https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: November 2025

Sunday, November 30, 2025

ගුවන්තොටුපොළ වෙත එන මගීන්ට විශේෂ දැනුම්දීමක්

‍බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය තවදුරටත් භාවිතා කරන ලෙස උපදෙස් දී තිබේ.

ඒ රට පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගුවන්තොටුපළ ප්‍රවේශ මාර්ග කිහිපයකට ගං වතුර බලපෑම් එල්ලව් ඇති බැවින්ය. 

මීට අමතරව මෙම කාලය තුළ ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ තදබදය අවම කරගැනීම සඳහා, අමුත්තන් පර්යන්තයට රැගෙන නොඑන ලෙස ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (පුද්ගලික) සමාගම මගීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ වුවද ගුවන් තොටුපළ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට සඳහා පැමිණෙන ගුවන් මගීන්ගේ සහයෝගය සහ අවබෝධය අගය කරන බවද ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (පුද්ගලික) සමාගම පවසයි. 

The post ගුවන්තොටුපොළ වෙත එන මගීන්ට විශේෂ දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/DVBF9Nw

Labels:

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කරයි

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පත් කර තිබේ.

2025 අංක 1 දරන හදිසි අවස්ථා (විවිධ විධිවිධාන හා බලතල) නියෝග 11(1) විධිවිධාන අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කර තිබේ.

අත්‍යවශ්‍ය සේවා සැපයීම සහ පවත්වාගෙන යාමට අදාළ සියලු ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සහ සම්බන්ධීකරණය අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා වෙත පැවරේ.

ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ වන විට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කරයි.

The post අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/HWMLEGe

Labels:

මාවිල්ආරු සොරොව්ව සහ බැම්ම අවදානම් තත්ත්වයක

මහවැලි ගඟේ ජල ප්‍රමාණය දරාගත නොහැකි තරමට ඉහළ ගොස් ඇති හෙයින්, මාවිල්ආරු සොරොව්ව සහ මාවිල්ආරු ජලාශයේ බැම්ම මේ වන විට අවදානම් තත්ත්වයක පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් අජිත් ගුණසේකර පවසනවා.

මාවිල්ආරු සොරොව්ව සහ මාවිල්ආරු ජලාශයේ බැම්ම ඇත්ත වශයෙන්ම අවදානම් තත්ත්වයක පවතින බවත්, කෙසේවෙතත් සොරොව්ව හෝ බැම්ම බිඳී යනු ඇතැයි අපේක්ෂා නොකරන බවද වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

නමුත්, මහවැලි ගඟේ ජලය අධික වේගයකින් ගලා යාම, මෙන්ම එම ප්‍රදේශයට ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් මාවිල්ආරු ජලාශය හා අවට ප්‍රදේශය එකම ජලාශයක් ලෙස දිස්වන බවත්, මේ නිසා සොරොව්ව හෝ වේල්ල කැඩී යාමේ අවදානමක් පවතින බවයි ඔහු පැවසුවේ.

වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මාවිල්ආරු ජලාශයෙන් පහළ ජීවත් වන ජනතාවගෙන් අවදානයෙන් සිටින ලෙසත්, රාත්‍රී කාලය බැවින් හැකිනම් ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසත් ඉල්ලා සිටිනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, හෙට (30) උදෑසන නාවික හමුදාව හෝ වෙනත් ආරක්ෂක අංශවල සහයෝගය ලබා ගනිමින් මාවිල්ආරු ජලාශයේ යම් අනතුරුදායක තත්ත්වයක් තිබේද යන්න නිරීක්ෂණය කර, ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක තොරතුරක් ලබා දෙන බවයි.

The post මාවිල්ආරු සොරොව්ව සහ බැම්ම අවදානම් තත්ත්වයක appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/XfzVYw4

Labels:

Saturday, November 29, 2025

ඉන්දියාවෙන් ලංකාවට ටොන් 80ක සහනාධාර

විපතට පත් ජනතාව වෙනුවෙන් පරිත්‍යාග රැගත් ඉන්දී්‍ය ගුවන් යානයක් අද (29) අලුයම මෙරටට ළඟා වී තිබෙනවා.

ටොන් 80ක් බරැති සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයක්  එම  පරිත්‍යාගයට ඇතුළත් අතර,  ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් එම පරිත්‍යාගය නිල වශයෙන්  බාරගෙන තිබෙනවා.

මෙය  ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා තව දුරටත් ශක්තිමත් කරමින් ඉන්දියානු රජය සහ ජනතාවගෙන් ලැබුණු ප්‍රදානයක්.

ඉන්දීය සහනාධාර රැගත් තවත් ගුවන් යානයක් අද (29) පෙරවරුවේ මෙරටට ළඟා වීමට නියමිතයි

The post ඉන්දියාවෙන් ලංකාවට ටොන් 80ක සහනාධාර appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/LVQboT5

Labels:

Friday, November 28, 2025

පැය 72ක් තුළ මරණ 46ක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය දින 3 තුළ මරණ 46ක් වාර්තා වී ඇත.

ඒ අනුව නොවැම්බර් 16 සිට මේ දක්වා සිදුවූ ආපදා මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, පුද්ගලයින් 21 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින බවයි.

රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පවුල් 12,313කට අයත් පුද්ගලයින් 43,991 පීඩාවට පත්වී සිටී.

නිවාස 04කට පූර්ණ හානි සිදුවී ඇති අතර අර්ධ හානි වු නිවාස සංඛ්‍යාව 666ක් බවද ආපදා කළමනාකාරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

The post පැය 72ක් තුළ මරණ 46ක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/LvjQGw1

Labels:

කොත්මලේ ජලාශයේ වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වීමට ආසන්නයි! ප්‍රදේශ රැසකට අවදානම් නිවේදන!

කොත්මලේ ජලාශයේ වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වීමට ආසන්න බැවින් ප්‍රදේශ කිහිපයක් අවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ගම්පොළ, වැලිගල්ල, පේරාදෙණිය, කටුගස්තොට යන ප්‍රදේශ මෙසේ අවදානම් කලාප ලෙස නම් කර ඇත.

The post කොත්මලේ ජලාශයේ වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වීමට ආසන්නයි! ප්‍රදේශ රැසකට අවදානම් නිවේදන! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/fEnFDV6

Labels:

Thursday, November 27, 2025

මිලි මීටර් 200ට වැඩි මහ වැස්සක්!

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මඩකලපුව සිට 210kmක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.9°N සහ දේශාංශ 82.6°E ආසන්නයේ කේන්ද්‍රගත වී ඇත. 

එය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ පවතින තද වැසි සහ තද සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ. 

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමුකරන ලෙස ද ඉල්ලා සිටී.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු මැද, වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් මි.මී.200 ට වැඩි සහ උතුරු, මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැක.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 60-70ක පමණ ඉතා තද සුළං ඇති වේ.

තද වැසි සහ තද සුළං මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

The post මිලි මීටර් 200ට වැඩි මහ වැස්සක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/LoAQKrk

Labels:

නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් දින නියමයක් නොමැතිව වැසේ

නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල්වලට අද (27) සිට නැවත දැනුම් දෙනතුරු නිවාඩු ලබාදීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා.

නැගෙනහිර පළාතට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය  ඊට හේතුවයි.

සුළි කුණාටු අවදානමක්ද  පවතින බැවින් දරුවන්ගේ ආරක්ෂාව   සැලකිල්ලට ගෙන මෙම තීරණයය එළඹි බවයි ආණ්ඩුකාරවරයා  පවසන්නේ.

කාලගුණ තත්ත්වය යහපත් වූ වහාම පාසල්  යළි විවෘත කිරීමට නියමිතයි.

උසස්පෙළ සඳහා භාවිතාකරන විභාග මධ්‍යස්ථානවලට මෙම නිවාඩු ලබාදීමෙන් බලපෑමක් නැහැ.

විභාග  කටයුතු එම පළාත තුළ නියමිත පරිදි සිදුවනවා.

The post නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් දින නියමයක් නොමැතිව වැසේ appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/hrd4gFs

Labels:

බදුල්ලේ ස්ථාන 6ක නායයෑම්! 4ක් මරුට! පුද්ගලයින් පිරිසක් අතුරුදන්!

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 6ක සිදුවූ නායයෑම්වලින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

තවත් පුද්ගලයින් නව දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (26) දිනයේ ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක නායයෑම් සහ පස් කඳු කඩා වැටීම් වාර්තා වන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා පවසනවා.

අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ කටයුතු සඳහා සහන සේවා කණ්ඩායම් තවදුරටත් කටයුතු කරමින් සිටින බව සඳහන්.

The post බදුල්ලේ ස්ථාන 6ක නායයෑම්! 4ක් මරුට! පුද්ගලයින් පිරිසක් අතුරුදන්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/VzdIQ8q

Labels:

අද සහ හෙට උසස් පෙළ විභාගය නොපැවැත්වීමට තීරණයක්

අද (27) සහ හෙට (28) උසස් පෙළ විභාගය නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මේ වනවිට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ ඇතිවී තිබෙන ආපදා තත්ත්වය මත අ.පො.ස. (උ.පෙළ) නොපැවත්වෙන බව දැනුම් දී ඇත.

The post අද සහ හෙට උසස් පෙළ විභාගය නොපැවැත්වීමට තීරණයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/iaVyzuT

Labels:

Wednesday, November 26, 2025

පොහොට්ටුවෙන් ඉවත් වූ හිටපු ප්‍රබලයින් 20ක් යළි පොහොට්ටුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් (පොහොට්ටුව) ඉවත්වූ හිටපු අමාත්‍යවරු සහ මන්ත්‍රීවරු ඇතුළු 20කට අධික පිරිසක් ලබන ජනවාරි මස නැවතත් එම පක්‍ෂයට එකතු වන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

ඔහු පැවසූයේ, තමන් අනිවාර්යෙන්ම පොදුජන පෙරමුණට එකතු වන බවත්, මේ වන විට පක්‍ෂ බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.

