ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහීව ලෝක කුසලාන ගමන අරඹයි! පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක්!
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම, අයර්ලන්තයට එරෙහිව අද (8) රාත්‍රියේ පැවැති තරගයෙන් ලකුණු 20ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් විය.
ශ්‍රී ලංකාව ලබාදුන් ලකුණු 164ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 19.5කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 143ක් පමණි.
ඒ අනුව විස්සයි20 තරග බිමේ අයර්ලන්තයට එරෙහිව මෙතෙක් පවත්වාගෙන ආ අපරාජිත වාර්තාව තවදුරටත් රැකගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ අතර, දෙරට අතර පැවැති සිව්වන විස්සයි20 තරගය මෙය වීම ද විශේෂත්වයකි.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂ දස්කම් දැක්වූ මහීෂ් තීක්ෂණ ලකුණු 23කට කඩුලු 3ක් සහ වනිඳු හසරංග ලකුණු 25කට කඩුලු 3ක් දවාගනිමින් අයර්ලන්ත ඉනිම අඩපණ කිරීමට සමත් වූහ.
ඔවුන්ට අනගි සහයක් ලබාදුන් දුෂ්මන්ත චමීර සහ දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැගින් බිඳහෙළමින් ශ්‍රී ලංකාවේ මෙම ජයග්‍රහණය තහවුරු කිරීමට දායකත්වය ලබා දුන්හ.
The post ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහීව ලෝක කුසලාන ගමන අරඹයි! පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක්! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/u1OVXRS
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home