https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: දෙසැම්බර් 12 වනදා රට පුරා පාසල් වැසෙයි ?

Tuesday, November 25, 2025

දෙසැම්බර් 12 වනදා රට පුරා පාසල් වැසෙයි ?

ශ්‍රී ලංකා ගුරු සංගමය ලබන 12 වන දින දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් දියත් කරන බව ශ්‍රී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකා ගුරු සංගමයේ සාමාජිකයින් සමඟ පැවති සාකච්ඡාවකින් පසු පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍යවරිය කිසිඳු අදහස් විමසීමකින් තොරව අත්තනෝමතික තීරණ ගන්නා බවට ජෝසප් ස්ටාලින් එහිදී චෝදනා කළේය.

පාසල් වේලාවන් දීර්ඝ කිරීමේ තීරණය ද එවැනි වැරදි තීරණයක් බව ඔහු පවසනවා.

ගුරුවරුන්ගේ වැටුප් විෂමතා විසඳා නොමැති බවත්, සුබෝධිනී වාර්තාවේ ඇති කරුණු සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර නොමැති බවත් ඔහු පැවසීය.

මෙවැනි කරුණු හේතුවෙන් දෙසැම්බර් 12 වනදා එක්දින වැඩ වර්ජනයක් දියත් කරන බව ජෝසෆ් ස්ටාලින් සඳහන් කළේය.

The post දෙසැම්බර් 12 වනදා රට පුරා පාසල් වැසෙයි ? appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/g0bjSQw

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home