පසුගිය මහ මැතිවරණයට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වූ ප්‍රබලයන් 20කට අධික සංඛ්‍යාවක් තමන් සමඟ සිටින බවත්, ඔවුන් පසුගියදා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සමඟ නාරාහේන්පිටදී පැවැති සාකච්ඡාවටද සහභාගි වී ඇත.

එම පිරිස අතර හිටපු අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, රමේෂ් පතිරණ ඇතුළු පිරිසක්ද සිටින බව ඔහු සඳහන් කළේය.

තමන් කිසිඳු අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් නොවූ අතර පසුගිය මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරීපත්වීමට සුදුසුම තීරණය ගෙන ‘සිලින්ඩරය’ ලකුණෙන් තරග කළ බවත් එම මහ මැතිවරණයට කළුතර දිස්ත්‍රික්කයෙන් ‘පොහොට්ටුව’ ලකුණින් තරග කළ ලැයිස්තුවට වඩා ‘සිලින්ඩරය’ ලකුණින් තරග කළ කණ්ඩායම ප්‍රබල වීම නිසා එකම මන්ත්‍රී ධුරයට පත්විමේ අවස්ථාව ලැබුණු බවත් හෙතෙම පැවසීය.

The post පොහොට්ටුවෙන් ඉවත් වූ හිටපු ප්‍රබලයින් 20ක් යළි පොහොට්ටුවට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/2oEmPlT

Labels:

Tuesday, November 25, 2025

දෙසැම්බර් 12 වනදා රට පුරා පාසල් වැසෙයි ?

ශ්‍රී ලංකා ගුරු සංගමය ලබන 12 වන දින දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් දියත් කරන බව ශ්‍රී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකා ගුරු සංගමයේ සාමාජිකයින් සමඟ පැවති සාකච්ඡාවකින් පසු පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍යවරිය කිසිඳු අදහස් විමසීමකින් තොරව අත්තනෝමතික තීරණ ගන්නා බවට ජෝසප් ස්ටාලින් එහිදී චෝදනා කළේය.

පාසල් වේලාවන් දීර්ඝ කිරීමේ තීරණය ද එවැනි වැරදි තීරණයක් බව ඔහු පවසනවා.

ගුරුවරුන්ගේ වැටුප් විෂමතා විසඳා නොමැති බවත්, සුබෝධිනී වාර්තාවේ ඇති කරුණු සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර නොමැති බවත් ඔහු පැවසීය.

මෙවැනි කරුණු හේතුවෙන් දෙසැම්බර් 12 වනදා එක්දින වැඩ වර්ජනයක් දියත් කරන බව ජෝසෆ් ස්ටාලින් සඳහන් කළේය.

The post දෙසැම්බර් 12 වනදා රට පුරා පාසල් වැසෙයි ? appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/g0bjSQw

Labels:

විදෙස් කතුන් දෙදෙනෙකුට අවයව පෙන්වූ සැකකරුට ලැබුණු දඬුවම

විදේශීය සංචාරක කාන්තාවන් දෙදෙනෙකුට තම රහස් අවයවය පෙන්වා ලිංගික අතවරයක් කිරීමට තැත් කිරීමේ චෝදනාවට වරද පිළිගත් මාවතගම ත්‍රිරෝද රථ රියැදුරෙකුට පිලැස්ස මහේස්ත්‍රාත් දසනායක මහත්මිය විසින් ඊයේ (24) වසර 10කට අත්හිටවූ මාස 6ක බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම කර තිබෙනවා.

එමෙන්ම ඔහුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට එහිදී නියෝග කෙරුණා.

අතවරයට ලක්වූ විදේශීය කතුන් දෙදෙනා සඳහා රුපියල් ලක්ෂ එකහමාර බැගින් ලක්ෂ තුනක වන්දි මුදලක් ගෙවන ලෙසට සහ අදාළ චෝදනා දෙක සඳහා රුපියල් එක්දහස් පන්සීය බැගින් වූ දඩ මුදල් දෙකක් ගෙවන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියම කළා.

මාවතගම බරන්දන පාරේ පදිංචි 33 හැවිරිදි අවිවාහක ත්‍රිරෝද රථ රියැදුරෙකුට මෙම දඬුවම් නියම කරනු ලැබුවා.

මෙරට සංචාරය සඳහා පැමිණි විදේශීය කාන්තාවන් දෙදෙනා ත්‍රිරෝද රථයකින් කුරුණෑගල හරහා මහනුවරට ගමන් කරමින් සිටියදී සැකකරු විදේශීය කාන්තාවන්ට තම නිරුවත පෙන්වා සිටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව චෝදනා ගොනු කර තිබුණා.

නෙදර්ලන්ත කාන්තාවන් දෙදෙනෙකු කුරුණෑගල – පරගහදෙණිය – මාවතගම මාර්ගයේදී එම සිදුවීමට මුහුණ දී තිබුණේ පසුගිය 4 වැනිදායි.

අනතුරුව එක් විදේශීය කාන්තාවක් මෙම සිදුවීම ජංගම දුරකථනයකින් පටිගත කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමෙන් ඇතිවූ ආන්දෝලනයකට අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී, ඔහු තම ත්‍රිරෝද රථයද සමග මහනුවර සංචාරක පොලිස් කොට්ඨාසය වෙත භාර වී තිබෙනවා.

විදේශීය කතුන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර සංචාරක පොලිස් කොට්ඨාසය වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබුණා.

The post විදෙස් කතුන් දෙදෙනෙකුට අවයව පෙන්වූ සැකකරුට ලැබුණු දඬුවම appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/CIGjAN8

Labels:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රධාන පුහුණුකරුවෙක් සොයයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා.

වර්තමානයේදී කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ රුමේෂ් රත්නායකයි.

ඔහුගේ කොන්ත්‍රාත් කාලය අවසන්වීම හේතුවෙන් මෙලෙස නව ප්‍රධාන පුහුණුකරුවෙක් බඳවා ගැනීම සඳහා මෙලෙස අයැදුම්පත් කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ vacancies@srilankacricket.ik යන විද්‍යුත් තැපැල් ලිපිනයට අදාළ අයදුම්පත් යොමුකළ යුතු බවයි.

The post ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රධාන පුහුණුකරුවෙක් සොයයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/QbaNKBU

Labels:

බොලිවු සිනමාවේ යුග තරුවක් දිවි ගමනට සමු දෙයි

බොලිවුඩ් සිනමාවේ යුගයක් බැබලවූ ප්‍රවීණ චිත්‍රපට නළු ධර්මේන්ද්‍ර ඊයේ (24) උදෑසන මුම්බායි හි ඔහුගේ නිවසේදී හදිසි අසනීප තත්ත්වයකින් පසු අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විට ඔහු ගේ වයස අවුරුදු 89 ක්.

හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් ධර්මේන්ද්‍ර මුම්බායි හි බ්‍රීච් කැන්ඩි රෝහලට ඇතුළත් කර තිබුණේ ඔක්තෝබර් 31 වන දිනයි.

ශ්‍රීරාම් රාඝවන්ගේ බොහෝ අපේක්ෂාවෙන් සිටි යුද නාට්‍යයක් වන ඉකිස්, ධර්මේන්ද්‍රගේ පුළුල් තිරයේ අවසන් පෙනීසිටීම සනිටුහන් කළා.

1960 දී “දිල් භි ටෙරා හම් භි ටෙරේ” සමඟින් සිය මංගල රංගන ගමන ආරම්භ කළ ධර්මේන්ද්‍ර, 1960 දශකයේ “අන්පාද්, බන්දිනි, අනුපමා සහ ආයා සවන් ජූම් කේ” වැනි චිත්‍රපටවල පොදු මිනිසුන්ගේ චරිත නිරූපණය කරමින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළා.

පසුව ඔහු ෂෝලේ, ධරම් වීර්, චුප්කේ චුප්කේ, මේරා ගාඕන් මේරා දේශ් සහ ඩ්‍රීම් ගර්ල් හි ප්‍රධාන චරිත නිරූපණය කිරීමට සමත් වුණා.

ධර්මේන්ද්‍ර අවසන් වරට දක්නට ලැබුණේ ෂාහිඩ් කපූර් සහ ක්‍රිති සනොන් රඟපෑ “ටෙරී බාටන් මේන් අයිසා උල්ජා ජියා” චිත්‍රපටයේයි.

The post බොලිවු සිනමාවේ යුග තරුවක් දිවි ගමනට සමු දෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/3bF68CD

Labels:

Monday, November 24, 2025

වායුගෝලය කැළඹෙයි! කාලගුණයෙන් දැනුම්දීමක්!

දිවයින අශ්‍රිතව පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය හෙට (25) දිනයේදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු වෙන අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනවා.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වල මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

The post වායුගෝලය කැළඹෙයි! කාලගුණයෙන් දැනුම්දීමක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/fonbudx

Labels:

Sunday, November 23, 2025

දඩ මස් සමග අත්අඩංගුවට ගත් ශ්‍රී මහ බෝධියේ ප්‍රධාන කපුවාට ඇප! හිමිනමක් ඇතුළු තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන!

වනජීවි නිලධාරීන් කන්ඩායමක් කරන ලද විශේෂ වැටලීමකදී ගෝන මස්, කබල්ලා මස්, මී මින්නා මස් සහ ඉබි මස් තොගයක් සහ ඉබි බිත්තර 14 ක් සහ ගල් ඉබ්බන් 6 දෙනෙකු සහ ඇත් දළ කොටස් වලින් සකසන ලද පළඳනාවක් සමඟ අත් අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රිමාන්ඩ් භාරයට පත් කර සිටි අනුරාධපුර ජය ශ්‍රි මහ බෝධියේ ප්‍රධාන කපු මහතා ශරීර ඇප මත මුදා හැරීමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් දසුනි හපුආරච්චි නියෝග කළාය.

