https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: රියාද් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට ඩ්‍රෝන ප්‍රහාරයක්

Tuesday, March 3, 2026

රියාද් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට ඩ්‍රෝන ප්‍රහාරයක්

සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට ඩ්‍රෝන යානා දෙකක් මගින් ප්‍රහාර එල්ල වූ බව සෞදි ආරක්ෂක අමාත්‍යාංශය අද (03) නිල වශයෙන් තහවුරු කළේය.

මෙම ප්‍රහාරය හේතුවෙන් තානාපති කාර්යාල ගොඩනැගිල්ලට සුළු දේපළ හානි සිදුව ඇති අතර, එම ස්ථානයේ සීමිත ගින්නක් ද හටගෙන තිබේ.

කෙසේ වෙතත්, වහා ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ සහ ගිනි නිවන ඒකක මැදිහත් වී ගින්න පාලනය කර ඇති අතර, සිද්ධියෙන් කිසිදු පුද්ගල මරණයක් වාර්තා වී නොමැත.

The post රියාද් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට ඩ්‍රෝන ප්‍රහාරයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/WaUTu6Q

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home