ගුවන්තොටුපොළ වෙත එන මගීන්ට විශේෂ දැනුම්දීමක්
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය තවදුරටත් භාවිතා කරන ලෙස උපදෙස් දී තිබේ.
ඒ රට පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගුවන්තොටුපළ ප්‍රවේශ මාර්ග කිහිපයකට ගං වතුර බලපෑම් එල්ලව් ඇති බැවින්ය.
මීට අමතරව මෙම කාලය තුළ ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ තදබදය අවම කරගැනීම සඳහා, අමුත්තන් පර්යන්තයට රැගෙන නොඑන ලෙස ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (පුද්ගලික) සමාගම මගීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ වුවද ගුවන් තොටුපළ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට සඳහා පැමිණෙන ගුවන් මගීන්ගේ සහයෝගය සහ අවබෝධය අගය කරන බවද ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (පුද්ගලික) සමාගම පවසයි.
The post ගුවන්තොටුපොළ වෙත එන මගීන්ට විශේෂ දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/DVBF9Nw
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home