ඒ අනුව සැකකරුට රුපියල් ලක්ෂ 5 ක් වටිනා ශරීර ඇප දෙකක් නියම කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය යළි 2026 වසරේ ජනවාරි මස 22 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද නියෝග කරනු ලැබුවාය.

සාක්ෂිකරුවන්ට හෝ විමර්ශනවලට බලපෑම් නොකරන ලෙසටද අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් සැකකරුට තරයේ අවවාද කෙරිණි.

සැකකරු සමඟ අත් අඩංගුවට ගත් විවිධ වන සතුන්ගේ මස් කොටස්වල සාම්පල ජාතික සත්වෝද්‍යානයට යවා ඊට අදාළ වාර්තාවක් අධිකරණයට කැඳවන ලෙසටද වනජීවී නිලධාරීන්ට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරු සමඟ අත් අඩංගුවට ගත් ගල් ඉබ්බන් පශූ වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර සුදුසු ස්ථානයකට මුදා හරින ලෙසටද නියෝග කළාය.

භික්ෂූන් වහන්සේ සහ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගැනීමට විමර්ශන

මෙම නඩුකරය යළි කැඳවූ අවස්ථාවේ වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් රිටිගල වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩී. රාමසිංහ පැවසුවේ, මෙරට බෞද්ධ ජනතාව දහදිය මහන්සියෙන් උපයා ගෙන ජය ශ්‍රි මහ හමුදුරුවන්ට පූජා කළ මුදල් වලින් ජය ශ්‍රි මහ බෝධියේ ප්‍රධාන කපු මහතා ලෙස කටයුතු කරන මෙම සැකකරු ධනවතෙකු බවට පත්ව මහ බලයක් ඇති අයෙකු බවට පත්ව සිටින බවයි.

එම ධන බලය සහ විවිධ තරාතිරම්වල පුද්ගලයින් සමඟ ඇති සබඳතා මත සැකකරු විමර්ශනවලට විවිධාකාරයෙන් බලපෑම් එල්ල කරමින් විමර්ශන විකෘති කිරීමට උත්සහ දරන බව කියා සිටි අඩවි ආරක්ෂකවරයා මෙම සිද්ධිය නිසා සමාජය තුළ මෙන්ම විශේෂයෙන් බෞද්ධ ජනතාව තුළ බරපතල කැළඹීමක් ඇති වෙමින් පවතින බවද කියා සිටියේ ය.

සැකකරුගේ නිවසේ නීති විරෝධී බොහෝ දෑ තිබෙන බවත් පුළුවන් නම් අත්අඩංගුවට ගෙන පෙන්වන ලෙසට සමාජ මාධ්‍ය මගින් වනජීවී නිලධාරීන්ට අභියෝග එල්ල කර ඇති බවද ප්‍රකාශ කළ අඩවි ආරක්ෂකවරයා තමන් සතුව තිබූ විවිධ වන සතුන්ගේ මස් වර්ග පිටස්තර පුද්ගලයින් තමන්ට ලබා දුන් බව සැකකරු පැවසුවද එලෙස තමන්ට මස් ලබා දුන්නේ කවුරුන්ද? යන්න හෙළි කිරීම සැකකරු චේතනාන්විතවම පැහැර හරිමින් විමර්ශන නොමඟ යැවීමට උත්සහ දරන බවද පැවසීය.

(source – bbc sinhala)

The post දඩ මස් සමග අත්අඩංගුවට ගත් ශ්‍රී මහ බෝධියේ ප්‍රධාන කපුවාට ඇප! හිමිනමක් ඇතුළු තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/gbE5qeP

Labels:

Saturday, November 22, 2025

අද සිට වැසි තත්ත්වයේ දැනෙන වෙනසක්

දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින වලදී බලාපොරොත්තු  විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00 න්  පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය  හැකියි.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වල මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැක.

සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

The post අද සිට වැසි තත්ත්වයේ දැනෙන වෙනසක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ZwLXTKy

Labels:

Friday, November 21, 2025

අදත් තද වැසි

දිවයිනේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැයි අතර සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

The post අදත් තද වැසි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/CjWAbpR

Labels:

දකුණු මුහුදෙන් මත්ද්‍රව්‍ය කිලෝ 376ක් අල්ලයි! වටිනාකම කෝටි 400යි! ප්‍රබල පක්ෂයක සාමාජිකයෙකුත් අත්අඩංගුවට!

දකුණු මුහුදු තීරයේ දී නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය පිළිබඳ මේ වනවිට අනාවරණය වී තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ (SJB) පළාත් පාලන අපේක්ෂකයෙකු පන්නල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) නිවේදනය කරනවා.

පොලීසිය පැවසුවේ ඔහු පන්නල ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය පක්ෂයේ  හිටපු මන්ත්‍රීවරයෙකු බවයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අදාළ බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් 6දෙනා ඊයේ (20) පස්වරුවේ තංගල්ල ධීවර වරාය වෙත රැගෙන එනු ලැබීය.

ඒ අනුව එම යාත්‍රවේ තිබී මලු පහක පැකට් සියයක අසුරා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 115කට වැඩි ප්‍රමාණයක් සහ මලු 13ක පැකට් 200ක අසුරා තිබූ අයිස් මද්‍රව්‍ය කිලෝ 261කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

අදාළ මත්ද්‍රව්‍ය තොගය කෝටි 400කට අධික වටිනාකමකින් යුක්ත බව පැවසේ.

මේ අතර මෙම මත්ද්‍රව්‍ය තොගය සමග තිබී රිවෝල් වරයක් සහ පිස්තෝලයක් හා මැගසින් දෙකක් නාවික හමුදා භාරයට ගෙනන ඇති බව සඳහන්ය.

The post දකුණු මුහුදෙන් මත්ද්‍රව්‍ය කිලෝ 376ක් අල්ලයි! වටිනාකම කෝටි 400යි! ප්‍රබල පක්ෂයක සාමාජිකයෙකුත් අත්අඩංගුවට! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/2Q5z6ys

Labels:

Thursday, November 20, 2025

අනතුරු අවම කර ගන්න! කාලගුණයෙන් විශේෂ නිවේදනයක්!

නොවැම්බර් 22 දින පමණ වන විට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව නව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පසුව එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ගමන් කරනු ඇති බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
උතුරු, උතුරු-මැද පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

සබරගමව, මධ්‍යම, ඌව, බස්නාහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

The post අනතුරු අවම කර ගන්න! කාලගුණයෙන් විශේෂ නිවේදනයක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/xazUw3N

Labels:

Wednesday, November 19, 2025

පියාව ඝාතනය කළ අජාසත් පුතුට මරණ දණ්ඩනය නියම කරයි

සිය පියාට යකඩ පොල්ලකින් පහර දී ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ත්‍රීරෝද රථ රියදුරෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඊයේ (18) මරණ දණ්ඩනය නියම කළා.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරෙකු වන මොහොමඩ් හුසේන් මොහොමඩ් සදාස් නමැති විත්තිකරුට මෙලෙස අධිකරණය මඟින් මරණ දඬුවම නියම වුණා.

මරණයට පත් වූ තැනැත්තා වයස අවුරුදු 79 ක පුද්ගලයෙකි.

විත්තිකරු විසින් සිය පියාට පහර දී ඝාතනය කිරීම චේතනාන්විතව සිදුකර ඇති බවට නිගමනය කරමින් මෙන්ම පැමිණිල්ල විසින් සියලු චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කර ඇති බවට නිගමනය කරමින් විත්තිකරු වරදකරු කරමින් මෙලෙස දඬුවම් නියම කරන බව විනිසුරුවරයා සඳහන් කළා.

ඉකුත් 2016 නොවැම්බර් මස 28 වන දින වැල්ලම්පිටිය විවේකාරාම මාවතේ පිහිටි නිවාස තුළ දී ඔහුගේ පියාගේ හිසට යකඩ පෝල්ලකින් පහර දී ඔහු බිම වැටුණු පසුත් එම පුද්ගලයට නැවත යකඩ පොල්ලෙල් පහර දී ඔහුගේ ඉල ඇට කඩා දමා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් 2020 වසරේ දී අධිචෝදනා ගොනු කර නඩු පවරා තිබිණා.

The post පියාව ඝාතනය කළ අජාසත් පුතුට මරණ දණ්ඩනය නියම කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/P297heY

Labels:

ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ලොකු ප්‍රදානයක්

ශ්‍රී ලංකාවට ඇ. ඩො. මිලියන 300 ක මූල්‍යාධාර පිරිනැමීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සහ ආසියානු සංවර්ධන බැංකුව අතර වූ ගිවිසුමට අත්සන් තැබීම කොළඹ භාණ්ඩාගාරයේ දී සිදුවී තිබෙනවා.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් ADB ශ්‍රී ලංකා නේවාසික මෙහෙවරේ දේශීය අධ්‍යක්ෂ ‘ටකෆුමි කඩෝනෝ’ විසින් මීට අත්සන් කර තිබෙනවා.

ප්‍රතිපත්ති පාදක ණය (PBL) සහ ආයෝජන ණය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් ලබා සඳහා ශ්‍රී ලංකා රජය, ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමඟ සාකච්ඡා පැවැත්වූ බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කරන්නේ.

The post ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ලොකු ප්‍රදානයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Ik9uEp7

Labels:

Tuesday, November 18, 2025

ආණ්ඩුවට එක් වෙනවාද? සරත් ෆොන්සේකා සිය තීරණය දැනුම් දෙයි

විශාල ආර්ථික දියුණුවක් නොතිබුණද දූෂණයට එරෙහි වත්මන් රජයේ ස්ථාවරය අගය කරන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් සරත් ෆොන්සේකා පවසන්නේ, ආර්ථිකයේ විශාල වෙනසක් දක්නට නොලැබුණත්, දූෂණය මැඩපැවැත්වීම සඳහා රජයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග සහ වැරදි සඳහා චෝදනා ලැබූ පුද්ගලයන් ආරක්ෂා නොකිරීම අගය කරන බවයි.

