https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: අයවැය කාරක සභා අවස්ථා විවාදය අද ඇරඹෙයි

Saturday, November 15, 2025

අයවැය කාරක සභා අවස්ථා විවාදය අද ඇරඹෙයි

අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය අද (15) සිට ආරම්භ වේ. ඒ අනුව විවාදය අද සිට දින 17ක් පැවැත්වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වනදා ප.ව. 6ට සිදුකරන බවය.

මේ අතර 2026 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් ඊයේ (14) සම්මත විය.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 160ක් සහ විරුද්ධව ඡන්ද 42ක් ලැබුණු අතර, 8 දෙනෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියේය.

ඒ අනුව වැඩි ඡන්ද 118කින් අයවැය දෙවන වර කියවීම සම්මත විය.

මෙහිදී විපක්ෂය නියෝජනය කරන මනෝ ගනේෂන්, රාධා ක්‍රිෂ්ණන්, පලනි දිගම්බරන් හා ජීවන් තොණ්ඩමන් යන මන්ත්‍රීවරු අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශකිරීම විශේෂයක්ය.

The post අයවැය කාරක සභා අවස්ථා විවාදය අද ඇරඹෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/BYUosKZ

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home