https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: සනත් බලා සිටියදී නදීම් බිඳ දැමූ සනත්ගේ වාර්තාව

Friday, February 13, 2026

සනත් බලා සිටියදී නදීම් බිඳ දැමූ සනත්ගේ වාර්තාව

විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවීමට ඕමාන ක්‍රීඩක මොහොමඩ් නදීම් ඊයේ (12) සමත් වුණා.

ඒ විස්සයි20 ලෝක කුසලාන තරග ඉතිහාසයේ ඉතිහාසයේ අර්ධ ශතකයක් රැස්කළ වයස්ගතම පිතිකරුවා බවට පත්වෙමිනි.

ශ්‍රී ලංකාවට එරෙහිව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේදී ඔහු පන්දු 56ක් තුළ ලකුණු 53ක් රැස් කිරීමට සමත් විය. මෙම සුවිශේෂී ඉනිම ක්‍රීඩා කරන විට නදීම්ගේ වයස අවුරුදු 43යි දින 161ක් ලෙස සටහන් විය.

මෙම දක්ෂතාවත් සමඟ ඔහු බිඳදමනු ලැබුවේ වසර 17ක් පුරා නොබිඳී පැවති ශ්‍රී ලංකා සුපිරි පිතිකරු සනත් ජයසූරිය තබා තිබූ වාර්තාවකි.

වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන සනත් ජයසූරිය, 2009 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 81ක් රැස්කරමින් මෙම වාර්තාව පිහිටුවා තිබුණි. එම අවස්ථාවේදී ජයසූරියගේ වයස අවුරුදු 39යි දින 345ක් වූ අතර, වසර ගණනාවකට පසු ඕමාන ක්‍රීඩකයෙකු අතින් එම වාර්තාව අලුත් වීම කැපී පෙනෙන සිදුවීමකි.

The post සනත් බලා සිටියදී නදීම් බිඳ දැමූ සනත්ගේ වාර්තාව appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/MlzGxjJ

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home