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත විපක්ෂ රැලියට සහභාගී නොවන බවත්, දැනට විපක්ෂයේ සිටින පක්ෂ සමඟ සමීපව කටයුතු කරමින් වසර 15 ක් ගතකළ බවත්, ඒවා හොඳින් තේරුම්ගෙන ඇති බවත් ඔහු සඳහන් කරයි.

සරත් ෆොන්සේකා තවදුරටත් පවසන්නේ, එම දේශපාලන ක්‍රියාකාරීන් බලය හඹාගියේ ධනය, වත්කම් සහ වරප්‍රසාද ඇතුළුව පෞද්ගලික ලාභය පමණක් බවත් වත්මන් ආණ්ඩුව ඒ ආකාරයෙන් ක්‍රියාත්මක නොවන බවත්ය.

වත්මන් පරිපාලනයට කිසිදා සම්බන්ධ නොවන බව ඔහු නැවත අවධාරණය කළ නමුත්, එය ගමන් කරන දිශාවට සහාය දෙන බව පැවසීය.

The post ආණ්ඩුවට එක් වෙනවාද? සරත් ෆොන්සේකා සිය තීරණය දැනුම් දෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/SBlQkDV

Labels:

වැසි තත්ත්වයේ වෙනසක්

දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව දුරටත් පවතින අතර දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අහස වලාකුළින් බරව පවතින බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු සහ ඌව පළාත්වල සහ මහනුවර සහ නුවර එලිය දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වල මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැකියි.

සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්‌නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

The post වැසි තත්ත්වයේ වෙනසක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/W3VYQs4

Labels:

Monday, November 17, 2025

ශ්‍රී ලංකාවට පූර්ණ එක්දින තරගාවලි පරාජයක්

සත්කාරක පාකිස්තාන කණ්ඩායම හමුවේ තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන්ද කඩුලු 6ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (16) සිදුවිය.

ඒ අනුව තරග 3-0ක් ලෙස පූර්ණ තරගාවලි පරාජයක් (whitewash) අත්විඳීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

රාවල්පින්ඩිහිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 45.2කදී සියලු දෙනා දැවී රැස්කළ ලකුණු 211ට පිළිතුරු ලෙස පාකිස්තාන කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී පන්දුවාර 45.4කදී ලකුණු 215ක් ලබාගෙන සිය ජයග්‍රහණය තහවුරු කරගත්තේය.

ශ්‍රී ලංකාව පාකිස්තානය හමුවේ මෙලෙස පූර්ණ තරගාවලි පරාජයක් අඛණ්ඩව ලැබූ තෙවන අවස්ථාව මෙය වේ.

එමෙන්ම 1981 වසරේ සිට පාකිස්තානය සමගින් ද්විපාර්වීය එක්දින ක්‍රිකට් තරග ක්‍රීඩාකරන ශ්‍රී ලංකා මේ දක්වා ඔවුන් හමුවේ පූර්ණ තරගාවලි පරාජක් ලැබූ 6වන අවස්ථාව මෙයයි.

The post ශ්‍රී ලංකාවට පූර්ණ එක්දින තරගාවලි පරාජයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/OGhqL2r

Labels:

අද 1.00 න් පස්සේ එළියට යනවා නම් මේක බලන්න

දිවයිනට නැගෙනහිර දෙසින් වන පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය තවදුරටත් පවතින බවත් එහි බලපෑමෙන්, උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැකි බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එහි සඳහන්.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එහි වැඩිදුරටත් සඳහන් වෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

The post අද 1.00 න් පස්සේ එළියට යනවා නම් මේක බලන්න appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/mXvs1h5

Labels:

Sunday, November 16, 2025

මහින්දට සුබ පතන්න කාල්ටන් වෙත ආ මිහින්තලේ හිමි

මිහින්තලා විහාරයේ විහාරාධිපති වලවා හැංගුනවැවේ ධම්මරතන හිමියන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හමුවීම සඳහා ඊයේ (15) තංගල්ල, කාල්ටන් නිවස වෙතට පැමිණ තිබෙනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් විහාරාධිපති හිමියන් පවසා සිටියේ මහින්ද රාජපක්ෂගේ ජන්ම දිනය වෙනුවෙන් ආශීර්වාද කිරීමට සහ සුබ පැතීම සඳහා මෙලෙස පැමිණි බවයි.

The post මහින්දට සුබ පතන්න කාල්ටන් වෙත ආ මිහින්තලේ හිමි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/NKf8n0D

Labels:

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා අභාවප්‍රාප්ත වෙයි

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අද (15) අළුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඒ මහතා වයස අවුරුදු 62 කි.

ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු ලෙසද කටයුතු කර ඇති ඒ මහතා, ගාල්ල, මාතර, හම්බන්තොට හා වවුනියාව දිසාපති වශයෙන්ද, බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් වශයෙන් සහ රජයේ විවිධ තනතුරු රැසක් දරා ඇති ඔහු දෙදරු පියෙක්.

The post දකුණු පළාත් ආණ්ඩුකාරවරයා අභාවප්‍රාප්ත වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/6E0Us7C

Labels:

Saturday, November 15, 2025

අයවැය කාරක සභා අවස්ථා විවාදය අද ඇරඹෙයි

අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය අද (15) සිට ආරම්භ වේ. ඒ අනුව විවාදය අද සිට දින 17ක් පැවැත්වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වනදා ප.ව. 6ට සිදුකරන බවය.

මේ අතර 2026 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් ඊයේ (14) සම්මත විය.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 160ක් සහ විරුද්ධව ඡන්ද 42ක් ලැබුණු අතර, 8 දෙනෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියේය.

ඒ අනුව වැඩි ඡන්ද 118කින් අයවැය දෙවන වර කියවීම සම්මත විය.

මෙහිදී විපක්ෂය නියෝජනය කරන මනෝ ගනේෂන්, රාධා ක්‍රිෂ්ණන්, පලනි දිගම්බරන් හා ජීවන් තොණ්ඩමන් යන මන්ත්‍රීවරු අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශකිරීම විශේෂයක්ය.

The post අයවැය කාරක සභා අවස්ථා විවාදය අද ඇරඹෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/BYUosKZ

Labels:

Friday, November 14, 2025

IPL ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කෙරේ

2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් 16 වන දින අබුඩාබි හිදී පැවැත්වීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) ඉන්දියාවෙන් පිටත වෙන්දේසිය පවත්වන අඛණ්ඩ තුන්වන වසර මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

2026 IPL තරගාවලිය මාර්තු 15 සිට මැයි 31 පැවැත්වීමට මූලික සැලසුම් කර තිබෙනවා.

2024 වාරය සඳහා පළමු විදේශීය IPL වෙන්දේසිය ඩුබායි හිදී පැවැත්වුණා.

2025 වාරය සඳහා දින දෙකක මෙගා වෙන්දේසිය පසුගිය නොවැම්බර් මාසයේදී සෞදි අරාබියේ ජෙඩා හිදී පැවැත් වුණා.

The post IPL ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කෙරේ appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/e4JwFLG

Labels:

අද කාලගුණ නිවේදනය

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්භාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින වැසි තත්වය තවදුරටත් අපේක්ෂා කෙරෙනවා.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

The post අද කාලගුණ නිවේදනය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/BLv6G1I

Labels:

Thursday, November 13, 2025

වනිඳු හසරංග ලෝකෙන්ම මුල් 10 අතරට

නවතම ජ්‍යාත්‍යන්තර එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග 09 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

මින් පෙර ඔහු රැදී සිටියේ 10වන ස්ථානයේයි.

ඊයේ පාකිස්තානයට එරෙහිව පැවති පළමු එක්දින තරගයේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු මෙලෙස ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණ තිබෙනවා.

එමෙන්ම මේ වන විට ජ්‍යාත්‍යන්තර විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල 04 වන ස්ථානයේ රැඳී සිටින වනිඳු, විස්සයි විස්ස මෙන්ම එක්දින ශ්‍රේණිගත කිරිමවල ද මුල් ස්ථාන 10 තුළ රැඳී සිටින එකම ශ්‍රී ලාංකික පන්දු යවන්න බවට පත් වීම විශේෂත්වයක්.

The post වනිඳු හසරංග ලෝකෙන්ම මුල් 10 අතරට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/VL1CdOA

Labels:

Wednesday, November 12, 2025

පස්වරු 1න් පසු කාලගුණයේ වෙනසක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

The post පස්වරු 1න් පසු කාලගුණයේ වෙනසක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/4DGnihB

Labels:

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය රජයට අවසන් නිවේදනය නිකුත් කරයි

දින හතක් තුළ ආණ්ඩුව වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න විසඳීමට කටයුතු නොකරන්නේ නම් රට පුරා දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ආණ්ඩුවට අනතුරු අඟවනවා.

2026 අයවැය මඟින් සෞඛ්‍ය සේවය සහ වෛද්‍යවරුන් නොසලකා හැරීම තුළ ඇති වී තිබෙන අහිතකර තත්ත්වය හමුවේ ඉදිරි දී දැඩි ක්‍රියා මාර්ග රැසක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ඊයේ (11) නිවේදනය කළේය.

මනුෂ්‍ය සම්පත් අර්බුදය, ඖෂධ හා උපකරණ හිඟය, රෝගී සත්කාර පහසුකම් හිඟය ආදිය හේතුවෙන් නිදහස් සෞඛ්‍ය පද්ධතිය බිඳවැටීමේ අවදානමකට පත්ව ඇති බවත්, ජනාධිපතිතුමා, සෞඛ්‍ය ඇමතිතුමා සහ මුදල් අමාත්‍යංශය තොරතුරු දැනුවත් කර ඇති නමුත් ප්‍රශ්න සාකච්ඡා කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවත් එම නිවේදනයේ සඳහන්.

