https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: සාමාන්‍ය පෙළ අවසන් දිනයේ සිසුන්ගේ හැසිරීම ගැන පොලිසිය දැඩි අවධානයෙන්

Thursday, February 26, 2026

සාමාන්‍ය පෙළ අවසන් දිනයේ සිසුන්ගේ හැසිරීම ගැන පොලිසිය දැඩි අවධානයෙන්

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (26) දින අවසන් වීමට නියමිතයි.

විභාගය අවසන් වීමෙන් පසු සිසුන් කළහකාරී සිදුවීම්වලට මැදිහත් වීම වැළැක්වීම සඳහා පොලිසිය විශේෂ ආරක්ෂක පියවර රැසක් ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, පසුගිය වසරවල දත්ත විශ්ලේෂණය කිරීමේදී විභාගය අවසන් වන දිනයේ සිසුන් කළහකාරී ලෙස හැසිරීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වී ඇති බවයි.

ඒ අනුව, මෙවැනි තත්ත්වයන් පාලනය කිරීම සඳහා පොලිසිය දැනටමත් සැලසුම් සකස් කර ඇති අතර, තම දරුවන් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙස පොලිසිය දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරනවා.

සිසුන් මෙවැනි අහිතකර ක්‍රියාවලට පෙළඹීම වැළැක්වීම සඳහා දෙමාපියන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බව ද සඳහන්.

The post සාමාන්‍ය පෙළ අවසන් දිනයේ සිසුන්ගේ හැසිරීම ගැන පොලිසිය දැඩි අවධානයෙන් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Ky8ciz9

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home