https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: ලංගමට නවක සේවකයින් බඳවා ගැනීම ගැන තීරණයක්

Tuesday, February 17, 2026

ලංගමට නවක සේවකයින් බඳවා ගැනීම ගැන තීරණයක්

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ (ලංගම) සියලු තනතුරු සඳහා සේවකයන් අන්තර්ග්‍රහණය කිරීම මින් ඉදිරියට සුදුසුකම් සහ පළපුරුද්ද මත පමණක් සිදුකරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

මෙම නව වැඩපිළිවෙල හරහා බඳවා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් මෙන්ම විනිවිදභාවයකින් යුතුව සිදුකිරීම රජයේ අරමුණ වී තිබේ.

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ සියලුම ලංකා ගමනා ගමන මණ්ඩල ප්‍රාදේශීය කාර්යාල මට්ටමින් මෙම නව බඳවා ගැනීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

The post ලංගමට නවක සේවකයින් බඳවා ගැනීම ගැන තීරණයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ea7Y5vu

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home