අයවැය 2026 තුළ සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට හෝ වෛද්‍යවරුන් රැඳවීම සඳහා කිසිදු යෝජනාවක් අඩංගු නොවීම පිළිබඳවද තම අප්‍රසාදය පළ කරන බව එම නිවේදනයෙන් පැවසෙනවා.

The post රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය රජයට අවසන් නිවේදනය නිකුත් කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/iaWPY3s

Labels:

ඔබේ යතුරුපැදිය සහ ත්‍රිරෝද රථය ප්‍රවේශම් කරගන්න! පොලිසියෙන් දැනුම්දීමක්!

කොළඹ නගරය ඇතුළු බස්නාහිර පළාත තුළ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සොරකම් කිරීමේ සිදුවීම්වල වර්ධනයක් දක්නට ලැබෙන බව පොලීසිය පවසයි.

මාර්ගවල නවතා ඇති යතුරුපැදි සහ ත්‍රිරෝද රථ මෙලෙස සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලීසියට පසුගිය දින කිහිපය තුළ විශාල වශයෙන් පැමිණිලි ලැබී ඇති බව සඳහන්ය.

පසුගිය 8 සහ 9 යන දින දෙක තුළ පමණක් බස්නාහිර පළාත තුළ යතුරුපැදි 10ක් සහ ත්‍රිරෝද රථ 3ක් එලෙස සොරකම් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

මේ පිළිබඳව සොයාබැලීම සඳහා විශේෂ විමර්ශන කණ්ඩායම් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ වුට්ලර් මහතා පවසයි.

The post ඔබේ යතුරුපැදිය සහ ත්‍රිරෝද රථය ප්‍රවේශම් කරගන්න! පොලිසියෙන් දැනුම්දීමක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/EaulU1I

Labels:

ශ්‍රී ලංකාවේ Programmatic Digital Advertising වේදිකාවේ ප්‍රමුඛයා බවට පත්වෙමින් Adstudio.Cloud වෙබ් අඩවිකරුවන්ගේ ඉහළම සාර්ථකත්වය වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ පුරෝගාමී වැඩසටහන්ගත (programmatic) වෙළඳ ප්‍රචාරණ වේදිකාව වන Adstudio.Cloud සිය නවීනතම වෙළඳ ප්‍රචාරණ තාක්‍ෂණය ඔස්සේ දේශීය ප්‍රකාශකයන්ට සහ වෙළඳ නාමවලට සවි ලබා දෙමින් ජාතියේ ඩිජිටල් මාධ්‍ය භූමිකාව ප්‍රතිනිර්මාණය කරමින් සිටින්නේ වෙබ් අඩවි නිර්මාණකරණයට සිය අද්විතීය දායකත්වය ලබාදෙමිනි.වෙළඳ ප්‍රචාරකයන්ට ඉතා සාර්ථක වර්ධනයක් ළඟා කර දෙමින්, ශ්‍රී ලංකාවේ වඩා ප්‍රමුඛතම දේශීය ඩිජිටල් පද්ධතිය නියෝජනය කරන Adstudio.Cloud සිය වේගවත් 100 වැනි වෙබ් අඩවි කඩඉම ද මේ වනවිට පසුකර අවසන්.

ගත වූ වසර හතර පුරාවට, Adstudio.Cloud විසින් FMCG, මූල්‍ය, ඊ-වාණිජ්‍යය, සිල්ලර සහ දුරකථන සේවා වැනි කර්මාන්ත ඔස්සේ ප්‍රචාරණ ව්‍යාපාර බල ගැන්වීම මගින් ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි වෙළඳ ප්‍රචාරණයට සිය නායකත්වය ලබා දී ඇත. ස්වයංක්‍රීය, දත්ත මත පදනම් වූ මිල දී ගැනීම් සක්‍රීය කිරීම තුළින්, ගෝලීය Retail Media ජාලයන් නිවැරදි සහ කාර්යක්ෂමතාවයෙන් බලගන්වමින් ශ්‍රී ලාංකික අලෙවිකරුවන්ට  සවියක් වීමට ද ඒ හරහා Adstudio.Cloud සමත්ව සිටි. එමගින් විශ්වාසනීය වූ දේශීය ඩිජිටල් අවකාශ හරහා, සුදුසු අවස්ථාවන්හි දී සුදුසු ග්‍රාහකයින් වෙත ප්‍රවේශවීමට දැන්වීම්කරුවන්ට ඉඩ සැලසේ.

ගෝලීයව ක්‍රියාත්මක Amazon, Walmart, සහ Carrefour වැනි සමාගම්වල දත්ත මත පදනම් වූ ඉලක්කගත කිරීම් මඟින් වෙළඳ ප්‍රචාරණ කාර්යක්ෂමතාව ඉහළ නංවමින් මෙන්ම ප්‍රකාශකයන් සඳහා නව ආදායම් මාර්ග හඳුනාගැනීමට සහය වෙමින්  වැඩසටහන්ගත (programmatic) වෙළඳ ප්‍රචාරණය නව මානයකට ගෙන ඒමට Adstudio.Cloud පෙරමුණ ගෙන ඇත.එපමණක් නොව, එය විප්ලවීය වෙනසක් කරා ළඟාකරවීමට ද ඔවුන් මූලිකත්වය ගෙන සිටි.ඒ ඉහළ Fill Rates සහ CPM අගයන් ලබා දෙමින් මෙන්ම ශ්‍රී ලාංකික ප්‍රකාශකයන්ගේ  මාසික ආදායම් වර්ධනය කිරීමට ද උර දෙමිනි.

Adstudio.Cloud ප්‍රධාන වර්ධන නිලධාරී නරේෂ් සතාසිවම් එය දක්වා සිටින්නේ මෙලෙසයි. “අපගේ මෙහෙවර වී ඇත්තේ සෑම විටම දේශීය ඩිජිටල් පරිසර පද්ධතියේ වටිනාකම වැඩි කිරීමයි.” “සෑම ශ්‍රී ලාංකික ප්‍රකාශකයෙකුම තම ගෝලීය සගයන්ට සමාන තාක්‍ෂණික වාසියක් ලැබිය යුතුයි. අපගේ Adstudio.Cloud වැඩසටහන්ගත (programmatic) වේදිකාව හරහා, දැන්වීම්කරුවන්ට අවශ්‍ය නිරවද්‍යතාවය සහ වගවීම ලබා දෙන අතරතුර, අපි ඔවුන්ට නව ආදායම් මාර්ග විවෘත කරගැනීමට ද සහය වන්නෙමු”.

Adstudio.Cloud ආයතනය Retail Media හා වැඩසටහන්ගත (programmatic) ක්ෂේත්‍රය තුළ අඛණ්ඩව නව්‍යකරණයන් සිදු කරයි. Data Management, Smart Bidding, සහ Advanced Audience Segmentation වැනි ක්‍රම ඉන් ප්‍රධාන වේ.මෙමඟින් දැන්වීම්කරුවන්ට සිය ඉලක්කගත ග්‍රාහකයින් පමණක් කේන්ද්‍රකරගත හැකි බව සහතික කරයි.

ශ්‍රී ලංකාවේ එකම Programmatic Advertising පද්ධතියට හිමිකම් කියන, Adstudio.Cloud ආයතනය  ග්‍රාහකයින් දැන්වීම්  සමඟ සම්බන්ධ කිරීමෙන් නොනැවතී,සියලු පාර්ශව දිරිමත් කරමින්, අගය කරමින් සහ වටිනාකම බෙදා දෙමින් ඩිජිටල් වර්ධනයක් ඇති කරන තිරසාර ඩිජිටල් වෙළඳ ප්‍රචාරණ පරිසර පද්ධතියක් ද ගොඩනඟයි.

Adstudio.Cloud යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම වැඩසටහන්ගත (programmatic) වෙළඳ ප්‍රචාරණ වේදිකාව සහ Retail Media ජාලයයි. දේශීය ප්‍රකාශකයන්ගේ ජාලයක් හරහා, ස්වයංක්‍රීය දැන්වීම් පලකිරීමේ ක්‍රම පුළුල් කරමින් වෙළඳ දැන්වීම්කරුවන්ට සිය ඉලක්කගත ග්‍රාහකයින් වෙත ළඟාවීම පහසු කරවීම ද මේ හරහා සිදුවේ.විනිවිදභාවය, නවෝත්පාදනය සහ කාර්ය සාධනය කෙරෙහි අවධානය යොමු කරමින්, ශ්‍රී ලංකාවේ වෙළඳපොළ තුළ ඩිජිටල් වෙළඳ ප්‍රචාරණයේ පෙරළියක් ඇති කිරීමෙහිලා ද Adstudio.Cloud මූලිකත්වය ගෙන සිටී.

විමසීම් සඳහා: info@adstudio.cloud | www.adstudio.cloud

The post ශ්‍රී ලංකාවේ Programmatic Digital Advertising වේදිකාවේ ප්‍රමුඛයා බවට පත්වෙමින් Adstudio.Cloud වෙබ් අඩවිකරුවන්ගේ ඉහළම සාර්ථකත්වය වාර්තා කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/CtrF5xQ

Labels:

Tuesday, November 11, 2025

රන් පදක්කම් 12ක් සමඟින් වෛද්‍ය උපාධිය නිමකළ මහීමාගෙන් වාර්තාවක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවමින්, පසුගියදා පැවති 51 වැනි උපාධි ප්‍රදානෝත්සවයේදී රන් පදක්කම් 12ක් දිනා ගැනීමට මහීමා සුරේෂ් සමත් වූවාය. වසර පහක අධ්‍යයන කාලය තුළ තමා කළ දැඩි කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ජයග්‍රහණය හඳුන්වා දෙන ඇය, සිය මවුපියන්, විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය ඇතුළු තමාට දිරියක් වූ සියලු දෙනා මෙම සතුටේ හවුල්කරුවන් බව කෘතවේදීව සිහිපත් කරන්නීය.

