https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: දකුණු මුහුදෙන් මත්ද්‍රව්‍ය කිලෝ 376ක් අල්ලයි! වටිනාකම කෝටි 400යි! ප්‍රබල පක්ෂයක සාමාජිකයෙකුත් අත්අඩංගුවට!

Friday, November 21, 2025

දකුණු මුහුදෙන් මත්ද්‍රව්‍ය කිලෝ 376ක් අල්ලයි! වටිනාකම කෝටි 400යි! ප්‍රබල පක්ෂයක සාමාජිකයෙකුත් අත්අඩංගුවට!

දකුණු මුහුදු තීරයේ දී නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය පිළිබඳ මේ වනවිට අනාවරණය වී තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ (SJB) පළාත් පාලන අපේක්ෂකයෙකු පන්නල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) නිවේදනය කරනවා.

පොලීසිය පැවසුවේ ඔහු පන්නල ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය පක්ෂයේ  හිටපු මන්ත්‍රීවරයෙකු බවයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අදාළ බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් 6දෙනා ඊයේ (20) පස්වරුවේ තංගල්ල ධීවර වරාය වෙත රැගෙන එනු ලැබීය.

ඒ අනුව එම යාත්‍රවේ තිබී මලු පහක පැකට් සියයක අසුරා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 115කට වැඩි ප්‍රමාණයක් සහ මලු 13ක පැකට් 200ක අසුරා තිබූ අයිස් මද්‍රව්‍ය කිලෝ 261කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

අදාළ මත්ද්‍රව්‍ය තොගය කෝටි 400කට අධික වටිනාකමකින් යුක්ත බව පැවසේ.

මේ අතර මෙම මත්ද්‍රව්‍ය තොගය සමග තිබී රිවෝල් වරයක් සහ පිස්තෝලයක් හා මැගසින් දෙකක් නාවික හමුදා භාරයට ගෙනන ඇති බව සඳහන්ය.

The post දකුණු මුහුදෙන් මත්ද්‍රව්‍ය කිලෝ 376ක් අල්ලයි! වටිනාකම කෝටි 400යි! ප්‍රබල පක්ෂයක සාමාජිකයෙකුත් අත්අඩංගුවට! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/2Q5z6ys

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home