https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: ගුවන් ගමන් ගැන කටුනායක ගුවන් තොටුපොළෙන් විශේෂ දැනුම්දීමක්

Sunday, March 1, 2026

ගුවන් ගමන් ගැන කටුනායක ගුවන් තොටුපොළෙන් විශේෂ දැනුම්දීමක්

මැදපෙරදිග කලාපය තුළ පවතින උග්‍ර යුදමය නොසන්සුන්තාවය සැලකිල්ලට ගනිමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ (BIA) සිට මැදපෙරදිග රටවල් බලා පිටත්ව යාමට නියමිතව තිබූ සියලුම ගුවන් ගමන් අද (01) පස්වරු 5:00 දක්වා තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

ඉරානය ඇතුළු රටවල් කිහිපයක ගුවන්තොටුපොළවල් ඉලක්ක කරගනිමින් එල්ල වන ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම හදිසි පියවර ගත් බව බලධාරීන් සඳහන් කරයි.

මේ හේතුවෙන් මැදපෙරදිග බලා පිටත්ව යාමට සිටි මගීන් විශාල පිරිසක් ගුවන්තොටුපොළ පරිශ්‍රයේ රැඳී සිටින අතර, ගුවන් ගමන් පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා අදාළ ගුවන් සමාගම් අමතන ලෙස මගීන්ගෙන් ඉල්ලා සිටී.

The post ගුවන් ගමන් ගැන කටුනායක ගුවන් තොටුපොළෙන් විශේෂ දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/5FqODzc

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home