ඇය විසින් දිනාගත් රන් පදක්කම් 12ට අමතරව, ඇයගේ අධ්‍යයන විශිෂ්ටත්වය තවදුරටත් තහවුරු වන්නේ MBBS විභාග තුනෙන්ම පළමු පන්තියේ ගෞරව සාමාර්ථ ලබා ගැනීමත්, පළමු, දෙවැනි සහ අවසන් MBBS විෂයයන් 15 සඳහාම විශිෂ්ටතා (Distinctions) ලබා ගැනීමත් හේතුවෙනි. ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය සේනක බිබිලේ සම්මානය මෙන්ම 2019/2020 වසරේ අධ්‍යයන හා විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා වූ විශිෂ්ටතම සම්මානය ද ඇය සතු විය.

මෙම ජයග්‍රහණ සමඟ ඇය ජාතික මට්ටමේ MBBS උපාධිධාරීන්ගේ කුසලතා ලැයිස්තුවේ ඉහළම ස්ථානයට පත්ව ඇති අතර, වෛද්‍ය පීඨ වෙබ් අඩවිය ද ඇයගේ මෙම අතිවිශිෂ්ට දක්ෂතාව අගය කරමින් සටහනක් තබා තිබුණි.

වෛද්‍ය කයිලායර් සුරේෂ් සහ වෛද්‍ය ශෂිකලා යුවළගේ එකම දියණිය වන මහීමා, වෛද්‍ය පවුලක පසුබිම උරුම කර ගත්තියකි. යාපනයේ සිට කොළඹට පැමිණි ඇගේ මවුපියන්ගේ සෙවණේ හැදුණු ඇය,

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඇය, එහි පැවති නවක වදයෙන් තොර, සුහදශීලී පරිසරය සිය අධ්‍යයන කටයුතු සාර්ථක කර ගැනීමට විශාල පිටිවහලක් වූ බව සඳහන් කරයි.

අධ්‍යයන කටයුතුවලට පමණක් සීමා නොවූ මහීමා, කොළඹ විශ්වවිද්‍යාලයීය නීති පීඨය සංවිධානය කළ 2019 අන්තර් විශ්වවිද්‍යාල විවාද ශූරතාවලියේ හොඳම කථිකයා ලෙස සම්මාන දිනා ගත්තාය. කර්ණාටක සංගීතය හැදෑරීම, අන්තර් කණ්ඩායම් මේස පන්දු තරගවලින් ජයග්‍රහණ ලැබීම මෙන්ම විශ්වවිද්‍යාලයේ හින්දු සංගමයේ උප සභාපතිනිය ලෙස කටයුතු කිරීම ද ඇයගේ බහුවිධ දක්ෂතාවලට උදාහරණ වේ.

ඇයගේ සාර්ථකත්වයේ රහස වන්නේ නිසි සැලැස්මකට අනුව වැඩ කිරීම සහ අඛණ්ඩව දැනුම යාවත්කාලීන කර ගැනීමයි. විභාගයට පෙර දින පාඩම් කිරීම වෙනුවට එදිනෙදා වැඩ අවසන් කිරීමත්, දිනකට අවම වශයෙන් පැය 6ක නින්දක් ලබා ගැනීමත් ඇය අනුගමනය කළ ප්‍රතිපත්තියයි. අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩා සහ බාහිර ක්‍රියාකාරකම් තුළින් ජීවිතය සමබර කර ගැනීම වැදගත් බව ඇය දැඩිව විශ්වාස කරන්නීය.

නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ ලැබූ තමාට රටට සේවය කිරීමේ යුතුකමක් ඇති බව මහීමා අවධාරණය කරයි. අනාගතයේදී ස්නායු හෝ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක වී මවුබිමට සේවය කිරීමත්, තමා ලද දැනුම අනාගත පරපුර සමඟ බෙදා ගැනීමත් ඇයගේ එකම අරමුණයි.

The post රන් පදක්කම් 12ක් සමඟින් වෛද්‍ය උපාධිය නිමකළ මහීමාගෙන් වාර්තාවක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/wdZBXLq

Labels:

අද තරමක තද වැස්සක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි.

බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

The post අද තරමක තද වැස්සක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/6luiCZW

Labels:

පොහොට්ටු මන්ත්‍රීගේ පුතාට මාලිමා උප සභාපතිගේ පුතා තඩි බාලා

ජාතික ජන බලවේගය පාලන බලය දරන මාතර ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාගේ පුත්‍රයා හා තවත් අයෙකු ලබන 17 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර ඇත.

ඒ මාතර දුම්රියපොළ ඉදිරිපිටදී පාසල් සිසුවකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුය.

පහරකෑමට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයෙක් වන අතර ඔහු මේ වන විට  සිසුවා මේ වනවිට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

The post පොහොට්ටු මන්ත්‍රීගේ පුතාට මාලිමා උප සභාපතිගේ පුතා තඩි බාලා appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/VPR8NlF

Labels:

Monday, November 10, 2025

බන්ධනාගාරය පාසලක් කරනවා – අධිකරණ ඇමති

“බන්ධනාගාරය යනු  දඩුවම් ලබා දෙන ස්ථානයක් නොව ජීවිතයට දෙවන අවස්ථාවක් ලබා දෙන පරිවර්තනයේ පාසලක් බවට පත්  විය යුතුයි.  ජාතියට මාරාන්තික බලවේග දෙකක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය උවදුර සහ දුෂණය තුරන් කිරීමට වත්මන් රජය කැපවීමෙන් කටයුතු කරනවා” යයි අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේ බන්ධනාගාර දෙපාර්තමේන්තු සේවයට එක්වු 104 – B ආධුනික පුහුණු ඛණ්ඩයේ බන්ධනාගාර හා නිලධාරීනියන් 177 දෙනෙකු විසිර යාමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අගුණකොගපැලැස්ස බන්ධනාගාරයේදී සහභාගි වෙමිනි. 

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.

“අපේ රජය යටතේ යුක්තිය අතලොස්සක් දෙනෙකුගේ වරප්‍රසාදයක් නොව සියල්ලන්ගෙම අයිතියක් වන පාලන ක්‍රමයකට අවතීර්ණ වෙමින් සිටිනවා. ජාතික ජන බලවේග රජය යනු ජනතාවගේ බලය අධිකාරිය ජනතාවටම ආපසු ලබා දෙන ආණ්ඩුවක් බව කිව යුතුයි. අපි ජනතාවගෙන් කිසිවක් පැහැර ගන්නා රජයක් නොවේ. රාජ්‍ය ආයතන සහ නීතිය සම්බන්ධව මහජන විශ්වාසය ගොඩනැගීම, දුෂණය තුරන් කිරීම සහ රාජ්‍යයේ සෑම අතින්ම අවංකභාවය, සාධාරණත්වය සහ මහජන හිතකාමී බව පිළිබිඹු වන බව සහතික කිරීමේ වගකීම අපි භාර ගෙන තිබෙනවා. සමාජමය සහ නීතිමය ව්‍යාධීන් සුවපත් කරන යුක්තිය පසිඳලන ක්‍රියාමාර්ගයක් ගොඩ නැංවීමේ කාර්යභාරයේ අධිකරණ අමාත්‍යාංශය ඉදිරියෙන් සිටිනවා. නීතිය ක්‍රියාත්මක කිරීමේදී එය විය යුතු වන්නේ දඩුවමක් ලබාදීමක් ලෙස නොව නව ආරම්භයක් ලබාදීමේ මාර්ගයක් ලෙසයි. අපේ බන්ධනාගාර පද්ධතිය යළි පිළියෙල කිරීම මේ රජයේ මුලික වගකීමක් ලෙස සලකා කටයුතු කරනවා. බන්ධනාගාර දඩුවම් ලබා දෙන ස්ථානයක් නොව ජීවිතයට දෙවන අවස්ථාවක් ලබා දෙන පරිවර්තනයේ පාසලක් බවට පරිවර්තනය විය යුතුයි. බන්ධනාගාරගත වන සිරකරුවන්ගෙන් විශාල සංඛ්‍යාවක් අවාසි සහගත සමාජ පසුබිම්වලින් පැමිණි අයයි. ඔවුන්ගෙන් අති බහුතරයන් දෙනා 5 ශ්‍රේණිය හෝ 8 ශ්‍රේණියෙන් පසුව පාසල් අධ්‍යාපනයෙන් ඉවත් වු අයයි. අපරාධවල මූලයන් වන්නේ බොහෝ විට තනි පුද්ගලයකුගේ ක්‍රියාකාරකම් නොව සමාජ අසමානතාවය දරිද්‍රතාවය සහ වෙනස්කොට සැලකීමයි. බන්ධනාගාරගත වන සෑම රැඳවියෙක්ම දක්ෂ විනයගරුක සහ මානුෂියකරණය වු පුරවැසියෙකු ලෙස ඉන් පිටව යා යුතුයි. අපේ ජාතියට මාරාන්තික බලවේග දෙකක් වන මත්ද්‍රව්‍ය සහ දුෂණය තුරන් කිරීමට වත්මන් රජය කැපවීමෙන් කටයුතු කරන බව සදහන් කළ යුතුයි. දශක ගණනාවක් පුරා බන්ධනාගාරය යන වචනය සමාජය තුළ ඇති කලේ බිය ජනක තත්වයක් බව ඔබ දන්නවා. එම ආඛ්‍යානය වෙනස් කළ යුතු අතරම බන්ධනාගාරය පුනරුත්ථාපනය විනය සහ සදාචාර සංවර්ධනය සිදු කරන ප්‍රකෘතිමත් ආයතන බවට පරිවර්තනය කළ යුතුයි. බන්ධනාගාර පද්ධතිය විනිවිද පෙනෙන වගවිය යුතු පද්ධතියක් බවට පත් කිරීම අපේ රජයේ අරමුණයි. බන්ධනාගාරය යනු බලාපොරොත්තු සුන් කරවන වධකාගාරයක් නොව ජීවිතය පිළිබද අපේක්ෂා දල්වන වැඩපොලක් බවට පරිවර්තනය කිරීමට පියවර ගන්නවා. 

අධික තදබදය අඩුකරන, දඩුවම වෙනුවට පුනරුත්ථාපනය හා අධ්‍යාපනය, නිදහස් කිරීමෙන් පසු නැවත සමාජය හා ඒකාත්මක විය හැකි නීති රාමුවක් හා වටපිටාවක්  සකස් කිරීම, දඩුවම් ලබමින් සිටියදී රැඳවියන්ට පිළිගත් සහතික ලබා ගත හැකි වෘත්තිය පුහුණුව බන්ධනාගාර පද්ධතියට හදුන්වාදීම, රැඳවියන් තුළ පවත්නා මානසික සහ ශාරීරික කම්පනවලට පිළියමක් ලෙස මනෝ සෞඛ්‍ය ඇබ්බැහිවිම්වලින් සිදු වු හානිය ඉවත් කර සුවපත් කිරීම හා උපදේශන සේවා ශක්තිමත් කිරීම, දුෂණය සහ මත්ද්‍රව්‍ය බන්ධනාගාර පද්ධතියෙන් ඉවත් කිරීමට යෝජිත බන්ධනාගාර ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ සිදු කරනවා. බන්ධනාගාර නිලධාරීන් වන ඔබගේ නිල ඇඳුම සහ අදාළ ආම්පන්න තුළින් සංකේතවත් වන්නේ අන් අය කෙරෙහි බලපෑමක් නොව වගකීමක් යන්නයි. “

The post බන්ධනාගාරය පාසලක් කරනවා – අධිකරණ ඇමති appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/i4b1YU6

Labels:

පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම පිළිබඳව අගමැතිනියගෙන් පැහැදිලි කිරීමක්

6 වැනි වසරට සෞඛ්‍ය පිළිබඳ මොඩියුලයක් විෂය මාලාවට හඳුන්වා දී ඇති බවත්, එය තමන්ගේ ශරීරය සෞඛ්‍යමත් ලෙස පවත්වාගෙන යෑම පිළිබඳ මූලික දැනුමක් ලබා දෙන වයසට සුදුසු පොතක් බවත් අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි. 

ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතු බවට පවුල් සෞඛ්‍ය ඒකකය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ වෛද්‍යවරුන් නිරන්තරයෙන්ම පෙන්වා දෙන බව ඇය පැවසුවාය. 

එයට හේතුව ලෙස ඇය දක්වා ඇත්තේ අපේ රට තුළ ලිංගික අපචාරවලට සහ පීඩනයට දරුවන් ලක්වීමේ ප්‍රවණතාවය එන්න එන්න වර්ධනය වීම නිසා, දරුවන්ට මේවායින් ආරක්ෂා වීම උගන්විය යුතු බවයි.

ළමා ආරක්ෂක අධිකාරිය ද මෙය බරපතල ප්‍රශ්නයක් ලෙස පෙන්වා දී ඇති අතර, දරුවන් තමන්ගේ ශරීරය ආරක්ෂා කරගත යුතු විදිය පිළිබඳ දැනුවත් විය යුතු බව ඔවුන්ගේ නිර්දේශය වී ඇත. 

එම අමාත්‍යාංශ සහ අධිකාරීන් සමඟ සාකච්ඡාවක් සිදු කරන බවත්, ඔවුන්ගේ නිර්දේශ ලබා දෙමින් සිටින බවත් අගමැතිනිය සඳහන් කළාය. 

කෙසේ වෙතත්, එම අධ්‍යාපනය කොහොමද, කවදාද, මොන වයසටද ඉදිරිපත් කරන්නේද යන්න පිළිබඳ තීරණයක් තාම ගෙන නැත. 

මෙම සියලු තීරණ වයසට සුදුසු පරිදි, තමන්ගේ ශරීරය වෙනස් වන විට ආරක්ෂා විය යුතු විදිය පිළිබඳ අධ්‍යාපනයක් ලැබිය යුතු බවට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයගේ විශේෂඥ උපදෙසත් අනුව ගන්නා බව ඇය අවධාරණය කළාය

The post පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම පිළිබඳව අගමැතිනියගෙන් පැහැදිලි කිරීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/xSCculn

Labels:

Sunday, November 9, 2025

අද වැසි වැටෙන ප්‍රදේශ

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ.

බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැක .

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

The post අද වැසි වැටෙන ප්‍රදේශ appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/IRwOG4x

Labels:

Saturday, November 8, 2025

පස්වරු 1න් පසු වැසි වැටෙන ප්‍රදේශ

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි  දෙපාර්තමේන්තුව පවසන්නේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

The post පස්වරු 1න් පසු වැසි වැටෙන ප්‍රදේශ appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/DhFSZvV

Labels:

Friday, November 7, 2025

අද තද වැසි වැටෙන ප්‍රදේශ

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

The post අද තද වැසි වැටෙන ප්‍රදේශ appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/qtKoMgA

Labels:

Thursday, November 6, 2025

රාජ්‍ය සේවයට අලුතින් 60,000ක්! බඳවාගැනීම ඇරඹෙයි!

රාජ්‍ය සේවය සඳහා 60,000 ක පිරිසක් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න මහතා පවසයි.

පවතින පුරප්පාඩු පිරවීම සඳහා පසුගිය අයවැයෙන් 30,000 ක් බඳවාගන්න ප්‍රතිපාදන වෙන් කළ බව අමාත්‍යවරයා පැවසුවේ ය.

එහි එක් පියවරක් ලෙස දීපව්‍යාප්ත සේවා සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගැනීමට අපි කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කරන ලදි.

අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය, සැලසුම් සේවය, ගණකාධිකාරී සේවය ඇතුළු අත්‍යව්‍යශ්‍ය සේවා සඳහා කාර්ය මණ්ඩල බඳවා ගැනීමේ ක්‍රියාවලිය එලෙස ආරම්භ කර ඇති බවය.

ඒ සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත්කර ලද අනුකමිටුවේ නිර්දේශ මත 226 දෙනෙකු ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයට බඳවා ගැනීම සඳහා කටයුතු කරමින් ඇතැයිද අමාත්‍යවරයා පවසන ලදි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න මහතා පැවසුවේ පසුගිය මාර්තු මාසයේ පැවති විභාගයෙන් ඉහළ ලකුණු ලබා ගත් කණ්ඩායම අතරින් 226 දෙනෙක් ඉංජිනේරු සේවයට බඳවා ගැනීම සඳහා අවශ්‍ය තෝරා ගැනීමේ කටයුතු කර ඇති බවය.

The post රාජ්‍ය සේවයට අලුතින් 60,000ක්! බඳවාගැනීම ඇරඹෙයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/tpAR8ur

Labels:

සොරෙකු එල්ල කර ප්‍රහාරයෙන් කාන්තාවකට දෑස් පෙනීම අහිමි වෙයි – “දොස්තරලා කිව්වා ඇස් දෙක කැපිලා තුවාල වෙලා තියෙන්නේ කියලා” (වීඩියෝ)

ගල්නෑව ප්‍රදේශයේදී දිවා කාලයේදී නිවසකට කඩා වැදුනු කොල්ලකරුවෙකු විසින් කාන්තාවකට මුහුණට ඉසින කුඩු වර්ගයක් හේතුවෙන් ඇයගේ පෙනීම අහිමි වී ඇත.

මෙම සිද්ධියෙන් පසු ඇය අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබා පසුව නිවසේ පදිංචිව සිටී. වෛද්‍යවරුන් සඳහන් කළේ ඇයගේ ඇස් වලට දැඩි හානි සිදු වී ඇති බවයි.

ගල්නෑව පොලිසිය සොයාබලා සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු පහළ කලංකුට්ටිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු බව හෙළිවිය.

විමර්ශන අනුව, මෙම සැකකරු ගල්නෑව, තඹුත්තේගම, ඉපලෝගම ප්‍රදේශවල නිවාස හා වෙළඳසැල් රැසක කොල්ලකෑම් හා යතුරු පැදි සොරකම් සිදුකර ඇති බව අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගැනීමේදී පොලිසිය ඔහු සන්තයක සිට සොයා ගනිමින් දේශීයව නිෂ්පාදිත අත් බෝම්බයක් සහ සොරකම් කරන ලද යතුරු පැදියක් භාරයට ගෙන ඇත.

සැකකරු කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාර ගත කර ඇත.

The post සොරෙකු එල්ල කර ප්‍රහාරයෙන් කාන්තාවකට දෑස් පෙනීම අහිමි වෙයි – “දොස්තරලා කිව්වා ඇස් දෙක කැපිලා තුවාල වෙලා තියෙන්නේ කියලා” (වීඩියෝ) appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/yI1f7KG

Labels:

Wednesday, November 5, 2025

අදට යෙදෙන ඉල් පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම

ලෝකවාසී බෞද්ධයන් මහත් හරසරින් සමරන ඉල් පුර පසළොස්වක පොහොය දිනය අද දිනට යෙදී තිබෙනවා.

මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත මෙහෙවර, ජටිල දමනය ඇතුළු වැදගත් සිදුවීම් රැසක් ඉල්පුර පසළොස්වක පොහොය දිනයේ සිදුව ඇති බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා.

මෙම පොහෝ දිනයට සමගාමීව කඨින චීවර පූජාව අවසන් වන අතර වස්විසූ භික්ෂූන් වහන්සේ වස්පාවාරණය කිරීම ද සිදු වෙයි.

කථින චීවර පූජාව අවසන් වන්නේද අද දිනයෙන්.

The post අදට යෙදෙන ඉල් පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/kY1bOZT

Labels:

ගුරුවරුන් ආණ්ඩුවට අවසන් නිවේදනය නිකුත් කරයි

පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙනඇති තීරණය වෙනස් කිරීම සඳහා ලබන 07 වන දින දක්වා රජයට කල් ලබාදෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එම තීරණය වෙනස් නොකළහොත් දෙසැම්බර් පළමු සතිය තුළ දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ඔවුන් අවධාරණය කරනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මේ බව සඳහන් කළේය.

