) තරගාවලි සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් සිව්දෙනෙකුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල අවසරය (NOC) ලබා දී තිබේ.

මෙවර IPL තරගාවලියේදී දිල්ලි කැපිටල්ස් (Delhi Capitals) කණ්ඩායම නියෝජනය කිරීම සඳහා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට අවසර හිමිව ඇත.

තරගාවලියට පෙර ඔවුන් දෙදෙනාම සිය ශාරීරික යෝග්‍යතාවය (Fitness) ඉහළ මට්ටමක පවත්වාගෙන යාම හේතුවෙන් ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන තිබේ.

මේ අතර පාකිස්ථාන සුපර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීමට හිටපු නායක දසුන් ශානක සහ තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට අවසර හිමිව තිබේ. ඔවුන් දෙදෙනාම මෙවර තරගාවලියේදී ලාහෝර් ක්ලැන්ඩර්ස් (Lahore Qalandars) කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතය.

The post දසුන් ,පැතුම් ,චමීර සහ දුනිත්ට ක්‍රිකට් ආයතනයෙන් අවසර ලැබෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/jtN4bCu

Labels:

Thursday, March 19, 2026

අද ඉන්ධන ලබා ගත හැකි වාහන මෙන්න

ජාතික ඉන්ධන අවසර පත්‍රය (QR) යටතේ වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කම පදනම් කරගනිමින් ඉන්ධන නිකුත් කිරීමේ නව වැඩපිළිවෙළ අද (19) සිට ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

අද (19) ඔත්තේ දිනයක් බැවින්, වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කම 1, 3, 5, 7, 9 යන ඔත්තේ සංඛ්‍යාවන්ගෙන් අවසන් වන වාහන සඳහා පමණක් ඉන්ධන නිකුත් කරනු ලැබේ.

අංක තහඩුවේ අවසානය 0 හෝ ඉරට්ටේ අංකයක් වන වාහන සඳහා ඉරට්ටේ දිනවලදී අවස්ථාව හිමිවේ.

The post අද ඉන්ධන ලබා ගත හැකි වාහන මෙන්න appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/hiZqvwK

Labels:

Wednesday, March 18, 2026

ඊශ්‍රායලයේ සේවය කර දැනට නිවාඩු ලබා සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්

නිවාඩු ලබා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා ඊශ්‍රායලයෙන් බැහැරව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ නැවත ඇතුළුවීමේ වීසා (Re-entry Visa) වලංගු කාලසීමාව 2026 අප්‍රේල් මස 30 වනදා දක්වා දීර්ඝ කර ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

නාපතිවරයා පෙන්වා දෙන්නේ 2026 පෙබරවාරි 28 සිට අප්‍රේල් 21 අතර කාලය තුළ කල් ඉකුත් වූ හෝ කල් ඉකුත් වීමට නියමිත වීසා බලපත්‍ර මේ අනුව ස්වයංක්‍රීයවම අප්‍රේල් 30 දක්වා වලංගු වන බවයි. මේ සඳහා ශ්‍රමිකයින් විසින් වෙනම අයදුම් කිරීමක් අවශ්‍ය නොවන අතර, යාවත්කාලීන කරන ලද වලංගුභාවය ඊශ්‍රායලයේ ජනගහන හා ආගමන අධිකාරියේ පද්ධතිය තුළ සටහන් වනු ඇත. එම කාලසීමාව තුළ දේශසීමා හරහා නැවත ඊශ්‍රායලයට ඇතුළුවීමට බාධාවක් නොමැති බව ද තානාපතිවරයා තහවුරු කරයි.

මේ අතර, ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලය වෙත තවදුරටත් ප්‍රහාර එල්ල කිරීමේ දැඩි අවදානමක් පවතින බවට තානාපතිවරයා අනතුරු ඇඟවීමක් ද සිදු කළේය. විශේෂයෙන්ම ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශවල පිහිටි හමුදාමය සහ ආර්ථික මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල විය හැකි බවට එරට ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව, එම ප්‍රදේශවල ජීවත් වන ජනතාවට ආරක්ෂක උපදෙස් අනුගමනය කරන ලෙසත්, සයිරන් හඬ නාද වන අවස්ථාවලදී ආසන්නතම ආරක්ෂිත ස්ථාන වෙත යාමට කඩිනම් පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටී.

ආරක්ෂිත ස්ථාන නොමැති අවස්ථාවලදී, ශක්තිමත් බිත්ති ඇති ස්ථානයක ආවරණය ලබා ගැනීමත්, විදුරු දොරවල් හා ජනෙල්වලින් දුරස්ව සිටීමත් අත්‍යවශ්‍ය බවද වැඩිදුරටත් උපදෙස් දී ඇත.

The post ඊශ්‍රායලයේ සේවය කර දැනට නිවාඩු ලබා සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/VDjWEte

Labels:

Tuesday, March 17, 2026

බොරතෙල් මිල තවදුරටත් ඉහළට

ආසියානු වෙළෙඳපොළේ අද (17) පෙරවරුවේ බොරතෙල් මිල සැලකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර වෙළෙඳපොළ දත්ත වාර්තා කරයි.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල (Brent Crude) 2.8%කින් ඉහළ ගොස් ඇති අතර, එහි බැරලයක මිල ඩොලර් 103.08ක් ලෙස සටහන් විය. මීට අමතරව අමෙරිකානු බොරතෙල් මිල ද (WTI) 3%කින් පමණ ඉහළ ගොස් බැරලයක් ඩොලර් 96.25ක් ලෙස වාර්තා වී තිබේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්ධන නෞකා කිහිපයක් ආරක්ෂිතව ගමන් කළ බවට වාර්තා වීමත් සමඟ ඊයේ (16) දිනයේ බොරතෙල් මිල සුළු වශයෙන් පහත වැටුණ ද, අද වන විට එය යළි ඉහළ යාම විශේෂත්වයකි.

බලශක්ති අවශ්‍යතා සඳහා ප්‍රධාන වශයෙන් ගල්ෆ් කලාපයේ තෙල් මත යැපෙන ජපානය සහ දකුණු කොරියාව ඇතුළු ආසියානු රටවල කොටස් වෙළෙඳපොළ දර්ශක අද (17) දිනයේ සුළු වශයෙන් ඉහළ අගයකින් ආරම්භ වී තිබේ.

The post බොරතෙල් මිල තවදුරටත් ඉහළට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/g3x04Lv

Labels:

Monday, March 16, 2026

ඩුබායි ගුවන්තොටුපොළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසන්නයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් සහ ඉන් හටගත් ගින්න හේතුවෙන් එහි ගුවන් ගමන් මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවා තිබේ.

