දෙව්නිමෝරි සර්වඥ ධාතූන්වහන්සේ වන්දනාව අවසන්
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් සොයාගනු ලැබූ සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමේ පුණ්‍ය මහෝත්සවය අද (11) පෙරවරු 6.00ට නිල වශයෙන් අවසන් කෙරුණි.
පසුගිය 5 වැනිදා සිට කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වුණු මෙම ධාතු වන්දනාව සඳහා දිවයිනේ නන්දෙසින් පැමිණි අතිමහත් බැතිමතුන් පිරිසක් පසුගිය දින කිහිපය පුරාම සහභාගී වූහ.
අද පෙරවරුවේ දෙව්නිමෝරි සර්වඥ ධාතූන් වහන්සේ වෙනුවෙන් විශේෂ තේවාවන් පැවැත්වීමෙන් අනතුරුව, පෙරවරු 9.45ට පමණ රිය පෙරහරකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත වැඩම කරවීමට නියමිතව ඇත.
ගංගාරාමාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් සඳහන් කළේ, ගුවන් තොටුපොළ වෙත වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේ විශේෂ ගුවන් යානයකින් අද දිනම යළි ඉන්දියාව බලා වැඩම කරවන බවයි.
The post දෙව්නිමෝරි සර්වඥ ධාතූන්වහන්සේ වන්දනාව අවසන් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/ZgFtKTa
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home