https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද දිවයිනට

Monday, November 3, 2025

අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද දිවයිනට

ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද (03) සිට එළැඹෙන 08 වනදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වනු ඇත.

මෙම සංචාරය ශ්‍රී ලංකාව සහ ශුද්ධාසනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත වීමේ 50 වැනි සංවත්සරය නිමිත්තෙන්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ආරාධනාවකට අනුව මෙම සංචාරය සිදු කෙරේ.

සංචාරය අතරතුරදී අගරදගුරු ගැලගර් හිමිපාණන් ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැතිනී හරිනි අමරසූරිය, සහ අමාත්‍ය විජිත හේරත් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

අගරදගුරු ගැලගර් හිමිපාණන් 50 වැනි සංවත්සරය සනිටුහන් කරමින් කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වෙන විශේෂ උත්සවයක දේශනයක්ද පවත්වනු ඇත.

The post අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද දිවයිනට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/wO1Hz5J

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home