https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: සොරෙකු එල්ල කර ප්‍රහාරයෙන් කාන්තාවකට දෑස් පෙනීම අහිමි වෙයි – “දොස්තරලා කිව්වා ඇස් දෙක කැපිලා තුවාල වෙලා තියෙන්නේ කියලා” (වීඩියෝ)

Thursday, November 6, 2025

සොරෙකු එල්ල කර ප්‍රහාරයෙන් කාන්තාවකට දෑස් පෙනීම අහිමි වෙයි – “දොස්තරලා කිව්වා ඇස් දෙක කැපිලා තුවාල වෙලා තියෙන්නේ කියලා” (වීඩියෝ)

ගල්නෑව ප්‍රදේශයේදී දිවා කාලයේදී නිවසකට කඩා වැදුනු කොල්ලකරුවෙකු විසින් කාන්තාවකට මුහුණට ඉසින කුඩු වර්ගයක් හේතුවෙන් ඇයගේ පෙනීම අහිමි වී ඇත.

මෙම සිද්ධියෙන් පසු ඇය අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබා පසුව නිවසේ පදිංචිව සිටී. වෛද්‍යවරුන් සඳහන් කළේ ඇයගේ ඇස් වලට දැඩි හානි සිදු වී ඇති බවයි.

ගල්නෑව පොලිසිය සොයාබලා සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු පහළ කලංකුට්ටිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු බව හෙළිවිය.

විමර්ශන අනුව, මෙම සැකකරු ගල්නෑව, තඹුත්තේගම, ඉපලෝගම ප්‍රදේශවල නිවාස හා වෙළඳසැල් රැසක කොල්ලකෑම් හා යතුරු පැදි සොරකම් සිදුකර ඇති බව අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගැනීමේදී පොලිසිය ඔහු සන්තයක සිට සොයා ගනිමින් දේශීයව නිෂ්පාදිත අත් බෝම්බයක් සහ සොරකම් කරන ලද යතුරු පැදියක් භාරයට ගෙන ඇත.

සැකකරු කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාර ගත කර ඇත.

The post සොරෙකු එල්ල කර ප්‍රහාරයෙන් කාන්තාවකට දෑස් පෙනීම අහිමි වෙයි – “දොස්තරලා කිව්වා ඇස් දෙක කැපිලා තුවාල වෙලා තියෙන්නේ කියලා” (වීඩියෝ) appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/yI1f7KG

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home