මගී ආරක්ෂාව වෙනුවෙන් ගත් මෙම තීරණයත් සමඟ සිය ගුවන් ගමන් පිළිබඳ තොරතුරු ලබාගැනීමට අදාළ ගුවන් සමාගම් අමතන ලෙස සංචාරකයින්ට උපදෙස් දී ඇත.

ප්‍රහාරයෙන් ජීවිත හානි වාර්තා නොවන අතර ගින්න මැඩපැවැත්වීමට සහන කණ්ඩායම් මේ වන විට කටයුතු කරමින් සිටියි.

The post ඩුබායි ගුවන්තොටුපොළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/edFZQNV

Labels:

Sunday, March 15, 2026

වාහන ආනයනයට අදාළව නිකුත් කෙරුණු ගැසට්ටුවක් අවලංගු කරයි

1988 අංක 83 දරන පනතින් සංශෝධිත (235 වැනි අධිකාරය) වන රේගු ආඥා පනතේ 10 (අ) වගන්තිය යටතේ පනවන ලද 2026 ජනවාරි මස 31 දිනැති අංක 2473/31 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශිත නියමය, 2026 අප්‍රේල් මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරමින් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධනය අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව නව රේගු නිවේදනයක් නිකුත් කර තිබේ.

පසුගියදා (12) මෙම නිවේදනය නිකුත් කර ඇත.

වාහන ආනයනය සඳහා අදාළ රේගු ආනයන තීරු බද්ද මත සාමාන්‍ය හෝ වරණීය පදනමින් වූ පනවන ලද 50%ක් වූ අධිභාරයේ වලංගු කාලය 2026 පෙබරවාරි මස 01 සිට 2026 දෙසැම්බර් 31 දක්වා වන කාලසීමාවක් සඳහා බලපැවැත්වෙන පරිදි, තවදුරටත් දීර්ඝ කරමින් 2026 ජනවාරි 31 දින අංක 2473/31 දරන අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබුණි.

මේ අනුව එම ගැසට් නිවේදනයේ නියමයන් පසුගියදා (12) දින ප්‍රකාශයට පත් කරන ලද අංක 2479/55 දරන නව අති විශේෂ ගැසට් නිවේදනය මගින් අවලංගු වනු ඇත.

The post වාහන ආනයනයට අදාළව නිකුත් කෙරුණු ගැසට්ටුවක් අවලංගු කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/92cqAHv

Labels:

උණුසුම් කාලගුණය මැයි අග දක්වා

දිස්ත්‍රික්ක රැසකට මේ දිනවල බලපා ඇති උෂ්ණාධික කාලගුණික තත්ත්වය එළැඹෙන මැයි 25 වැනිදා තෙක් පැවතිය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබේ.

ඒ හේතුවෙන් පාසල් ක්‍රීඩකයන්ට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ, ක්‍රීඩා කටයුතු දැඩි අව් රශ්මිය මැද සිදුනොකරන ලෙසය. 

මෙරටට බලපෑ ඇති අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය දිනවලට සාපේක්ෂව මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින්නේ දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක්ය.‍

ඒ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත්, මොනරාගල සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමකට පැමිණ ඇත.

එම අගය උණුසුම් දර්ශකයට අනුව 45 අගය ඉක්මවූ එනම් ‘වැඩි අවධානයක්’ යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

The post උණුසුම් කාලගුණය මැයි අග දක්වා appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ydX4tH1

Labels:

අද සිට ඉන්ධන නිකුත් කිරීම QR ක්‍රමයට

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් දිනෙන් දින ඉන්ධන සැපයුම් මාර්ග අඩපන වෙමින් තිබීමත් රට තුළ ඉන්ධන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යමින් තිබීම හේතුවෙන් රට තුළ පවතින ඉන්ධන සංචිත ප්‍රවේශම් කරගතව යුතුව ඇති බැවින් ඉන්ධන ලබා ගැනීම සඳහා නැවත QR කේතය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ අද (15) උදෑසන 06.00 සිට බලපැවැත්වෙන පරිදී ඉන්ධන මිලදී ගැනීම සඳහා මෙම QR කේතය ක්‍රියාත්මක කරන බවය.

ඒ අනුව දිවයිනේ සියලු ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීමේදී මෙම QR කේතය භාවිත කළ යුතුව ඇති බවත් QR කේතය නොමැතිව කිසිදු අවස්ථාවක ඉන්ධන ලබා ගැනීමට අවස්ථාවක් නොමැති බවත් බලශක්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

පෙර ලියාපදිංචි වී සිටි සහ විස්තර වෙනස් නොවූ පාරිභෝගිකයින්: 2026 මාර්තු 14 මධ්‍යම රාත්‍රියේ සිට https://fuelpass.gov.lk/ වෙබ් අඩවිය ඔස්සේ තමන්ට හිමි කේතය භාගත කරගත හැකිය.

විස්තර වෙනස් වූ හෝ අලුතින් ලියාපදිංචි විය යුතු පාරිභෝගිකයින්: වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී ඇති පාරිභෝගිකයින් සහ මින් පෙර ලියාපදිංචි නොවූ පාරිභෝගිකයින් 2026 මාර්තු 15 උදෑසන 6.00 සිට එම වෙබ් අඩවියේ නැවත ලියාපදිංචි විය යුතුය.

The post අද සිට ඉන්ධන නිකුත් කිරීම QR ක්‍රමයට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/9PplnGt

Labels:

Saturday, March 14, 2026

ඉරානයේ ප්‍රධානම බොරතෙල් අපනයන පර්යන්තයට ප්‍රහාරයක්

ඉරානයේ ‘ඛනිජ තෙල් ජීවනාලිය’ ලෙස සැලකෙන කාර්ග් දූපත (Kharg Island) ඉලක්ක කරගනිමින් අමෙරිකානු මධ්‍යම අණදෙන ඒකකය (CENTCOM) විසින් ප්‍රබල බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබේ. මැදපෙරදිග ඉතිහාසයේ එල්ල වූ ප්‍රබලතම බෝම්බ ප්‍රහාරයක් ලෙස මෙය හැඳින්වෙන අතර, කාර්ග් දූපතේ පිහිටි සෑම ඉරාන හමුදා ඉලක්කයක්ම සම්පූර්ණයෙන්ම විනාශ කළ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ‘Truth Social’ ගිණුම හරහා තහවුරු කළේය.

