https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: මැලේසියාවට ප්‍රබල භූකම්පනයක්

Monday, February 23, 2026

මැලේසියාවට ප්‍රබල භූකම්පනයක්

මැලේසියාවේ බෝර්නියෝ දූපතේ සබා ප්‍රාන්තය ආශ්‍රිතව රික්ටර් මාපකයේ ඒකක 7ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) සඳහන් කර ඇත්තේ මෙම ප්‍රබල කම්පනය ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකටම දැනී ඇති බවයි.

මෙම භූකම්පනය හේතුවෙන් මේ දක්වා කිසිදු ජීවිත හානියක් හෝ බරපතළ දේපළ හානියක් සිදුව ඇති බවට වාර්තා වී නොමැති බව මැලේසියානු බලධාරීන් පවසයි.

එමෙන්ම, මෙම කම්පනය හේතුවෙන් මුහුදු ප්‍රදේශයේ සුනාමි තර්ජනයක් හටගැනීමේ අවදානමක් නොමැති බව ද නිල වශයෙන් තහවුරු කර ඇත.

The post මැලේසියාවට ප්‍රබල භූකම්පනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/qNxwV7d

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home