අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කරයි
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පත් කර තිබේ.
2025 අංක 1 දරන හදිසි අවස්ථා (විවිධ විධිවිධාන හා බලතල) නියෝග 11(1) විධිවිධාන අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කර තිබේ.
අත්‍යවශ්‍ය සේවා සැපයීම සහ පවත්වාගෙන යාමට අදාළ සියලු ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සහ සම්බන්ධීකරණය අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා වෙත පැවරේ.
ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ වන විට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කරයි.
The post අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කරයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/HWMLEGe
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home