ඉරාන වෙරළට නාවික සැතපුම් 15ක් පමණ දුරින් පිහිටි සැතපුම් 5ක පමණ දිගින් යුත් මෙම කුඩා දූපත ඉරානයේ ප්‍රධානතම බොරතෙල් අපනයන පර්යන්තයයි. ඉරානය සිය බොරතෙල් අපනයනයෙන් 90%ක්ම සිදුකරන්නේ මෙම දූපත හරහා වන අතර, ඉරානයේ විශාලතම තෙල් ගැණුම්කරුවා වන චීනය වෙත තෙල් ප්‍රවාහනය කරන්නේ ද මෙම මධ්‍යස්ථානයෙනි.

මෙම ප්‍රහාරයේදී දූපතේ ඇති ඉන්ධන යටිතල පහසුකම්වලට හානි නොකිරීමට තීරණය කළ බව පවසන ජනාධිපති ට්‍රම්ප්, ඉරානය හෝ වෙනත් ඕනෑම පාර්ශවයක් හෝමූස් සමුද්‍ර සන්ධියේ නෞකා ගමනාගමනයට බාධා කළහොත් එම තීරණය වහාම වෙනස් කර තෙල් පර්යන්ත ද විනාශ කරන බවට අනතුරු ඇඟවීය.

විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ කාර්ග් දූපතේ පාලනය අත්පත් කර ගැනීම සඳහා විශේෂ හමුදා ඒකක හෝ මැරීන් භටයින් (Marines) යැවීමට ජනාධිපති ට්‍රම්ප් සිය අවධානය යොමු කර ඇති බවයි. මේ වන විටත් නාවික යාත්‍රා සහ මැරීන් භටයින් 2,500ක අතිරේක බලඇණියක් මැදපෙරදිග කලාපයට යොමු කර තිබේ.

The post ඉරානයේ ප්‍රධානම බොරතෙල් අපනයන පර්යන්තයට ප්‍රහාරයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/LO59QZ8

Labels:

Friday, March 13, 2026

රටේ අනාගතය ගැන හිටපු ජනපති මහින්දගෙන් කියයි

මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුද වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අනාගතයට දැඩි බලපෑම් එල්ල විය හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

තිස්සමහාරාම, අකුරුගොඩ සිරි මංගල විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවයට එක්වීමෙන් අනතුරුව, මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් පවතින කතාබහ පිළිබඳව ද හිටපු ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වීය. ඔහු අවධාරණය කළේ රජය විසින් කළ යුත්තේ සුරේෂ් සලේ මහතා රට වෙනුවෙන් ඉටුකළ සේවය ඇගයීමට ලක් කිරීම මිස, ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම නොවන බවයි.

තම පාලන කාලය තුළ රජය කටයුතු කළ ආකාරය සිහිපත් කළ රාජපක්ෂ මහතා, සම්බුද්ධ ශාසනය සැමවිටම ප්‍රමුඛස්ථානයේ තබා රාජ්‍ය පාලනය මෙහෙයවූ බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

The post රටේ අනාගතය ගැන හිටපු ජනපති මහින්දගෙන් කියයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/zuBXN3t

Labels:

පවතින ඉන්ධන තොග පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ප්‍රකාශයක්

මෙම මස තුළ මෙරටට ළඟාවන බවට තහවුරු කර ඇති ඉන්ධන නෞකාවල ඉන්ධන තොගවලින් එළඹෙන අප්‍රේල් අග දක්වා ප්‍රමාණවත් ඉන්ධන රටට ලැබෙනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් එහි කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා මේ බව ප්‍රකාශ කළේය. 

“අද දිනය වනවිට කොළඹ වරායේ බොර තෙල් නෞකාවක් බාමින් තිබෙනවා. දින 18 පමණ සරිලන ප්‍රමාණයේ ඉන්ධ නිෂ්පාදනය කළ හැකි බොර තෙල් නෞකාවක්. ඊට අමතරව තවත් නෞකා 4ක් මේ මාසයේ පැමිණීමට ස්ථිරකර තිබෙනවා. 14, 15 කියන දිනයන් හි  ඒ නැව් එනවා. එකේ ඩීසල් මෙට්‍රික්ටොන් 19,000ක් සම පෙට්‍රල් මෙට්‍රික්ටොන් 21,000ක් තියෙනවා. ඒ වගේම  17 සහ 18 කියන දවස් දෙකේ තවත් නෞකාවක් එනවා. එකේ ඩීසල් සහ පෙට්‍රල් මෙට්‍රික්ටොන් 20,000 බැගින් තිබෙනවා. ඒ දෙකෙම එන්නේ සිංගප්පූරුවෙන්. ඊට පස්සේ 21 සහ 22 දිනයනවල ඩීසල් සහ පෙට්‍රල් නැවක් එන්න තියෙනවා ඒක එන්නේ ඉන්දියාවෙන්. ඊට පස්සේ 27, 28 කියන දෙදින තුළ ඉන්දියාවෙන් පෙට්‍රල් මෙට්‍රික්ටොන් 35,000කුත් ඒ වගේම 29 සහ 30 කියන දවස්වල ඩීසල් මෙට්‍රික්ටොන් 37,000ක් සිංගප්පූරුයෙන් ලංකාවට ඒමට නියමිතව තිබෙනවා. ඒ අනුව, ගත්විට මේ මාසයේ අපි ඇනවුම්කරන ලද සියලුම නෞකා මේ වෙද්දි ස්ථිර කරලා තියෙනවා එන බවට. ඒ වගේම ඉන් කිහිපයක් ලංකාවට පිටත් වෙලා තියෙනවා. මේ එන නෞකාවල ගත්තාම අපේ තෙල් තියෙනවා ඊළඟ මාසේ අවසාන සතිය වෙනතුරු තියෙනවා.”

The post පවතින ඉන්ධන තොග පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ප්‍රකාශයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/5CAbgNU

Labels:

Thursday, March 12, 2026

යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් කොන්දේසි තුනක් පනවයි

කලාපය වෙළාගෙන ඇති යුද ගැටුම් අවසන් කර සාමය ස්ථාපිත කිරීම සඳහා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් විසින් ප්‍රධාන කොන්දේසි තුනක් ජාත්‍යන්තර ප්‍රජාව වෙත ඉදිරිපත් කර තිබේ.

සාමය උදා කර ගැනීම සඳහා අදාළ සියලු පාර්ශවයන් මෙම කරුණු කෙරෙහි කඩිනම් අවධානය යොමු කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ඔහු කොන්දේසි ලෙස ඉදිරිපත් කර ඇත්තේ,

ඉරානයේ නීත්‍යානුකූල අයිතිවාසිකම් පිළිගැනීම එනම් ඉරාන පාලනයේ ස්වෛරීභාවය සහ අයිතීන් ජාත්‍යන්තර මට්ටමින් තහවුරු කළ යුතු බව.

සිදුවූ විනාශයන් වෙනුවෙන් සාධාරණ වන්දි මුදලක් ගෙවීමට පියවර ගැනීම.

අනාගතයේදී මෙවැනි ආක්‍රමණ හෝ ප්‍රහාරයන් යළි සිදු නොවන බවට ස්ථිර ජාත්‍යන්තර ඇපකර සහ සහතිකයන් ලබාදීම.

The post යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් කොන්දේසි තුනක් පනවයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Upn4bus

Labels:

Wednesday, March 11, 2026

ජනපති ජනතාවට දුන් සහතිකය

කුමන බාහිර බලපෑම් එල්ල වුවද මෙරට බලශක්ති සැපයුම කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය අවශ්‍ය සියලු පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

ඊයේ පස්වරුවේ කොළඹ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

“මම හිතන්නේ කිසිදු ජගතෙකුට පුරෝකථනය කරන්න පුළුවන් තත්ත්වයක් ලෝකයේ නැහැ. යුද්ධයට මැදිහත් වෙලා ඉන්න පාර්ශවකරුවන්ටත් පුරෝකථනය කරන්න බැහැ. මාස දෙකකට වඩා වැඩිය යුද්ධය යනවා. ඒ නිසා අපි ඔබට සහතිකයක් දෙන්නම් මේ මාස දෙකේ බලශක්ති සැපයුම අඛණ්ඩව ලබාදෙන්න අපි වගවෙනවා. මිල උච්චාවචනය විය හැකියි. මම තෙල් ළිං අයිතිකාරයෙක්, මට ලාභ ගන්න වැඩිකරනවා නෙමෙයි මේ. එහෙම නැත්නම් තෙල් සමාගමක ඒජන්තයෙක් මට ලාභ ලාබාගනීම සඳහා තෙල් වැඩිකරනවා නෙමෙයි. මම තෙල් සමාගම නෙමෙයි කවර සමාගමකවත් ඒජන්තයෙක් නෙමෙයි. හැබැයි අපිට වගකීමක් තියෙනවා ආණ්ඩුවක් විදිහට මේ බලශක්ති සැපයුම අඛණ්ඩව සිදුකරන්න. ඒ සැපයුම සඳහා අවශ්‍ය මූල්‍ය උපායන් සියල්ල අපි සකස් කරනවා. අභ්‍යන්තරව ඇතිවන කම්මපනයට අපිට මුහුණ දෙන්න පුළුවන්කම ලැබුණා. හැබැයි බාහිර කම්පනයට මුහුණ දෙන්න තව ටිකක් කල් යයි මේ ගොඩනැගෙමින් තිබෙන වෙලාවක් අපිට කම්පනයක් ඇතිකරලා තියෙනවා.”   

The post ජනපති ජනතාවට දුන් සහතිකය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/GRZnXFu

Labels:

Tuesday, March 10, 2026

මැදපෙරදිග යුද්ධයේ නිමාව ගැන ඇහෙන සුබ පුවත

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. ඉරානයට එරෙහි ප්‍රහාර තව කොපමණ කාලයක් පවතිනු ඇත්දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙම යුද්ධය මෙම සතිය තුළ අවසන් නොවනු ඇති නමුත්, ඉරානයට මේ වන විටත් සිය නායකයා ඇතුළු බොහෝ දෑ අහිමි වී ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ඉරානයේ න්‍යෂ්ටික සහ මිසයිල මධ්‍යස්ථාන සියල්ලම පාහේ මේ වන විට විනාශ කර ඇති බව ද ඔහු මෙහිදී අනාවරණය කළේය.

ඉරානය සතුව මේ වන විට ඉතිරිව ඇත්තේ ඉතා ස්වල්ප යුද ශක්තියක් පමණක් බවත්, එයද ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවත් ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේය.

The post මැදපෙරදිග යුද්ධයේ නිමාව ගැන ඇහෙන සුබ පුවත appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/nuvr650

Labels:

Monday, March 9, 2026

සමාජ මාධ්‍ය කැළඹූ අපරීක්ෂාකාරී 19 හැවිරිදි යතුරුපැදිකරු නීතියේ දැලට හසුවෙයි

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වූ, මහමඟ ගමන් ගන්නා ජනතාවට සහ සෙසු රථවාහනවලට දැඩි අවදානමක් එල්ල කරමින් අපරීක්ෂාකාරී ලෙස යතුරුපැදියක් ධාවනය කිරීමේ සිදුවීමකට අදාළව 19 හැවිරිදි තරුණයෙකු නවගත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ආණමඩුව ප්‍රදේශය දෙසට මෙම යතුරුපැදිය ධාවනය කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ඊයේ (08) සවස් කාලයේදී සැකකරු අත්අඩංගුවට ගෙන අදාළ යතුරුපැදිය ද සිය භාරයට ගැනීමට කටයුතු කර ඇත.

මාර්ග නීති උල්ලංඝනය කරමින් අන්තරායදායක ලෙස රිය පදවා සෙසු රියදුරන්ට සහ මගීන්ට අනතුරක් සිදු කිරීම මෙන්ම සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීම යන බරපතළ චෝදනා යටතේ මෙම සැකකාර තරුණයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබේ.

නවගත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු අද (09) දින ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, නවගත්තේගම පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

The post සමාජ මාධ්‍ය කැළඹූ අපරීක්ෂාකාරී 19 හැවිරිදි යතුරුපැදිකරු නීතියේ දැලට හසුවෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/lZX4ykH

Labels:

ඉන්දියාව 20-20 කිරුළ රැකගනී

නවසීලන්ත කණ්ඩායම ලකුණු 96කින් පරාජය කර මෙවර විස්සයි20 ලෝක ශූරයන් ලෙසින් කිරුළු පැලදීමට ඉන්දියාව අද (8) සමත් විය.

අහ්මදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ ඉන්දියාවෙන් හිමිවූ ලකුණු 256ක අතිදැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස නවසීලන්තයට පන්දුවාර 19කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 159ක් පමණි.

එහිදී, ටිම් සයිෆර්ට් ලකුණු 52ක්ද, නායක මිචෙල් සැන්ට්නර් ලකුණු 43ක්ද රැස් කළා.

පන්දු යැවීමේදී ඉන්දියාව වෙනුවෙන්, ජස්ප්‍රිත් බුම්රා කඩුළු 04ක්ද, අක්ෂර් පටෙල් කඩුළු 03ක්ද, හාර්ඩික් පාණ්ඩ්‍යා, අභිෂේක් ෂර්මා, වරුන් චක්‍රවර්ති එක් කඩුල්ල බැගින්ද දවාගත්තා.

ඉන්දියාව විස්සයි20 ලෝක ශූරයන් බවට අඛණ්ඩව පත්වූ දෙවන අවස්ථාව මෙය වන අතර, මේ දක්වා ඔවුන් තෙවරක් ලෝක ශූරයන් බවට පත්ව තිබේ.

The post ඉන්දියාව 20-20 කිරුළ රැකගනී appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/6woNWhT

Labels:

Sunday, March 8, 2026

නවසීලන්ත නායකයා අවසන් මහා තරගය ගැන කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය

2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක අවසන් මහා තරගය අද (08) අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

වත්මන් ලෝක ශූර ඉන්දියාව සහ කුළුඳුල් ලෝක කුසලානයක් අපේක්ෂාවෙන් පසුවන නවසීලන්තය අතර පැවැත්වෙන මෙම මහා සංග්‍රාමය පිළිබඳව නවසීලන්ත නායක මිචෙල් සැන්ටිනර් ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේය.

සැන්ටිනර් පවසන්නේ ලක්ෂයකට අධික ඉන්දීය ප්‍රේක්ෂකයන් පිරි මැද ඔවුන්ව “නිහඬ කරවමින්” (Silencing the crowd) සිය කුළුඳුල් ලෝක ශූරතාව දිනා ගැනීමට තම කණ්ඩායම සූදානම් බවයි. තමන් සතුව පවතින ලෝක ශූරතාව රැකගැනීමේ පීඩනය ඉන්දීය කණ්ඩායමට ප්‍රබලව දැනෙනු ඇති බවත්, අද දිනයේ පිතිකරණයට උචිත තණතීරුවක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

The post නවසීලන්ත නායකයා අවසන් මහා තරගය ගැන කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Wj0XRqT

Labels:

Saturday, March 7, 2026

කමේනි ඝාතනය කළ ආකාරය හෙළිවෙයි

ලොවම කැළඹූ ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමේ සූක්ෂ්ම මෙහෙයුම පිළිබඳව ඉන්දීය සහ විදෙස් මාධ්‍ය විසින් අතිශය සංවේදී තොරතුරු රැසක් අනාවරණය කර තිබේ. ඊශ්‍රායලයේ ‘මොසාඩ්’ (Mossad) බුද්ධි අංශය සහ එහි ‘Unit 8200’ නම් තාක්ෂණික ඒකකය එක්ව මෙම මෙහෙයුම සැලසුම් කර ඇති ආකාරය මින් පැහැදිලි වෙයි.

ඊශ්‍රායලය විසින් ටෙහෙරාන් නුවර ආරක්ෂක කැමරා පද්ධතියට (CCTV) අනවසරයෙන් ඇතුළු වී, කමේනිගේ දෛනික ගමන් බිමන්, රථවාහන ගාල් කරන ස්ථාන සහ ආරක්ෂක නිලධාරීන්ගේ වැඩමුර පවා ඉතා සමීපව නිරීක්ෂණය කර ඇත.

ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේදී කමේනිගේ කාර්යාලයේ දුරකථන සහ සන්නිවේදන පද්ධති අක්‍රිය කිරීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබේ. මේ සඳහා එරට සිටි ඔත්තුකරුවන්ගේ සහාය ද ලැබී ඇති බව වාර්තා වේ.

ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් ටෙහෙරානයේ පිහිටි නායකත්ව සංකීර්ණයේ වූ අලි කමේනිගේ භූගත හමුදා බංකරය ඉලක්ක කර ප්‍රබල ප්‍රහාරයක් එල්ල කර ඇත.

මෙම ඝාතනය පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී සැලසුම් කර ඇති අතර, එය ක්‍රියාත්මක කිරීමට මාස 6ක කාලයක් අපේක්ෂා කළ ද සැලසුම් කළ කාලයට පෙර ඉලක්කය සපුරා ගැනීමට ඊශ්‍රායලයට හැකි වී තිබේ.

ඊශ්‍රායල ආරක්ෂක ඇමති  ඊශ්‍රායල් කැට්ස්,

“කමේනි ඝාතනය කිරීමට අපි තීරණය කළේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදි. ඒ ගැන අපේ හමුදාව සහ මොසාඩ් සංවිධානය සමග සාකච්ඡා කළා. ඒ වගේම අගමැති නෙතෙන්යාහු සහ ජනාධිපති ට්‍රම්ප් අතර ඉන් පසුව පැවති සාකච්ඡාවලදි මේ ගැන කතා වුණා. ඉරානයේ විරෝධතා ආරම්භ වුණේ ඒ අතර. ඉරානය අපිට කලින් පහර දෙයි කියලා අපිට සැකයක් කොහොමත් තිබුණා. මේ වගේ මෙහෙයුමක් අවශ්‍ය බවට තහවුරු වුණේ ඒකත් එක්ක.”

මැදපෙරදිග කලාපය නොසන්සුන් කරමින් අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානය වෙත ප්‍රහාර ආරම්භ කර අදට සතියකි.

වසර 40කට ආසන්න කාලයක් අයෝමය හස්තයකින් ඉරානය පාලනය කළ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ද ඇතුළුව 1,332 දෙදෙනෙක් එරටට එල්ල වූ දැවැන්ත ප්‍රහාරවලින්, මේ වනවිටත් මියගොස් අවසන් ය.

ඉරාන රතු අඩසඳ සංවිධානයට අනුව යුද්ධයෙන් ඉරානයේ සිවිල් වැසියන්ගේ නිවාස 3090ක් වැනසී ඇති අතර ඊට අමතරව ඔසුසල් හා රතු අඩසඳ මධ්‍යස්ථාන ද ඇතුළුව ස්ථාන 600කට පමණ හානි සිදුව තිබේ.

අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානය වෙත එල්ල කරන ප්‍රහාර දැඩි කර ඇති අතර, අමෙරිකානු මධ්‍යම විධානය නිවේදනය කළ පරිදි ගෙවුණු පැය 72 අතරතුර එල්ල කළ ඇති ප්‍රහාර ගණන 200කට අධිකය.

මේ අතර ඉරානයේ නව නායකයා පත්කරන්නේ තම අභිමතය පරිදි පමණක් බවත්, කමේනිගේ පුතු එරට අධ්‍යාත්මික නායකයා ලෙස පත්කිරීමට තමන් විරුද්ධ බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

මේ අතර ඉරානය ද අසල්වැසි රටවල් වෙත එල්ල කරන ප්‍රහාර තවත් දැඩි කර තිබේ.

ඒ අනුව ඔවුන් පසුගියදා ඊශ්‍රායලයේ ටෙල් අවීව් වෙත එල්ල කළ ප්‍රහාර සඳහා පළමුවරට ඉරානයේ නිපදවූ කරම්ෂා 4 කෘෘස් මිසයිල යොදාගත් බවට ඉරානය පවසයි.

එම ප්‍රහාරය බවට සැලකෙන වීඩියෝ දර්ශන පෙළක්ද සමාජ මාධ්‍යවල සංසරණය වී තිබුණි.

කෙසේ නමුත් ඊශ්‍රායලය පවසන්නේ ඉරානය එල්ල කළ කිසිදු ප්‍රහාරයකින් තම රටට දැඩි හානි සිදුනොවූ බවය.

ඉරානයේ නිපදවූ කරම්ෂා මිසයිල සැලකෙන්නේ එක්වර ස්ථාන කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කළ හැකි අති නවීන මිසයිලයක් ලෙසය.

කිලෝ මීටර් 2000ක උපරිම දුරක් ගමන් කළ හැකි මෙම මිසයිලයට ටොන් 1.5ක් බරැති පුපුරණ ද්‍රව්‍ය රැගෙන යා හැකි බව සඳහන් වෙයි.

The post කමේනි ඝාතනය කළ ආකාරය හෙළිවෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/1WJdrBt

Labels:

Friday, March 6, 2026

IRIS Bushehr නෞකාවේ සිටි 204ක් ආරක්ෂිතව කොළඹ වරායට (ඡායාරූප)

ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ නැංගුරම්ලා තිබූ ඉරාන නාවික හමුදාවට අයත් ‘IRIS Bushehr’ නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 204 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරක්ෂිතව කොළඹ වරායට රැගෙන ඒමට පියවර ගෙන තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අදාළ නෞකාවේ සිටි 208 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයෙන් බහුතරයක් මෙලෙස ආරක්ෂිතව ගොඩබිමට රැගෙන ආ බවයි.

මේ සම්බන්ධයෙන් ඊයේ (05) විශේෂ ප්‍රකාශයක් සිදුකළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ, දැනට මුහුදේ පවතින එම නෞකාව ද ත්‍රිකුණාමලය වරාය වෙත ගෙන ඒමට රජය අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි.

The post IRIS Bushehr නෞකාවේ සිටි 204ක් ආරක්ෂිතව කොළඹ වරායට (ඡායාරූප) appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/32sfH40

Labels:

ඉන්දියානුවන්ගේ හදගැස්ම මොහොතකට නතර කළ ජේකබ් බෙතෙල්ගේ උත්සහය අවසන් මොහොතේ අපතේ යයි! පන්දුවාර 40 තුළදී ලකුණු 499ක්!

2026 පන්දුවාර 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියාව සමත් වුණා.

ඒ අද (05) එංගලන්තය සමග පැවති අවසන් පූර්ව වටය ලකුණු 7කින් ජය ගැනීමෙන්.

එහිදී ඉන්දියාව ලබාදුන් ලකුණු 254ක ඉලක්කය හඹා ගිය එංගලන්ත පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 246ක් පමණයි.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ජේකබ් බෙතෙල් ලකුණු 105ක් රැස් කළ අතර, විල් ජැක්ස් ලකුණු 35ක්ද , ජෝස් බට්ලර් ලකුණු 25ක්ද රැස් කළා.

පන්දු යැවීමේදී ඉන්දියාව වෙනුවෙන්, හාර්ඩික් පාණ්ඩ්‍යා කඩුළු 02ක්ද, අර්ෂ්දීප් සිං, ජස්ප්‍රිත් බුම්රා, වරුන් චක්‍රවර්ති, අක්ෂර් පටෙල් එක් කඩුල්ල බැගින් දවාගත්තා.

අද තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 253ක් රැස් කළා.

ඒ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී යාමෙන්.

මෙහිදී ඉන්දියාව වෙනුවෙන් සංජු සැම්සන් ලකුණු 89ක්ද, ශිවම් ඩුබේ ලකුණු 41ක්ද රැස් කළා.

පන්දු යැවීමේදී ආදිල් රෂීඩ්, විල් ජැක්ස් කඩුළු 02 බැගින්ද, ජොෆ්රා ආචර් එක් කඩුල්ලක්ද දවාගත්තා.

The post ඉන්දියානුවන්ගේ හදගැස්ම මොහොතකට නතර කළ ජේකබ් බෙතෙල්ගේ උත්සහය අවසන් මොහොතේ අපතේ යයි! පන්දුවාර 40 තුළදී ලකුණු 499ක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/YB9P1uX

Labels:

Thursday, March 5, 2026

මෙරට ජනප්‍රියම පුවත්පතක මුද්‍රණය නවතී

වසර 14කට වැඩි කාලයක් මෙරට පලවූ ‘මව්බිම’ දිනපතා පුවත්පත හෙට සිට මුද්‍රිත මාධ්‍යයෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

ඒ අනුව මින් ඉදිරියට මව්බිම දිනපතා පුවත් වාර්තාකරණය ඩිජිටල් වේදිකා හරහා පමණක් නිකුත් කරන බව සඳහන්.

මෙම තීරණය පිළිබඳව මව්බිම කළමනාකාරීත්වය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ පාඨකයන් පුවත් පරිභෝජනය කරන ආකාරය වේගයෙන් වෙනස් වීම හේතුවෙන් මෙම නව ප්‍රවණතාවන්ට අනුගත වීමට ආයතනය තීරණය කර ඇති බවය.

ඩිජිටල් අවකාශය තුළ වඩාත් නව්‍ය වූ ක්‍රමවේද හරහා සුපුරුදු විශ්වසනීයත්වයෙන් යුතුව පුවත් සැපයීමට කටයුතු සූදානම් කර ඇති බවත් දිනපතා පුවත්පත ඩිජිටල් මුහුණුවරක් ගත්තද, ‘ඉරිදා මව්බිම’ පුවත්පත අඛණ්ඩව මුද්‍රිත මාධ්‍යයෙන් සෑම සති අන්තයකම පාඨකයන් අතට පත් කෙරෙන බවත් නිවේදනයේ සදහන්ය.

දිනපතා මව්බිම පුවත්පත මෙතෙක් කල් වගකීම් සහගතව සහ ස්වාධීනව කටයුතු කළ බවත්, එම ගමනට විශ්වාසය තැබූ පාඨකයන්ට ස්තුතිය පළ කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

The post මෙරට ජනප්‍රියම පුවත්පතක මුද්‍රණය නවතී appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ZtMUHEm

Labels:

Wednesday, March 4, 2026

TIN අංකය ලබා නොගත්තොත් ලෙඩ ගොඩයි! අප්‍රේල් සිට තවත් සේවා රැසකට TIN අංකය අත්‍යවශ්‍ය වෙයි!

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සම්මත වීමෙන් අනතුරුව මහජනතාවට අත්‍යවශ්‍ය වන සේවාවන් රැසක් සඳහා බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) අනිවාර්ය කිරීමට රජය තීරණය කර තිබේ.

නව සංශෝධන ක්‍රියාත්මක වීමත් සමඟ එදිනෙදා ජීවිතයට වැදගත් වන මූල්‍ය සහ දේපළ ගනුදෙනු රැසකදී TIN සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වනු ඇත.

ඒ අනුව යම් මූල්‍ය ආයතනයක යම් ගිණුමක් විවෘත කිරීම, ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමතය ලබා ගැනීම, මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීම සහ බලපත්‍රය අලුත් කිරීම, ඉඩමක් හෝ ඉඩමක හිමිකමක් ලියාපදිංචි කිරීම, ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම, පැවරුම්ලාභියකු විසින් ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම සහ ණය කාඩ්පත් ලබාගැනීම යන කාර්යයන් සඳහා එය ඉදිරිපත් කළ යුතුය.

The post TIN අංකය ලබා නොගත්තොත් ලෙඩ ගොඩයි! අප්‍රේල් සිට තවත් සේවා රැසකට TIN අංකය අත්‍යවශ්‍ය වෙයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/urN5pwQ

Labels:

Tuesday, March 3, 2026

රියාද් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට ඩ්‍රෝන ප්‍රහාරයක්

සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට ඩ්‍රෝන යානා දෙකක් මගින් ප්‍රහාර එල්ල වූ බව සෞදි ආරක්ෂක අමාත්‍යාංශය අද (03) නිල වශයෙන් තහවුරු කළේය.

මෙම ප්‍රහාරය හේතුවෙන් තානාපති කාර්යාල ගොඩනැගිල්ලට සුළු දේපළ හානි සිදුව ඇති අතර, එම ස්ථානයේ සීමිත ගින්නක් ද හටගෙන තිබේ.

කෙසේ වෙතත්, වහා ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ සහ ගිනි නිවන ඒකක මැදිහත් වී ගින්න පාලනය කර ඇති අතර, සිද්ධියෙන් කිසිදු පුද්ගල මරණයක් වාර්තා වී නොමැත.

The post රියාද් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට ඩ්‍රෝන ප්‍රහාරයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/WaUTu6Q

Labels:

රුසියානු ජනාධිපති පුටින්ගෙන් අනතුරු ඇඟවීමක්

අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානය ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මැදපෙරදිග කලාපය පුරා මහා පරිමාණ යුද්ධයක් ඇතිවීමේ බරපතල අවදානමක් පවතින බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවයි.

ඊයේ (01) ගල්ෆ් කලාපයේ ප්‍රබල රාජ්‍ය නායකයින් සිව්දෙනෙකු සමඟ දුරකථන සාකච්ඡාවල නිරත වෙමින් ඔහු මේ බව අවධාරණය කර තිබේ.

විශේෂයෙන්ම සවුදි අරාබියේ මොහොමඩ් බින් සල්මාන් කුමරු සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ක්‍රෙම්ලිනය ප්‍රකාශ කර ඇත්තේ, දැනටමත් අරාබි රටවල් කිහිපයකට බලපා ඇති මෙම ගැටුම තවදුරටත් ව්‍යාප්ත වීමෙන් මුළු මහත් ලෝකයටම දරුණු විපාක ඇති විය හැකි බවයි.

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීම සහ අමෙරිකා-ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාර රුසියාව දිගින් දිගටම දැඩි ලෙස හෙළා දැක තිබේ.

The post රුසියානු ජනාධිපති පුටින්ගෙන් අනතුරු ඇඟවීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/TJ3QXUK

Labels:

Monday, March 2, 2026

නූතන යුද ඉතිහාසයේ දරුණුම කෙටි කාලීන මෙහෙයුම ඇමෙරිකාවෙන්! පළමු පැය 24 තුළ ඉරානයේ ඉලක්ක 1,000කට ප්‍රහාර!

මෙහෙයුමේ පළමු පැය 24 තුළ පමණක් ඉරානයේ ඉලක්ක 1,000කට අධික ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර ඇති බව අමෙරිකානු ආරක්ෂක අංශ තහවුරු කර තිබේ.

එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා (US Central Command) ප්‍රකාශ කර ඇති පරිදි, මෙම ප්‍රහාර මාලාව සඳහා අතිනවීන රහසිගත බෝම්බ හෙලන යානා (Stealth Bombers), ඩ්‍රෝන යානා, ප්‍රහාරක ජෙට් යානා සහ මිසයිල නාශක පද්ධති විශාල වශයෙන් යොදාගෙන ඇත.

ඉරානයේ හමුදා ශක්තිය අඩපණ කිරීමේ අරමුණින් දියත් කළ මෙම ප්‍රහාරයන්හි ප්‍රධාන ඉලක්ක බවට පත්ව ඇත්තේ ඉරාන හමුදාවේ අණ සහ පාලන මධ්‍යස්ථාන, බැලැස්ටික මිසයිල ගබඩා කර ඇති ස්ථාන සහ ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) ඒකාබද්ධ මූලස්ථානයයි.

මෙම ප්‍රහාරයන් මගින් ඉරානයේ ආරක්ෂක ජාලයට සහ සන්නිවේදන පද්ධතියට දැඩි හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මැදපෙරදිග කලාපයේ බල තුලනය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව දියත් කළ මෙම මෙහෙයුම, නූතන යුද ඉතිහාසයේ කෙටි කාලයක් තුළ එල්ල කළ දරුණුතම ප්‍රහාර මාලාවක් ලෙස සැලකේ.

The post නූතන යුද ඉතිහාසයේ දරුණුම කෙටි කාලීන මෙහෙයුම ඇමෙරිකාවෙන්! පළමු පැය 24 තුළ ඉරානයේ ඉලක්ක 1,000කට ප්‍රහාර! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/6xYDRB7

Labels:

අදට යෙදුණු මැදින් පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම

ශ්‍රී සම්බුද්ධ ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ මැදින් පුර පසළොස්වක පොහොය අද(02)යි.

ඉන් වැදගත්ම සිදුවීම වන්නේ බුදුරජාණන් වහන්සේ සිය පියාණන් වූ සුද්ධෝදන රජු සහ ශාක්‍ය වංශික ඥාතීන් දැකීමට මහාසංඝයා වහන්සේ සමග කිඹුල්වත්නුවර බලා වැඩම කරවීමයි.

ලෝකාන්ත චර්ය්‍යාවේ යෙදුණු බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරට වැඩම කලේ විසිදදහසක් ආර්ය මහා සංඝරත්නය පිරිවරාගෙනයි.

රජගහ නුවර වේළුවනාරාමයේ සිට බුදුන්වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කිරීමට හේතුවුයේ සුද්දෝධන රජතුමා ප්‍රමුඛ සාක්‍ය වංශිකයින්ට දහම්සුවය අත්කර දීමේ අරමුණින්. ගෞතම බුදුරජාණන් වහන්සේට ඒ සඳහා ආරාධනා කලේ සුද්ධෝදන රජතුමාගේ ප්‍රධානම ඇමතිවරයෙකු වූ කාළුදායි ඇමති විසිනුයි.

උපන්බිමට වැඩම කරන බුදුරාජාණන් වහන්සේ දුටු සාක්‍යයන් තම මානයෙන් උදම්වී ගියා. එම නිසා බාල දරුවන් පමණක් බුදුරාජාණන් වහන්සේට නමස්කාර කිරීමට යැවූ සාක්‍ය වැඩිහිටියන් පසුපසට වී බලාසිටියා. ද්‍යානයට සමවැදුණු බුදුරජාණන් වහන්සේ එකවරම අහසට නැග සිය දේහ‍යෙන් ජල ධාරා හා ගිණි ජාලා මතුකරමින් යමා මහා පෙළහර දැක්වූවා.

මානයෙන් උදම්ව සිටි සාක්‍යයන් බුදුසරණ ගොස් සත්‍ය අවබෝධ කරගත්තේ සුද්ධෝදන රජතුමා තුන්වන වරටත් සිය පුතුට වැද නමස්කාර කරද්දීයි. රාහුල කුමරු සම්බුද්ධ ශාසනයට ඇතුලත් වන්නේ ද බුදුරජාණන් වහන්සේගේ මෙම කිඹුල්වත් පුරට වැඩම කිරීමේදීයි.

The post අදට යෙදුණු මැදින් පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/m7hTQYs

Labels:

Sunday, March 1, 2026

ලෝක තෙල් සැපයුම අවදානමක! ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය සියලුම නෞකා සඳහා වසා දමයි!

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති උග්‍ර යුදමය නොසන්සුන්තාවය හමුවේ, ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් කරන සියලුම නෞකා සඳහා එය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

ලෝකයේ දෛනික බොරතෙල් සැපයුමෙන් විශාල ප්‍රතිශතයක් ගමන් කරන මෙම තීරණාත්මක සමුද්‍රීය මාර්ගය වසා දැමීමත් සමඟ ජාත්‍යන්තර වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාමේ දැඩි අවදානමක් මතුව ඇත.

මෙම පියවරත් සමඟ ඉදිරි පැය කිහිපය තුළ ජාත්‍යන්තර වෙළඳපොළේ ඉන්ධන මිල තීරණාත්මක ලෙස වෙනස් වීමේ හැකියාවක් පවතී.

The post ලෝක තෙල් සැපයුම අවදානමක! ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය සියලුම නෞකා සඳහා වසා දමයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/9QpH5Ty

Labels:

ගුවන් ගමන් ගැන කටුනායක ගුවන් තොටුපොළෙන් විශේෂ දැනුම්දීමක්

මැදපෙරදිග කලාපය තුළ පවතින උග්‍ර යුදමය නොසන්සුන්තාවය සැලකිල්ලට ගනිමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ (BIA) සිට මැදපෙරදිග රටවල් බලා පිටත්ව යාමට නියමිතව තිබූ සියලුම ගුවන් ගමන් අද (01) පස්වරු 5:00 දක්වා තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

ඉරානය ඇතුළු රටවල් කිහිපයක ගුවන්තොටුපොළවල් ඉලක්ක කරගනිමින් එල්ල වන ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම හදිසි පියවර ගත් බව බලධාරීන් සඳහන් කරයි.

මේ හේතුවෙන් මැදපෙරදිග බලා පිටත්ව යාමට සිටි මගීන් විශාල පිරිසක් ගුවන්තොටුපොළ පරිශ්‍රයේ රැඳී සිටින අතර, ගුවන් ගමන් පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා අදාළ ගුවන් සමාගම් අමතන ලෙස මගීන්ගෙන් ඉල්ලා සිටී.

The post ගුවන් ගමන් ගැන කටුනායක ගුවන් තොටුපොළෙන් විශේෂ දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/5FqODzc

Labels:

අයතුල්ලා අලි කමේනි ඝාතනය වූ බවට ඉරාන මාධ්‍ය තහවුරු කරයි

අයතුල්ලා අලි කමේනි ඝාතනය කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය පළමු වරට අනාවරණය කර තිබේ.

එමෙන්ම මෙම ප්‍රහාරයෙන් ඉරාන උත්තරීතර නායකයාගේ දියණිය, බෑණා, මුනුපුරාද ජීවිතක්ෂයට පත්වූ බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අතර කමේනිගේ ඝාතනය හේතුවෙන් එරට දින 40ක මහජන ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ද තීරණය කර ඇතැයි ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත.

මින් පෙර ඊශ්‍රායල අගමැතිවරයා සහ අමෙරිකානු ජනාධිපතිවරයා අලි කමේනි ඝාතනය වූ බවට අදහස් දැක්වූ නමුත් ඉරානය එය ප්‍රතික්ෂේප කර තිබුණි.

The post අයතුල්ලා අලි කමේනි ඝාතනය වූ බවට ඉරාන මාධ්‍ය තහවුරු කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/b3jRCyF

Labels:

ඉරාන උත්තරීතර නායක කමේනි මිය ගොස් ඇති බවට ට්‍රම්ප්ගෙන් සටහනක්

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව සිදුකළ ප්‍රහාර හේතුවෙන් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජීවිතක්ෂයට පත්වූ බව අමෙරිකානු ජනාධිපති පවසයි.

සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ ඉතිහාසයේ වඩාත්ම නපුරු මිනිසුන්ගෙන් කෙනෙකු වූ කමෙයිනි ජීවිතක්ෂයට පත්වූ බවය. 

කෙසේ වෙතත් මේ සම්බන්ධව මෙතෙක් ඉරාන මාධ්‍ය විසින් තහවුරු කර නොමැති අතර ඔවුන් පවසන්නේ ඔහු ජීවත්ව සිටින බවය.

The post ඉරාන උත්තරීතර නායක කමේනි මිය ගොස් ඇති බවට ට්‍රම්ප්ගෙන් සටහනක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/jxnoYwA

Labels: