ඔබේ යතුරුපැදිය සහ ත්‍රිරෝද රථය ප්‍රවේශම් කරගන්න! පොලිසියෙන් දැනුම්දීමක්!
කොළඹ නගරය ඇතුළු බස්නාහිර පළාත තුළ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සොරකම් කිරීමේ සිදුවීම්වල වර්ධනයක් දක්නට ලැබෙන බව පොලීසිය පවසයි.
මාර්ගවල නවතා ඇති යතුරුපැදි සහ ත්‍රිරෝද රථ මෙලෙස සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලීසියට පසුගිය දින කිහිපය තුළ විශාල වශයෙන් පැමිණිලි ලැබී ඇති බව සඳහන්ය.
පසුගිය 8 සහ 9 යන දින දෙක තුළ පමණක් බස්නාහිර පළාත තුළ යතුරුපැදි 10ක් සහ ත්‍රිරෝද රථ 3ක් එලෙස සොරකම් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
මේ පිළිබඳව සොයාබැලීම සඳහා විශේෂ විමර්ශන කණ්ඩායම් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ වුට්ලර් මහතා පවසයි.
The post ඔබේ යතුරුපැදිය සහ ත්‍රිරෝද රථය ප්‍රවේශම් කරගන්න! පොලිසියෙන් දැනුම්දීමක්! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/EaulU1I
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home