The post ගුරුවරුන් ආණ්ඩුවට අවසන් නිවේදනය නිකුත් කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/VoAHGsu

Labels:

ආදායම් බදු ගෙවන්නන්ට විශේෂ දැනුම්දීමක්

2024/2025 තක්සේරු වර්ෂ සඳහා ආදායම් බදු වාර්තා ලබාදීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේනදය නිකුත් කර තිබේ.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, ඉහත සඳහන් තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන් ආදායම් බදු වාර්තා මාර්ගගතව නොවැම්බර් මස 30 වන දින හෝ එදිනට පෙර භාරදීම අනිවාර්ය බවය.

නියමිත දිනට ආදායම් බදු වාර්තා භාර නොදෙන තැනැත්තන්ට එරෙහිව 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

වැඩි විස්තර 1944 අංකයෙන් හෝ www.ird.gov.lk වෙබ් අඩවියෙන් හෝ ආසන්නතම දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලයෙන් ලබා ගත හැකියි.

The post ආදායම් බදු ගෙවන්නන්ට විශේෂ දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/SnLwgcU

Labels:

ධනපාල උඩවත්ත ප්‍රසංග වේදිකාවට සමුදෙයි

ධනපාල උඩවත්ත කියන්නේ මෙරට ලොකු, කුඩා කොයි කවුරුත් හඳුනන සංගීත ක්ෂේත්‍රයේ එක් පරිච්ඡේදයක් තමන්ගේ නමට ලියාගත්තු පුරාවෘත්තයක්.

එතුමාගේ 80 වෙනි උපන්දිනය සහ කලා දිවියට වසර 60 ක් සැමරීම වෙනුවෙන් පසුගියදා උත්සවයක් සංවිධානය කර තිබුණා.

එහිදී ඔහු වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමද සිදු වුණා.

මෙහි දී අදහස් දක්වමින් ධනපාල උඩවත්ත මහතා සදහන් කලේ තමන් ඉදිරියේදී ප්‍රසංග වේදිකාවෙන් සමුගන්නා බවයි.

The post ධනපාල උඩවත්ත ප්‍රසංග වේදිකාවට සමුදෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/MpKBEHr

Labels:

Tuesday, November 4, 2025

බයිලා ගී කලාවේ රජෙක් දිවි ගමනට සමුදෙයි

බයිලා කලාවෙන් රටක් පිනවූ ඒසිරි ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

බයිලා ගී කලාවට ආදරය කරන රසිකයන්ගේ දැඩි ආදරයක් දිනා ගැනීමට ඒ මහතා සමත් විය.

වාදබයිලාවට ප්‍රසිද්ධ මොරටුව ප්‍රදේශයෙන් බයිලා කලාවට පිවිසි ඒ මහතා සමස්ත ලංකා වාද බයිලා සංගමයේද සාමාජිකයෙක් වූවා.

The post බයිලා ගී කලාවේ රජෙක් දිවි ගමනට සමුදෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/bysYQg7

Labels:

අද කාලගුණ නිවේදනය

සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනවා.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

The post අද කාලගුණ නිවේදනය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/tMi9eLs

Labels:

Monday, November 3, 2025

අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද දිවයිනට

ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද (03) සිට එළැඹෙන 08 වනදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වනු ඇත.

මෙම සංචාරය ශ්‍රී ලංකාව සහ ශුද්ධාසනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත වීමේ 50 වැනි සංවත්සරය නිමිත්තෙන්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ආරාධනාවකට අනුව මෙම සංචාරය සිදු කෙරේ.

සංචාරය අතරතුරදී අගරදගුරු ගැලගර් හිමිපාණන් ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැතිනී හරිනි අමරසූරිය, සහ අමාත්‍ය විජිත හේරත් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

අගරදගුරු ගැලගර් හිමිපාණන් 50 වැනි සංවත්සරය සනිටුහන් කරමින් කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වෙන විශේෂ උත්සවයක දේශනයක්ද පවත්වනු ඇත.

The post අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද දිවයිනට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/wO1Hz5J

Labels:

ගලබොඩඅත්තේ ඥානසාර හිමි ඝාතනය කිරීමේ සූදානමක්?

පාතාලයේ පිරිසක් තමන් වහන්සේ ඝාතනය කිරීමට සූදානමක් පවතින බවත් එබැවින් ඇමැති ආරක්ෂක අංශ නිලධාරින් දෙදෙනකු තම ආරක්ෂාවට ලබාදෙන ලෙස ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් ඉල්ලීමක් සිදුකර තිබේ.

ඒ ආරක්ෂක ලේකම්වරයා වෙත ලිපියක් යවමින්.

බුද්ධි අංශ නිලධාරීන් ද රාජගිරියේ පිහිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ විහාරස්ථානයට පැමිණ මේ තර්ජනය ගැන දැනුම් දී තිබෙන බවත් උන්වහන්සේ එහි සඳහන් කර ඇත.

එම ලිපිය පහතින්.

ආරක්ෂක ලේකම්තුමනි,

මරණීය තර්ජනයක් පිළිබඳවයි.

දීර්ඝ කාලයක් තිස්සේ රටේ පැන නැග ඇති ගෝලීය ත්‍රස්තවාදය හා බැඳුණු ඉස්ලාම් අන්තවාදය පිළිබඳව මා විසින් විවිධ හෙළිදරව් කිරීම් සිදුකරන ලදී.

එමෙන්ම එම අන්තවාදය නිසා දැඩි පීඩාවට පත් අපේ පාරම්පරික මුස්ලිම් ප්‍රජාව එම පීඩාකාරී බලවේගවලින් බේරාගන්නා ලෙස ඉල්ලා සිටි අතර ඔවුන් සතු බොහෝ තොරතුරු ද අප අතට පත් කළේ රට දැනුවත් කරන ලෙස ඉල්ලමිනි. සති කීපයකට පෙර නැගෙනහිර පළාතේ එරාවුර් ප්‍රදේශයේදී සිකුරාදා දිනෙක ජුම්මා දේශනාවට පැමිණි සියලු දෙනාට අත්පත්‍රිකා විශාල ප්‍රමාණයක් බෙදා දී තිබුණි. එහි දක්වා ඇත්තේ කාසිම් නමැති තරුණයා හා ඥානසාර තෙර යන දෙදෙනා හා ඔවුන් පිටුපස සිටින අනෙක් අය ගැනත් සොයා බලා ෂරියා නීතියට අනුව ගල් ගසා මරා දැමිය යුතුයි කියාය. ලිබියා ගඩාෆි නම් කණ්ඩායමක් වට්ස්ඇප් හරහා ද මෙම පණිවිඩය මුදාහැර ඇත. යනුවෙන් ද එම ලිපියේ සඳහන්ය.

තවද “2013 වසරේ සිට ඉස්ලාම් අන්තවාදීන් සිදුකිරීමට ගිය විශාල විනාශයක් වළක්වා ගැනීමට මා ඇතුළු සංවිධානයට හැකි විය. එවන් සුවිසල් කැප කිරීමක් සිදු කළ මා අත්‍යන්ත අන්තරායකර අවදානමකට ලක්ව සිටින්නෙමි. සුදුසු ආරක්ෂාවක් ඉල්ලුව ද තවමත් එය ලැබී නැත.

මීට පෙර ප්‍රභූ ආරක්ෂාවක් ලබාදී තිබූ අතර මම කැමැත්තෙන් ම ඔවුන් නැවත අදාළ ආයතනයට යොමු කළෙමි. වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොට්ඨාසයට ද පොලිස්පතිතුමාට ද මේ බව දැනුම් දුන්නෙමි. සුදුසු යැයි (පෙර මෙන්) හැඟෙන පරිදි ඇමැති ආරක්ෂාව ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි” යනුවෙන් ද එහි සඳහන් තර ඇත.

තවත් දීර්ඝ කරුණු දැක්වීමක් ද එම ලිපියෙන් සිදුකර තිබේ.

The post ගලබොඩඅත්තේ ඥානසාර හිමි ඝාතනය කිරීමේ සූදානමක්? appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/umvywlS

Labels:

Sunday, November 2, 2025

තමන්ට අයත් දෑ රැගෙන හිටපු ජනපතිනිය නිල නිවසින් නික්මීමට සැරසෙයි

හිටපු ජනපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කොළඹ නිදහස් මාවතේ පිහිටි නිල නිවසින් නික්ම යාම සදහා බඩු මුට්ටු අස්කරගනිමින් සිටින බව වාර්තා වේ.

ජනපති හිමිකම් ඉවත් කිරීමේ පනත සම්මත වීමෙන් පසුව හිටපු ජනපතිවරුන්ට සිය නිල නිවාසවලින් ඉවත්වීමට සිදු විය.

රෝගී තත්ත්වය හේතුවෙන් නිල නිවසින් ඉවත්වීම සදහා නොවැම්බර් තිස් වන දා දක්වා කල් ලබා දෙන ඇය මුලින් ඉල්ලා තිබුණත්, එම කාලයට පෙර ඉවත් වීමට හිටපු ජනපතිනිය තීරණය කර තිබේ.

The post තමන්ට අයත් දෑ රැගෙන හිටපු ජනපතිනිය නිල නිවසින් නික්මීමට සැරසෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/tpzjDk1

Labels:

Saturday, November 1, 2025

ලාෆ්ස් ගෑස් මිල ගැන ගත් තීරණය

ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල ගණන් නොවැම්බර් මාසය සඳහා සංශෝධනය නොකිරීමට ලාෆ්ස් ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මේ බව සඳහන් කර තිබුණා.

The post ලාෆ්ස් ගෑස් මිල ගැන ගත් තීරණය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/QwVzjgr

Labels: