https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: February 2026

Saturday, February 28, 2026

ශ්‍රී ලංකා – පාකිස්තාන තීරණාත්මක ගැටුම අද! නවසීලන්තයේ ඉරණම අද තරගයේ ප්‍රතිඵලය මත!

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අවසන් තරගය ලෙස සත්කාරක ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සුපිරි 8 වටයේ තීරණාත්මක තරගය අද (28) රාත්‍රී 7.00ට මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

ඊයේ (27) පැවති තරගයෙන් එංගලන්තය හමුවේ නවසීලන්තය පරාජය වීමත් සමඟ දෙවන කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම කවුරුන්ද යන්න තීරණය කිරීමේ බලය මෙම තරගය සතු වී ඇත. ශ්‍රී ලංකාවට මෙම තරගය ගෞරවනීය ජයක් ලබාගැනීමට අවස්ථාවක් වුවද, පාකිස්තානයට සහ නවසීලන්තයට මෙය මෙවර ලෝක කුසලාන ගමන් මග තීරණය කරන තීරණාත්මක කඩඉමකි.

දැනට ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවන නවසීලන්තය අභිබවා අවසන් පූර්ව වටයට පිවිසීමට නම් පාකිස්තානයට අද සුවිශේෂී ජයග්‍රහණයක් අවශ්‍ය වේ. ඒ අනුව:

  • පළමුව පන්දුවට පහරදුනහොත්: ශ්‍රී ලංකාවට එරෙහිව අවම වශයෙන් ලකුණු 64ක ජයක් ලැබිය යුතුය.
  • දෙවනුව පන්දුවට පහරදුනහොත්: ශ්‍රී ලංකාව ලබාදෙන ඉලක්කය පන්දුවාර 13.1ක් තුළ හඹා යා යුතුය.

පාකිස්තානය මෙම ජයග්‍රහණය වාර්තා කළහොත් අවසන් පූර්ව තරග ද ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අතර, එසේ නොමැති වුවහොත් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන මෙවර ලෝක කුසලානයේ අවසන් තරගය මෙය වනු ඇත.

වසර 19ක විස්සයි20 ඉතිහාසය තුළ දෙරට අතර තරග 29ක් පවත්වා ඇති අතර, ඉන් තරග 17ක් පාකිස්තානයත් තරග 12ක් ශ්‍රී ලංකාවත් ජයගෙන තිබේ. ශ්‍රී ලංකා භූමිය තුළ පැවති තරග 8න් 5කම ජය පාකිස්තානය සතු කරගෙන ඇත.

කෙසේ වෙතත්, ලෝක කුසලාන තරග ඉතිහාසය දෙස බැලීමේදී දෙරටම තරග 2 බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවේ. විශේෂත්වය වන්නේ වසර 14කට පසු (2012න් පසු) ලෝක කුසලාන තරගාවලියකදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය එකිනෙකා හමුවන පළමු අවස්ථාව මෙය වීමයි.

The post ශ්‍රී ලංකා – පාකිස්තාන තීරණාත්මක ගැටුම අද! නවසීලන්තයේ ඉරණම අද තරගයේ ප්‍රතිඵලය මත! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Izt0V3R

Labels:

Friday, February 27, 2026

ඉන්දියාවේ සිට රැගෙන ආ පොඩි ලැසී ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කරුණු රැසක් හෙළි කරයි

ජාත්‍යන්තර රතු නිවේදන (Red Notices) නොමැතිව වුවද, විදෙස් රටවල සැඟව සිටි ප්‍රබල අපරාධකරුවන් 14 දෙනෙකු මේ දක්වා මෙරටට ගෙන්වා ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා ප්‍රකාශ කළේය.

අද (27) අලුයම ඉන්දියාවේ සිට රැගෙන ආ ‘පොඩි ලැසී’ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ඔහු මේ බව සඳහන් කළේය. රාජ්‍යතාන්ත්‍රික සබඳතා සහ ජාත්‍යන්තර පොලීසියේ (Interpol) සෘජු මැදිහත්වීම මත මෙම මෙහෙයුම් සාර්ථක වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

“පවතින මෙම රාජ්‍ය යාන්ත්‍රණය හරහා 2024,2025 සහ 2026 වසරේදී රතු නිවේදන නිකුත් කරන ලද සැකකරුවන් 29 දෙනෙක් මෙරටට ගෙන්වාගැනීමට හැකි වුණා. ඒ ව‌‌ගේම ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන නොමැති මෙරටට රැගෙන එන්නට හැකි වුණා, අද (27) දින රැගෙන ආ සැකකරු සමඟ 14 දෙනෙක්. ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන නොමැතිව  එරට ආගමන විගමන වැරදි සම්බන්ධයෙන්, පිටුවහල් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිතුමන්ගේ ඍජු මැදිහත්වීම මත ඒ ඒ  රටවල්වල තිබෙන විශ්වාසය මත පොලිස්පතිතුමාගේ පූර්ණ මැදිමත්වීම මත මෙම සැකකරුවන් අපට ගෙන්වා ගැනීමට හැකි වුණා. ඒ වගේම රතු නිවේදන 89ක් සංවිධානාත්මක අපරාධකරුවන් සඳහා ලබාගෙන තිබෙනවා. 2026 වසරේදී මෙම සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට උපරිම උත්සහයක් දරනවා.”

The post ඉන්දියාවේ සිට රැගෙන ආ පොඩි ලැසී ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කරුණු රැසක් හෙළි කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/R9AWsem

Labels:

“අත අරින එක ක්‍රීඩාවේ විසඳුම නෙවේ” – ලසිත් මාලිංග

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජය හමුවේ කලකිරීමට පත්ව සිටින ප්‍රේක්ෂකයන් වෙනුවෙන් හිටපු සුපිරි වේගපන්දු යවන්නෙකු සහ හිටපු නායක ලසිත් මාලිංග සිය නිල ‘Facebook’ ගිණුමේ විශේෂ සටහනක් තබා තිබේ.

අතීතය සිහිපත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසු මීළඟ ලෝක කුසලානය (2014 විස්සයි20 ලෝක කුසලානය) ජයග්‍රහණය කිරීමට වසර 18ක දීර්ඝ කාලයක් බලා සිටීමට සිදු වූ බවයි. එම නිසා, පරාජයන් හමුවේ කණ්ඩායම අත්නොහැර තවත් ලෝක කුසලානයක් දිනන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ රැඳී සිටින ලෙස ඔහු රසිකයන්ගෙන් ඉල්ලා සිටියි.

“අත්හරින එක ක්‍රීඩාවේ විසඳුම නෙවෙයි” යනුවෙන් අවධාරණය කරන මාලිංග, ජයග්‍රහණය කරා යන ගමනේදී ඉවසීමෙන් සහ විශ්වාසයෙන් යුතුව කණ්ඩායම පිටුපස සිටීමේ වැදගත්කම මෙම සටහන හරහා පෙන්වා දී ඇත.

ලසිත් මාලිංග තැබූ සටහන,

“1996 දී අපේ රට පළවෙනි ලෝක කුසලානය දිනපු දවසෙ ඉදල එක දිගට ලෝක කුසලානවල පළවෙනි වටයෙන්, ඒ වගේම final ඇවිත් ලෝක කුසලාන හතරක අවසාන තරගය පරදිනකොට ක්‍රීඩාවට ආදරය කරපු ගොඩක් අය ක්‍රීඩාවෙන් ඈත් වෙන්න ඇති. 

ඒත් මගේ රටට තවත් ලෝක කුසලානයක් දිනන්න පුලුවන් කියල හිතපු හැමෝම අමාරුවෙන්, දුකෙන්, බැන බැන හරි 2014 වෙනකන් ක්‍රීඩාවට වගේම ක්‍රීඩකයන්ටත් සහයෝය දෙන ගමන් අවුරුදු 18ක් ඉවසන්න ඇති. ඒ ඉවසීම නිසා 2014 දී දිනන්න පුලුවන් උනා. 

ඉතින් අපිට තවත් ලෝක කුසලානයක් දිනන්න බැරිවෙන්න විදියක් නෑ. ඉතින් දැන් අවුරුදු 12 ගියා. ඒත් ක්‍රීඩාව, තේරුම් ගෙන ක්‍රීඩාවත් එක්ක ඉන්න ගොඩක් අය ඇති.

ඒ නිසා මම වගේම ඒ අයත් ඊළඟ ලෝක කුසලානය දිනනකන්ම ක්‍රීඩාවත් එක්ක ඉදියි. අතහරින එක ක්‍රීඩාවේ විසදුම නෙමෙයි” යනුවෙන් ඔහු දක්වා තිබුණි.

The post “අත අරින එක ක්‍රීඩාවේ විසඳුම නෙවේ” – ලසිත් මාලිංග appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/xctNMf5

Labels:

පොඩි ලැසී දිවයිනට රැගෙන එයි 

ඉන්දියාවේ මුම්බායි නුවරදී අත්අඩංගුවට ගනු ලැබූ මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා හෙවත් ‘පොඩි ලැසී’ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (27) අලුයම මෙරටට රැගෙන එනු ලැබීය.

රාජතාන්ත්‍රික මට්ටමින් සහ ජාත්‍යන්තර පොලීසියේ මැදිහත්වීම මත එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් මොහු, අද අලුයම 05.55 ට මුම්බායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 142 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එන ලදී.

2024 දෙසැම්බර් 09 වනදා අධිකරණයෙන් ඇප ලබා ගැනීමෙන් අනතුරුව මොහු මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ඉන්දියාවට පලා ගොස් තිබුණි.2025 ජනවාරි මාසයේදී ඉන්දියාවේ මුම්බායි නුවරදී එරට ආරක්ෂක අංශ භාරයට පත් විය.

ගුවන් තොටුපොළේ සිට දැඩි පොලිස් ආරක්ෂාවක් මධ්‍යයේ මොහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත භාර දීමට රැගෙන ගිය බව වාර්තා වේ. මොහුට එරෙහිව මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ රාජ්‍ය නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කිරීම ඇතුළු බරපතළ චෝදනා රැසක් පවතී.

The post පොඩි ලැසී දිවයිනට රැගෙන එයි  appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ArbD9uS

Labels:

Thursday, February 26, 2026

සාමාන්‍ය පෙළ අවසන් දිනයේ සිසුන්ගේ හැසිරීම ගැන පොලිසිය දැඩි අවධානයෙන්

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (26) දින අවසන් වීමට නියමිතයි.

විභාගය අවසන් වීමෙන් පසු සිසුන් කළහකාරී සිදුවීම්වලට මැදිහත් වීම වැළැක්වීම සඳහා පොලිසිය විශේෂ ආරක්ෂක පියවර රැසක් ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, පසුගිය වසරවල දත්ත විශ්ලේෂණය කිරීමේදී විභාගය අවසන් වන දිනයේ සිසුන් කළහකාරී ලෙස හැසිරීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වී ඇති බවයි.

ඒ අනුව, මෙවැනි තත්ත්වයන් පාලනය කිරීම සඳහා පොලිසිය දැනටමත් සැලසුම් සකස් කර ඇති අතර, තම දරුවන් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙස පොලිසිය දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරනවා.

සිසුන් මෙවැනි අහිතකර ක්‍රියාවලට පෙළඹීම වැළැක්වීම සඳහා දෙමාපියන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බව ද සඳහන්.

The post සාමාන්‍ය පෙළ අවසන් දිනයේ සිසුන්ගේ හැසිරීම ගැන පොලිසිය දැඩි අවධානයෙන් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Ky8ciz9

Labels:

Wednesday, February 25, 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉරණම තීන්දු වන තීරණාත්මක ක්‍රිකට් තරගය අදයි

මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය නවසීලන්තයට එරෙහිව කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (25) රාත්‍රී 7ට පැවැත්වෙයි.

අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් ශ්‍රී ලංකාව මෙම තරගය අනිවාර්යයෙන්ම ජය ගතයුතුය.

මෙම තරගයේද සියලු ප්‍රවේශපත් අලෙවි වී අවසන් ඇති බැවින් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිවිසුම් දොරටු පස්වරු 4ට විවෘත කෙරෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකා පිල සහභාගි වූ පළමු තරගය එංගලන්තය හමුවේ ලකුණු 51කින් පරාජය පත්වුණි.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට බලාපොරොත්තු රඳවා ගැනීමට නම් නවසීලන්තයට එරෙහිව අද පැවැත්වෙන තරගය අනිවාර්යෙන්ම ජය ගත යුතුය.

මෙම තරගය වෙනුවෙන් දෙපිලම ඊයේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පුහුණුවීම්වල නිරත වුණි.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මේ දක්වා පන්දුවාර විස්සයි20 තරග 28ක් පවත්වා ඇති අතර ඉන් තරග 16ක් නවසීලන්තය ජය ගනිද්දී ශ්‍රී ලංකාව තරග 9ක් ජය ගෙන ඇත.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරග 6ක් පවත්වා ඇති අතර ඉන් තරග 3ක් නවසීලන්තය ජය ගත් අතර ශ්‍රී ලංකාව තරග 2ක් ජය ගැනීමට සමත්වුණි.

The post ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉරණම තීන්දු වන තීරණාත්මක ක්‍රිකට් තරගය අදයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/vUn6GRB

Labels:

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවන වෙඩික්කරුත් අත්අඩංගුවට

මොනරාගල, හුළංදාව ප්‍රදේශයේදී අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවන වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මොනරාගල, පොලීසිය මගින් සිදුකළ විශේෂ විමර්ශනයකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, අත්අඩංගුවට ගත් මෙම සැකකරු මේ වනවිට පොලීසියේ රඳවාගෙනෙ වැඩිදුර ප්‍රශ්නකිරීමේ කටයුතු සිදුකරමින් සිටින බව වාර්තා වෙයි.

මෙම සැකකරු අකුරේගොඩ ද්විත්ව ඝාතනයට සම්බන්ධ දෙවන වෙඩික්කරුද යන්න පිළිබඳව මුහුණු හඳුනාගැනීමේ අවේක්ෂණ පද්ධතිය ඔස්සේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.

මේ අතර මෙම ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් තවත් වෙඩික්කරුවෙකු අම්බලන්ගොඩ ප්‍රදේශයේ දී පසුගියදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 90ක රැඳවුම් නියෝග ලබා ගෙන තිබේ.

එහිදී ටී 56 වර්ගයේ ගිනි අවිය මගින් වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

එම සැකකරු හමුදාවෙන් පළාගිය අයෙකු බවට ද තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්ය. 

පසුගිය 13 වනදා අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථගාලක මෝටර් රථයක සිටි නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩික්කරුවන් දෙදෙනකු විසින් වෙඩි තබා ඝාතනය කෙරුණි.

වෙඩික්කරුවකු මෙම වෙඩි ප්‍රහාරයට පෙර පන්නිපිටියේ නවාතැන්පලට රැගෙන ආ පුද්ගලයෙකු තායිලන්තයට පලාගොස් ඇති බව වාර්තා වෙයි.

මෙම ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මත පසුගිය 16 සහ 17 යන දිනවලදී කහතුඩුව පොලිස් වසමේදී පුද්ගලයින් තිදෙනෙකු පොලිසිය විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.

The post අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවන වෙඩික්කරුත් අත්අඩංගුවට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/CwqhXNK

Labels:

Tuesday, February 24, 2026

අද පස්වරු 2න් පසු කාලගුණයේ වෙනසක්

දකුණු පළාතේ මෙන්ම රත්නපුර, මොනරාගල සහ කළුතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක  අද (24) පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල බොහෝ දුරට වැසි රහිත වියළි කාලගුණයක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ උතුරු-මැද පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් දැකගත හැකි වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව හමන තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

The post අද පස්වරු 2න් පසු කාලගුණයේ වෙනසක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/uIbXVvL

Labels:

Monday, February 23, 2026

මැලේසියාවට ප්‍රබල භූකම්පනයක්

මැලේසියාවේ බෝර්නියෝ දූපතේ සබා ප්‍රාන්තය ආශ්‍රිතව රික්ටර් මාපකයේ ඒකක 7ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) සඳහන් කර ඇත්තේ මෙම ප්‍රබල කම්පනය ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකටම දැනී ඇති බවයි.

මෙම භූකම්පනය හේතුවෙන් මේ දක්වා කිසිදු ජීවිත හානියක් හෝ බරපතළ දේපළ හානියක් සිදුව ඇති බවට වාර්තා වී නොමැති බව මැලේසියානු බලධාරීන් පවසයි.

එමෙන්ම, මෙම කම්පනය හේතුවෙන් මුහුදු ප්‍රදේශයේ සුනාමි තර්ජනයක් හටගැනීමේ අවදානමක් නොමැති බව ද නිල වශයෙන් තහවුරු කර ඇත.

The post මැලේසියාවට ප්‍රබල භූකම්පනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/qNxwV7d

Labels:

Sunday, February 22, 2026

කැළඹුණු කාලගුණය ගැන නිවේදනයක්

උතුරු සහ නැගෙනහිර පළාත් සහ පුත්තලම  දිස්ත්‍රික්කවලට කිහිප වතාවක් වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ප.ව. 1.00 න් පසු රට පුරා ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සමහර ස්ථානවල මි.මී. 75කට වඩා අධික වර්ෂාව අපේක්ෂා කෙරේ.

මධ්‍යම හා සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල උදෑසන මීදුම දැකිය හැකියි.

ගිගුරුම් සහිත වර්ෂාව අතරතුර එම ප්‍රදේශවලට තාවකාලිකව හමන සුළං සහ අකුණු හේතුවෙන් සිදු වන හානි අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

The post කැළඹුණු කාලගුණය ගැන නිවේදනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/J9MgVA1

Labels:

මහවැලි ගඟ ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

මහවැලි ගඟ ද්‍රෝණියේ පහත්බිම් ආශ්‍රිත ප්‍රදේශ සඳහා ඉදිරි පැය 24ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ මහවැලි ගඟෙහි ඇතැම් ධාරා ප්‍රදේශවලට පසුගිය ඇද හැලෙන වර්ෂාපතනය හේතුවෙන් මහවැලි ගඟ ද්‍රෝණියේ කින්නියා, මුතූර්, සේරුවිල, වැලිකන්ද, ලංකාපුර තමන්කඩුව හා දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහවැලි ගඟ ආසන්නයේ පහත්බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 24ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවය.

තවද මඩකලපුව – පොළොන්නරුව මාර්ගය ගල්ලෑල් ප්‍රදේශයෙන්ද, සෝමාවතිය රජමහා විහාර පිවිසුම් මාර්ගයද, සෝමාවති රජමහා විහාරය අවට ප්‍රදේශයටද සුළු ගංවතුර තත්ත්යක් ඇතිවීමේ අවධානමත් මතුව ඇති බැවින් ඉදිරි දින කිහිපය පසුවන තෙක් සෝමාවති රජමහා විහාරය වෙත ගමන් කරන බැතිමතුන් මෙන්ම එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව පදිංචි ජනතාවද ඒ සම්බන්ධව විමසිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සියලු පාර්ශ්වයන් වෙත දැනුම්දී තිබේ. 

එමෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය 23 වැනිදා මධ්‍යම රාත්‍රී 12 දෙක් බලපැවැත්වෙන බවද සඳහන් කර ඇත.

The post මහවැලි ගඟ ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/VfyHGwF

Labels:

Saturday, February 21, 2026

ට්‍රම්ප් ශ්‍රී ලංකාව ඇතුළු රටවලට යළිත් නව බද්දක් පනවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෝලීය ආනයන සඳහා 10%ක නව බද්දක් ප්‍රකාශයට පත්කර තිබේ.

ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් පසු ඔහු විසින් වහාම ක්‍රියාත්මක වන මෙම නව බද්ද පනවා ඇත.

ජනාධිපති ට්‍රම්ප් විසින් ඒකපාර්ශ්විකව පැනවූ ගෝලීය වෙළෙඳ තීරුබදු ෆෙඩරල් නීතිය උල්ලංඝනය කිරීමක් බව අදාළ තීන්දුවේ දැක්විණි.

එහිදී 6-3ක බහුතරයකින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළේ, ජාතික හදිසි අවස්ථා සඳහා වෙන්කර ඇති නීතිය හරහා තීරුබදු පනවා ට්‍රම්ප් ඔහුගේ අධිකාරි බලය ඉක්මවා ගොස් ඇති බවය.

කෙසේ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු විවේචනය කරන ට්‍රම්ප් නව බද්ද ප්‍රකාශයට පත්කරමින් පවසා ඇත්තේ, එම තීන්දුව ‘දරුණු’ බවය.

එමෙන්ම ඔහුගේ වෙළෙඳ ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කළ විනිසුරුවරුන් ‘මෝඩයන්’ ලෙස ඔහු අර්ථ දක්වා ඇත.

The post ට්‍රම්ප් ශ්‍රී ලංකාව ඇතුළු රටවලට යළිත් නව බද්දක් පනවයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Nnajeiz

Labels:

Friday, February 20, 2026

මහා සඟ සමුළුව අද කොළඹදී

වර්තමානයේ බුදුදහමට සහ මහා සංඝරත්නයට එල්ල වෙමින් පවතින විවිධ බලපෑම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සංවිධානය කෙරෙන විශේෂ මහා සඟ සමුළුවක් අද (20) පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම සමුළුව අද පස්වරු 2.00 ට කොළඹ පිහිටි බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේදී ආරම්භ වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අවධාරණය කළේ මෙම සමුළුව කිසිදු දේශපාලන අරමුණක් වෙනුවෙන් පවත්වන්නක් නොවන බවයි.

වර්තමාන සමාජය තුළ භික්ෂූන් වහන්සේලා ඉලක්ක කර ගනිමින් එල්ල වන විවිධ බලපෑම් සහ අභියෝගයන්ට විරෝධය පළ කිරීම මෙන්ම, ඒ පිළිබඳව පොදු මහජනතාව දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

මේ අතර, රටේ බෙදුම්වාදයට සහ ඊට අනුබල දෙන බලවේගවලට එරෙහිව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින මහජන පෙත්සමකට අත්සන් තැබීමේ වැඩසටහනක් ඊයේ (19) ආරම්භ විය.

මෙම මහජන පෙත්සම ඉදිරි දිනකදී ජනාධිපතිවරයා වෙත භාරදීමට කටයුතු කරන බව සංවිධායක මණ්ඩලය ප්‍රකාශ කර සිටී.

The post මහා සඟ සමුළුව අද කොළඹදී appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/qw1MtJ6

Labels:

Thursday, February 19, 2026

ජනපති අද AI Impact Summit 2026 සමුළුව අමතයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා AI IMPACT  2026 සමුළුව අද (19) ඇමතීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිටත් නවදිල්ලි නුවරට ගොස් සිටිනවා.

ඊට සමගාමීව ජනාධිපතිවරයා අද (19) සහ හෙට (20) හමුවීම් රැසකට එක්වීමට නියමිතයි.

මේ අතර නව දිල්ලි නුවරට පැමිණ සිටින රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් පිරිනමනු ලබන විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට ද ජනාධිපතිවරයා ඊයේ (18) එක් වුණා.

කෘත්‍රීම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් ඒ.අයි ඉම්පැක්ට් 2026 සමුළුව පැවැත් වෙනවා.

රාජ්‍ය නායකයන් සහ ලොව තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවැත් වෙන එම  සමුළුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) දිනයේ ඇමතීමට නියමිතයි.

The post ජනපති අද AI Impact Summit 2026 සමුළුව අමතයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/bgYnqGP

Labels:

Wednesday, February 18, 2026

අඹතලේ සිට දෙහිවල දක්වා ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිඳවැටීමක්

අඹතලේ සිට දෙහිවල දක්වා ජලය රැගෙන යන ප්‍රධාන ජල සැපයුම් නළ පද්ධතියක ඇති වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

බලපෑමට ලක්වන ප්‍රදේශ

මෙම හදිසි නඩත්තු කටයුත්ත හේතුවෙන් පහත සඳහන් ප්‍රදේශවලට දැනට ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇත:

  • මොරටුව, රාවතාවත්ත සහ සොයිසාපුර
  • රත්මලාන, ගල්කිස්ස සහ දෙහිවල
  • වැල්ලවත්ත සහ පාමංකඩ
  • මුල්ලේරියාව සහ කොළොන්නාව

මීට අමතරව, බත්තරමුල්ල ප්‍රදේශයට දැනට අඩු පීඩනයක් යටතේ ජලය සපයන බව මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

දැනටමත් අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති අතර, හෙට (19) පෙරවරු 6.00 වන විට අදාළ ප්‍රදේශවලට ජල සැපයුම යථාතත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දන්වා සිටී. ජල පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය සිය කණගාටුව පළ කර සිටියි.

The post අඹතලේ සිට දෙහිවල දක්වා ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිඳවැටීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ilwp2Tb

Labels:

United Motors, ලාංකීය වෙළඳපොළට හඳුන්වාදුන් ආසන 7කින් සමන්විත MITSUBISHI නවතම රථය

ශ්‍රී ලංකාවේ Mitsubishi වාහන සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන United Motors Lanka PLC, සිය නවතම Mitsubishi Destinator රථය මෙරට වෙළඳපොළට හඳුන්වා දී ඇත. වැඩි ඉඩකඩ,  උපරිම ආරක්ෂාව සහ නවීනත්වය අපේක්ෂා කරන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් වෙනුවෙන්ම මෙය නිර්මාණය කර තිබේ.

ආසන පේළි තුනකින් යුත් මෙම ප්‍රමුඛ පෙළේ සුඛෝපභෝගී SUV රථය, රුපියල් මිලියන 24.95ක් වැනි සුවිශේෂී හඳුන්වාදීමේ මිලකට ලබා දීමට United Motors ආයතනය කටයුතු කරයි. නවීන තාක්ෂණයෙන් සන්නද්ධ Destinator රථය වෘත්තිකයන් සහ ව්‍යාපාරික අංශය සඳහා වඩාත් සුදුසු රථයක් වන අතර 163 BHP බලයක් සහ 250 Nm ක ව්‍යාවර්ථයක් (Torque) නිපදවන, ක්ෂණික ප්‍රතිචාර දක්වන 1.5-ලීටර් Turbocharged එන්ජිමකින් බලගන්වා ඇත. මෙය නවීනතම විශේෂාංග රැසකින් සමන්විත, සම්මානලාභී තාක්ෂණයන්ගෙන් බලගැන්වුණු උසස් තත්ත්වයේ SUV රථයකි.

මෙය නාගරික ගමනාගමනයට මෙන්ම සංචාරක, විනෝද චාරිකා සඳහා ද එකසේ ගැලපෙන අයුරින් නිපදවා තිබේ. එහි ඇති Normal, Wet, Gravel, Tarmac සහ Mud යන ධාවන මාදිලි (Drive modes) පහ මගින් ශ්‍රී ලංකාවේ ඕනෑම මාර්ග තත්ත්වයකට ගැලපෙන පරිදි රථයේ ක්‍රියාකාරිත්වය උපරිම කර ගැනීමට රියදුරුට අවස්ථාව සලසා දෙයි. මීට අමතරව, ඉහළ බිම් පරතරය (High ground clearance) සහ ආසියානු කලාපයේ මාර්ගවලට ගැලපෙන පරිදි නිපදවූ ASEAN-tuned suspension පද්ධතිය නිසා ඕනෑම මාර්ගයක උපරිම විශ්වාසයකින් සහ සුවපහසුවකින් යුතුව ගමන් කළ හැකිය.

මෙම රථයේදී ආරක්ෂාවට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. රියදුරුට සහ මගීන්ට උපරිම සුවපහසුවක් ලබා දීම සඳහාම නිර්මාණය කර ඇති මෙම රථය, ASEAN NCAP තරු 5 (5-star) ඉහළම ආරක්ෂිත ශ්‍රේණිගත කිරීමෙන් පිදුම් ලබා ඇත. මෙහි ආරක්ෂාව සඳහා SRS වායු බෑග් (Airbags) 6ක් සහ Mitsubishi සමාගමේ දියුණු ආරක්ෂක පද්ධතිය (Advance Safety Sensing suite) ඇතුළත් කර තිබේ. මෙය Blind Spot Warning (BSW), Rear Cross Traffic Alert (RCTA) වැනි නවීන අංගයන්ගෙන් සමන්විත ‘Intelligent co-pilot’ තාක්ෂණයෙන් ක්‍රියා කරයි. අනතුරු වළක්වා ගැනීමට ක්‍රියාකාරීව දායක වන මෙම පද්ධතිය මගින් ඔබගේ සෑම ගමනකම සුරක්ෂිතභාවය තහවුරු කරයි.

වැඩි ඉඩකඩක් සහිත, නවීන තාක්ෂණයෙන් සන්නද්ධ සුවපහසු අභ්‍යන්තර නිමාව, වැඩිහිටියන් හත් දෙනෙකුට එකසේ සුවපහසුව සැලසෙන පරිදි පේළි තුනක අසුන් ගැනීමේ හැකියාව මෙන්ම මෙය අතිනවීන ඩිජිටල් පාලන මැදිරියක් ද (Digital Cockpit) සහිතව  නිර්මාණය කර ඇත. එහි අඟල් 12.3ක    පුලුල් ස්පර්ශක තිරය (monolithic touchscreen)  සහ අඟල් 8ක ඩිජිටල් තොරතුරු පුවරුව රියදුරුට  පහසුවක් සලසා දෙයි. දර්ශනීය පරිදර්ශක සන්රූෆ් (Panoramic sunroof) එක, වර්ණ 64කින් වෙනස් කළ හැකි අභ්‍යන්තර ආලෝකකරණය (customizable 64-colour ambient mood lighting) සහ Yamaha Premium ස්පීකර් 8ක ශබ්ද පද්ධතිය මගින් රථය භාවිත කරන්නන්හට  සුපිරි ධාවන අත්දැකීමක් ලබාදෙයි. නම්‍යශීලී අසුන් සැකැස්ම, වැඩි  ගබඩා ඉඩකඩ සහ ස්මාර්ට් ජංගම දුරකතන ආරෝපණ හැකියාව මෙහි ප්‍රායෝගික බව මනාව විදහා දක්වයි.

Destinator රථය වෙළඳපොළට පිවිසෙන්නේ සිය විශිෂ්ටත්වය සනාථ කරමිනි. එය ඉන්දුනීසියාවේ පැවැති කීර්තිමත් FORWOT 2025, වසරේ මෝටර් රථය ඇගයීමේදී Best of the Best යන ගෞරව නාමයෙන් පිදුම් ලැබූ අතර, Best Internal Combustion Engine යන අංශයේ ජයග්‍රහණය ද හිමිකර ගත්තේය. මෙය එම රථයේ ඇති විශිෂ්ට ඉංජිනේරු තාක්ෂණය සහ සැලසුම් නිර්මාණය මනාව තහවුරු කරන්නකි.

“Mitsubishi Destinator යනු ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට ඉතා හොඳින් ගැලපෙන වාහනයකි,” යැයි United Motors Lanka PLC හි විධායක අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරී චානක යටවර මහතා පැවසීය. “එය ඉඩකඩ, තාක්ෂණය සහ උසස් ආරක්ෂාව යන අංශයන්ගේ ප්‍රබල එකතුවක් වන අතර, SUV සඳහා නව අර්ථකථනයක් ලබාදෙන රථයකි. Mitsubishi සතු විශ්වසනීයත්වය මෙන්ම, විධිමත් අලෙවියෙන් පසු සේවාව, වගකීම සහ දිවයින පුරා අමතර කොටස් ලබා ගැනීමේ හැකියාව වෙනුවෙන් අප සතු නොසැලෙන කැපවීම සමඟින් මෙම රථය පාරිභෝගිකයා වෙත පිරිනැමීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙමු.

රළු පරිසරයන්ට ඔරොත්තු දීමේ හැකියාව (rugged capability), වෘත්තීමය නිමාව (professional-focused design) සහ ආකර්ෂණීය මිල මට්ටම් හේතුවෙන්, නවතම Mitsubishi Destinator රථය ශ්‍රී ලාංකීය මාර්ග ජය ගැනීමට දැන් සූදානම්ය. Destinator රථයේ අත්දැකීම සජීවීව විඳගැනීම සඳහා අදම ඔබගේ ළඟම ඇති United Motors Mitsubishi ප්‍රදර්ශනාගාරය වෙත පිවිසෙන්න. පරීක්ෂණ ධාවනයන් (Test drives) සඳහා ද දැන් අවස්ථාව ඇත. වැඩිදුර තොරතුරු සඳහා 0117 565 111, 0117 565 104 හෝ 0117 565 173 යන දුරකථන අංක ඔස්සේ United Motors ආයතනය අමතන්න.

The post United Motors, ලාංකීය වෙළඳපොළට හඳුන්වාදුන් ආසන 7කින් සමන්විත MITSUBISHI නවතම රථය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/6rDRV29

Labels:

Tuesday, February 17, 2026

ලංගමට නවක සේවකයින් බඳවා ගැනීම ගැන තීරණයක්

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ (ලංගම) සියලු තනතුරු සඳහා සේවකයන් අන්තර්ග්‍රහණය කිරීම මින් ඉදිරියට සුදුසුකම් සහ පළපුරුද්ද මත පමණක් සිදුකරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

මෙම නව වැඩපිළිවෙල හරහා බඳවා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් මෙන්ම විනිවිදභාවයකින් යුතුව සිදුකිරීම රජයේ අරමුණ වී තිබේ.

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ සියලුම ලංකා ගමනා ගමන මණ්ඩල ප්‍රාදේශීය කාර්යාල මට්ටමින් මෙම නව බඳවා ගැනීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

The post ලංගමට නවක සේවකයින් බඳවා ගැනීම ගැන තීරණයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ea7Y5vu

Labels:

Monday, February 16, 2026

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක්

2025 වර්ෂයට අදාළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (17) දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,545කදී ආරම්භ වීමට නියමිතය.

මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 451,463ක් පෙනී සිටින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විභාගයට පෙනී සිටින සිසුන් හෙට දිනයේ පීඩනයකින් තොරව සැහැල්ලු මනසකින් පසුවීම ඉතා වැදගත් බව රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය විශේෂඥ මනෝ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා අවධාරණය කරයි.

විශේෂයෙන්ම රාත්‍රියේ නිදි වර්ජිතව පාඩම් කිරීමෙන් වැළකී සිටිය යුතු බවත්, ආගමික වතාවත්වල නිරත වෙමින් සිත සන්සුන් කර ගැනීම සුදුසු බවත් වෛද්‍යවරයා පෙන්වා දෙයි.

මේ වන තෙක් අධ්‍යයනය කර නොමැති අලුත් විෂය කරුණු කියවීමට උත්සාහ නොකර, දැනටමත් ඉගෙන ගෙන ඇති කරුණු පමණක් නැවත ආවර්ජනය කිරීම ප්‍රමාණවත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. හෙට දිනට අවශ්‍ය පෑන්, පැන්සල් ඇතුළු උපකරණ කලින්ම සූදානම් කරගෙන මානසික නිරවුල්භාවය පවත්වා ගැනීම මෙහිදී අතිශය වැදගත් වේ.

විභාග ශාලාව තුළදී ප්‍රශ්න පත්‍රය ලැබුණු පසු මුල් විනාඩි 5ක කාලය ඉතා තීරණාත්මක බව පෙන්වා දෙන වෛද්‍යවරයා, එම කාලය තුළ මානසික පීඩනය ඉහළ යා හැකි බැවින් වහාම පිළිතුරු ලිවීමට උත්සාහ නොකරන ලෙස සිසුන්ට දන්වා සිටී.

ඒ වෙනුවට මුළු ප්‍රශ්න පත්‍රයම හොඳින් කියවා තමන්ට වඩාත්ම පහසු ප්‍රශ්නය තෝරාගෙන පිළිතුරු ලිවීම ආරම්භ කිරීමෙන් සෘණාත්මක පීඩනය අවම කර ධනාත්මක ප්‍රවේශයක් ලබා ගත හැකි බව මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

The post සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/P39TiBj

Labels:

Sunday, February 15, 2026

ලොවක් බලා සිටින, පාකිස්ථානයට අතට අත දීම ගැන ඉන්දීය නායකයාගෙන් පිළිතරු

විස්සයි විස්ස ලෝක කුසලානයේ තීරණාත්මක ඉන්දු – පාකිස්ථාන තරගය හෙට රාත්‍රී 07.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේදී දෙරටේ ක්‍රීඩකයින් අතර පවතින “අතට අත නොදීමේ” සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය නායක සූර්ය කුමාර් යාදව්ගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළහ.

එහිදී ඔහු ඉතා රාජ්‍යතාන්ත්‍රික පිළිතුරක් ලබා දෙමින් කියා සිටියේ ඒ සම්බන්ධයෙන් දැන ගැනීමට තවත් පැය 24 ක් ඉවසා සිටින ලෙසත්, තම කණ්ඩායමේ එකම අරමුණ හොඳින් ක්‍රිකට් ක්‍රීඩා කිරීම බවත්ය.

The post ලොවක් බලා සිටින, පාකිස්ථානයට අතට අත දීම ගැන ඉන්දීය නායකයාගෙන් පිළිතරු appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/es8lAkm

Labels:

Saturday, February 14, 2026

රැල්ලට AIවලින් පින්තුර හදලා ෆේස්බුක් එකේ දැම්මාද? එහෙනම් මේ අනතුර ගැනත් දැනගන්න

මෑත කාලීනව ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවල කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතා කරමින් තමන්ගේම නිර්මාණාත්මක ඡායාරූප සකස් කර පළ කිරීමේ විශාල ප්‍රවණතාවක් දක්නට ලැබේ.

පුද්ගලීකරණය කරන ලද ඩිජිටල් කැරිකේචර් (Personalized digital caricature) ලෙස හැඳින්වෙන මෙම රූප රාමු මගින් පුද්ගලයෙකුගේ වෘත්තිය, විනෝදාංශ සහ පෞරුෂය එකම රූපයකට ගොනු කර පෙන්වනු ලබයි.

කෙසේ වෙතත්, මෙම විනෝදාත්මක ක්‍රියාවලිය පිටුපස දැවැන්ත පෞද්ගලික දත්ත අවදානමක් පවතින බව විෂය ප්‍රාමාණිකයකු වන හරිත දහනායක මහතා පෙන්වා දෙයි.

ඔහු පවසන පරිදි, මෙවැනි AI මෘදුකාංග වෙත ඔබේ ඡායාරූපයක් ලබා දුන් විට, එම ආයතනයට ඔබේ රුව ගබඩා කර ගැනීමටත්, එය ඔවුන්ගේ AI පද්ධති පුහුණු කිරීම සඳහා යොදා ගැනීමටත් නිරායාසයෙන්ම අවසර හිමි වේ.

මෙහි ඇති බරපතලම තර්ජනය වන්නේ ඔබේ මුහුණේ ජෛවමිතික දත්ත (Biometric Data) හෙවත් ඇස් අතර පරතරය සහ හනුවේ හැඩය වැනි වෙනස් කළ නොහැකි සුවිශේෂී මිනුම් එම පද්ධති තුළ සටහන් වීමයි. මුරපදයක් (Password) මෙන් නොව, ඔබේ මුහුණේ ලක්ෂණ වෙනස් කළ නොහැකි බැවින් මෙවැනි දත්ත සොරාගැනීමකට ලක්වීම ජීවිත කාලයටම බලපාන තර්ජනයක් විය හැකිය.

මීට අමතරව, මෙම රූප සැකසීමට ලබා දෙන තොරතුරු හරහා පුද්ගලික පැතිකඩක් (Profile) නිර්මාණය කිරීමට වංචාකරුවන්ට අවස්ථාව ලැබේ. “මම ක්‍රිකට් වලට කැමති නීතිඥයෙක්” වැනි විස්තර හරහා ඔබව ඉලක්ක කරගත් සයිබර් ප්‍රහාර (Phishing) එල්ල කිරීමට ඔවුන්ට මග පෑදේ.

විශේෂයෙන්ම කුඩා ජංගම දුරකථන යෙදුම් (Apps) ඔබේ දත්ත ප්‍රචාරණ ආයතන වෙත විකිණීමේ අවදානමක් ද පවතී. අපගේ තොරතුරු ස්වකැමැත්තෙන්ම මෙවැනි දත්ත ගබඩාවලට (Databases) ලබා දීම මගින් ඉදිරියේදී රූපයක් දුටු පමණින් ඕනෑම අයෙකුගේ සම්පූර්ණ ඉතිහාසයම අනාවරණය කර ගැනීමේ හැකියාව AI පද්ධති සතු වන බවට හරිත දහනායක මහතා අනතුරු අඟවයි.

The post රැල්ලට AIවලින් පින්තුර හදලා ෆේස්බුක් එකේ දැම්මාද? එහෙනම් මේ අනතුර ගැනත් දැනගන්න appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/hzcviul

Labels:

ආදරවන්තයින්ගේ දිනය සමරන ආදරවන්තයින්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක්

අද (14) දිනට යෙදී ඇති ආදරවන්තයින්ගේ දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහිදී ප්‍රධාන වශයෙන් අවධාරණය කර ඇත්තේ මෙම දිනය සමරන සියලුම ආදරවන්තයින් රටේ පවතින නීති රීතිවලට මෙන්ම සමාජීය සාරධර්මවලට අනුකූලව කටයුතු කළ යුතු බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පවසා සිටින්නේ, තමන්ගේ සැමරීම් සිදුකිරීමේදී අනෙකුත් පුද්ගලයන්ට අපහසුවක් නොවන පරිදි සහ ශීලාචාර ලෙස හැසිරීමට වගබලා ගත යුතු බවයි.

විශේෂයෙන්ම පොදු ස්ථානවලදී ගෞරවනීය ලෙස හැසිරීමේ වැදගත්කම ඔහු පෙන්වා දී ඇත.

එසේම, ආදරවන්තයින් තම ආරක්ෂාව සහ ගෞරවය පිළිබඳව දැඩි ලෙස කල්පනාකාරී විය යුතු බවත්, ඕනෑම සැමරීමක් සමාජ සම්මතයන්ට පටහැනි නොවන අයුරින් සිදුකළ යුතු බවත් පොලිසිය වැඩිදුරටත් සිහිපත් කර සිටියි.

The post ආදරවන්තයින්ගේ දිනය සමරන ආදරවන්තයින්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/4j9xVn3

Labels:

Friday, February 13, 2026

සනත් බලා සිටියදී නදීම් බිඳ දැමූ සනත්ගේ වාර්තාව

විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවීමට ඕමාන ක්‍රීඩක මොහොමඩ් නදීම් ඊයේ (12) සමත් වුණා.

ඒ විස්සයි20 ලෝක කුසලාන තරග ඉතිහාසයේ ඉතිහාසයේ අර්ධ ශතකයක් රැස්කළ වයස්ගතම පිතිකරුවා බවට පත්වෙමිනි.

ශ්‍රී ලංකාවට එරෙහිව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේදී ඔහු පන්දු 56ක් තුළ ලකුණු 53ක් රැස් කිරීමට සමත් විය. මෙම සුවිශේෂී ඉනිම ක්‍රීඩා කරන විට නදීම්ගේ වයස අවුරුදු 43යි දින 161ක් ලෙස සටහන් විය.

මෙම දක්ෂතාවත් සමඟ ඔහු බිඳදමනු ලැබුවේ වසර 17ක් පුරා නොබිඳී පැවති ශ්‍රී ලංකා සුපිරි පිතිකරු සනත් ජයසූරිය තබා තිබූ වාර්තාවකි.

වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන සනත් ජයසූරිය, 2009 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 81ක් රැස්කරමින් මෙම වාර්තාව පිහිටුවා තිබුණි. එම අවස්ථාවේදී ජයසූරියගේ වයස අවුරුදු 39යි දින 345ක් වූ අතර, වසර ගණනාවකට පසු ඕමාන ක්‍රීඩකයෙකු අතින් එම වාර්තාව අලුත් වීම කැපී පෙනෙන සිදුවීමකි.

The post සනත් බලා සිටියදී නදීම් බිඳ දැමූ සනත්ගේ වාර්තාව appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/MlzGxjJ

Labels:

Thursday, February 12, 2026

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට තවත් අනුමැතියක් හිමිවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා ප්‍රකාශ කළේ, කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම පනත් කෙටුම්පත ඒකමතිකව සම්මත වූ බවයි.

මෙම පියවර “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ඉදිරිපත් කළ ප්‍රධාන පොරොන්දුවක් ඉටු කිරීමක් බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.

වසර කිහිපයක් පාර්ලිමේන්තුවේ රැඳී සිටීමෙන් අනතුරුව මන්ත්‍රීවරුන් ලබාගන්නා විශ්‍රාම වැටුප අහෝසි කිරීම මෙහි මූලික අරමුණයි. ඒ අනුව, දැනට ක්‍රියාත්මක වන 1977 අංක 1 දරන පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත මෙම නව පනත මගින් අහෝසි වීමට නියමිතය.

ලබන සතියේදී මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිත අතර, ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කිසිදු විශ්‍රාම වැටුපක් හිමි නොවේ.

මෙය දේශපාලනය වෘත්තියක් නොව සේවයක් ලෙස පවත්වාගෙන යාමට අවස්ථාව සලසා දීමක් බවත්, රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා ගත් ඉතා වැදගත් පියවරක් බවත් නජිත් ඉන්දික මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

The post මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට තවත් අනුමැතියක් හිමිවෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/HyjOt20

Labels:

Wednesday, February 11, 2026

දෙව්නිමෝරි සර්වඥ ධාතූන්වහන්සේ වන්දනාව අවසන්

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් සොයාගනු ලැබූ සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමේ පුණ්‍ය මහෝත්සවය අද (11) පෙරවරු 6.00ට නිල වශයෙන් අවසන් කෙරුණි.

පසුගිය 5 වැනිදා සිට කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වුණු මෙම ධාතු වන්දනාව සඳහා දිවයිනේ නන්දෙසින් පැමිණි අතිමහත් බැතිමතුන් පිරිසක් පසුගිය දින කිහිපය පුරාම සහභාගී වූහ.

අද පෙරවරුවේ දෙව්නිමෝරි සර්වඥ ධාතූන් වහන්සේ වෙනුවෙන් විශේෂ තේවාවන් පැවැත්වීමෙන් අනතුරුව, පෙරවරු 9.45ට පමණ රිය පෙරහරකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත වැඩම කරවීමට නියමිතව ඇත.

ගංගාරාමාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් සඳහන් කළේ, ගුවන් තොටුපොළ වෙත වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේ විශේෂ ගුවන් යානයකින් අද දිනම යළි ඉන්දියාව බලා වැඩම කරවන බවයි.

The post දෙව්නිමෝරි සර්වඥ ධාතූන්වහන්සේ වන්දනාව අවසන් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ZgFtKTa

Labels:

Tuesday, February 10, 2026

ජනපතිගේ ඉල්ලීම ඵල දරයි! ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති!

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත තීරණාත්මක තරගයට සහභාගී වීම සඳහා පාකිස්ථාන රජය එරට ක්‍රිකට් ආයතනයට නිල වශයෙන් අවසර ලබා දී තිබේ.

ඒ අනුව දෙරට අතර පැවති යම් යම් අර්බුදකාරී තත්ත්වයන් මත තරගය වර්ජනය කිරීමට මීට පෙර ගෙන තිබූ තීරණය වෙනස් කිරීමට පාකිස්ථානය පියවර ගෙන ඇති අතර, සැලසුම් කළ පරිදිම පෙබරවාරි 15 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වෙනු ඇත

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ලොවම බලා සිටින ඉන්දියා – පාකිස්ථාන මහා සංග්‍රාමය සැලසුම් කළ පරිදිම කොළඹදී පැවැත්වීමට තීරණය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාකිස්ථාන රජය වෙත සිය ස්තූතිය පළ කර තිබේ.

ජනාධිපතිවරයා සිය නිල X ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කරමින් පාකිස්ථානය ගත් මෙම තීරණය ඉතා අගය කොට සලකන බවයි.

මෙම තීරණාත්මක එකඟතාව ඇති වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් මහතා අතර ඊයේ (09) පස්වරුවේ පැවැති විශේෂ දුරකථන සංවාදයකින් අනතුරුවය.

රාජ්‍ය තාන්ත්‍රික ගැටලු හමුවේ මෙම තරගය වර්ජනය කිරීමට මීට පෙර පාකිස්ථානය තීරණය කර තිබුණද, ජනාධිපතිවරයා කළ පෞද්ගලික ඉල්ලීමකට අනුව එම තීරණය වෙනස් කිරීමට පාකිස්ථාන රජය පියවර ගෙන ඇත.

මෙහිදී ජනාධිපතිවරයා 1996 ලෝක කුසලාන සමයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් අසීරු අවස්ථාවේදී ඉන්දියාව සහ පාකිස්ථානය ලබා දුන් නොමඳ සහයෝගය කෘතවේදීව සිහිපත් කර තිබේ.

දෙරට අතර පවතින සබඳතාවය අනෙකුත් සියලු කරුණුවලට වඩා ඉහළින් පවතින බව ජනාධිපතිවරයා අවධාරණය කළ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකාව කෙරෙහි ඇති ගෞරවය පෙරදැරි කරගෙන සිය කණ්ඩායම තරගයට සහභාගී කරවන බවයි.

The post ජනපතිගේ ඉල්ලීම ඵල දරයි! ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/K09SWH1

Labels:

Monday, February 9, 2026

ඇමති බිමල් දැඩි තීරණයක් ගැනීමට සැරසෙයි

මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් හෝ කොන්දොස්තරවරුන් සේවයේ යොදවා ඇති බස් රථවල මාර්ග බලපත්‍රය අහෝසි කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, තම බස් රථයේ රියදුරා හෝ කොන්දොස්තරවරයා මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේද යන්න පිළිබඳව බස් රථ හිමිකරු අනිවාර්යයෙන්ම දැනුවත්ව සිටිය යුතු බවයි.

රියදුරන්ගේ හෝ කොන්දොස්තරවරුන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳව බස් හිමියන් දැනුවත් නැතැයි යන කරුණ රජය කිසිසේත්ම පිළි නොගන්නා බවද ඔහු පවසා සිටියේය.

එබැවින් තම ව්‍යාපාරය සහ මාර්ග බලපත්‍රය ආරක්ෂා කර ගැනීමට නම්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි නොවූ වගකීම් සහගත පිරිසක් සේවයේ යොදවා ගැනීමට බස් හිමියන් කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි නොවූ දක්ෂ තරුණ රියදුරන් ඕනෑතරම් ගම්වල සිටින බැවින්, එවැනි අය සඳහා අවස්ථාව ලබාදීමෙන් අනතුරු සහ නීතිමය ගැටලු අවම කරගත හැකි බවද බිමල් රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

The post ඇමති බිමල් දැඩි තීරණයක් ගැනීමට සැරසෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/8JeWbxU

Labels:

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහීව ලෝක කුසලාන ගමන අරඹයි! පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක්!

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම, අයර්ලන්තයට එරෙහිව අද (8) රාත්‍රියේ පැවැති තරගයෙන් ලකුණු 20ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් විය.

ශ්‍රී ලංකාව ලබාදුන් ලකුණු 164ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 19.5කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 143ක් පමණි.

ඒ අනුව විස්සයි20 තරග බිමේ අයර්ලන්තයට එරෙහිව මෙතෙක් පවත්වාගෙන ආ අපරාජිත වාර්තාව තවදුරටත් රැකගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ අතර, දෙරට අතර පැවැති සිව්වන විස්සයි20 තරගය මෙය වීම ද විශේෂත්වයකි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂ දස්කම් දැක්වූ මහීෂ් තීක්ෂණ ලකුණු 23කට කඩුලු 3ක් සහ වනිඳු හසරංග ලකුණු 25කට කඩුලු 3ක් දවාගනිමින් අයර්ලන්ත ඉනිම අඩපණ කිරීමට සමත් වූහ.

ඔවුන්ට අනගි සහයක් ලබාදුන් දුෂ්මන්ත චමීර සහ දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැගින් බිඳහෙළමින් ශ්‍රී ලංකාවේ මෙම ජයග්‍රහණය තහවුරු කිරීමට දායකත්වය ලබා දුන්හ.

The post ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහීව ලෝක කුසලාන ගමන අරඹයි! පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/u1OVXRS

Labels:

Sunday, February 8, 2026

ටියුෂන්වලට තිත තැබීම වෙනුවෙන් රජය ගත් පියවර

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමග දරුවන් උපකාරක පන්ති යැවීමේ අවශ්‍යතාවක් නැති වන බව මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ සියලු විෂය කරුණු පාසලේම උගන්වන බවයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමග උපකාරක පන්ති සංස්කෘතිය නැති වන බවද මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු අවධාරණය කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සංවාදයකට එකතු වෙමිනි.

The post ටියුෂන්වලට තිත තැබීම වෙනුවෙන් රජය ගත් පියවර appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/sPObCK0

Labels:

Saturday, February 7, 2026

පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ

ඌව පළාතේත් මාතලේ, නුවරඑලිය, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වියඌව පළාතේත් මාතලේ, නුවරඑලිය, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ.සෙසු ප්‍රදේශවල ප. ව 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.උතුරු සහ වයඹ පළාත්වලත් මාතලේ, ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) දක්වා වන තරමක් තද සුළං ඇතිවිය හැක.බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  පවසනවා.

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි දෙපාර්තමේන්තුව   පවසන්නේ.

සෙසු ප්‍රදේශවල ප. ව 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.
උතුරු සහ වයඹ පළාත්වලත් මාතලේ, ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) දක්වා වන තරමක් තද සුළං ඇතිවිය හැක.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

The post පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/2U1GBDh

Labels:

Friday, February 6, 2026

දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම නවත්තන්න! අගමැතිනියගෙන් දැඩි ප්‍රකාශයක්!

නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට හෝ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨය වසා දැමීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ (05) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළාය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය ප්‍රචාර සහ කටකතා පදනම් කරගෙන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න යොමු නොකරන ලෙසයි.

වික්‍රමාරච්චි වෛද්‍ය පීඨයේ පවතින ගැටලු සම්බන්ධයෙන් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, එම පීඨය නිසි විධිමත්භාවයකින් තොරව ආරම්භ කිරීම හේතුවෙන් සිසුන් අසරණ වී ඇති බවත්, ඒ පිළිබඳව විද්වත් කමිටු වාර්තාවක් අනුව දේශපාලනමය නොවන විද්‍යාත්මක විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත් පැවසුවාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් පද්ධතියට අවශ්‍ය ස්මාර්ට් පුවරු (Smart Boards) බෙදා දීම අධ්‍යාපන අමාත්‍යංශය මගින් දැනටමත් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී අනාවරණය කළාය. ඒ සඳහා පාසල් මට්ටමින් දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම කිසිසේත්ම අවශ්‍ය නොවන බවත්, එවැනි මුදල් එකතු කිරීම් සිදුකරන්නේ නම් ඒවා වහාම නතර කරන ලෙසත් ඇය නියෝග කළාය. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් දැනටමත් නිල නියෝගයක් නිකුත් කර ඇති බවද ඇය සිහිපත් කළාය.

1 සිට 5 ශ්‍රේණි දක්වා තොරතුරු තාක්ෂණය වෙනම විෂයක් ලෙස ඉගැන්වීමක් සිදු නොවන නමුත්, ගෝලීය තාක්ෂණික ලෝකයට ගැළපෙන පරිදි එක් එක් වයස් කාණ්ඩයන්ට අවශ්‍ය තාක්ෂණික අවබෝධය ලබා දීම පිළිබඳව විද්වත් සංවාදයක් ආරම්භ කර තිබේ. එහිදී ළමා ආරක්ෂණය සහ විද්වත් උපදෙස් සලකා බලා තීන්දු ගන්නා බවත්, විෂයමාලා සම්බන්ධයෙන් දේශපාලන තීන්දු නොගන්නා බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල පවතින අත්‍යවශ්‍ය පුරප්පාඩු සඳහා අධ්‍යයන කාර්ය මණ්ඩල බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය මත කටයුතු කරමින් පවතින බවද මෙහිදී හෙළි විය. වසර 30ක් පැරණි ගුරු සේවයේ පවතින උසස්වීම් ගැටලු, සේවා ව්‍යවස්ථාවට පටහැනි බඳවා ගැනීම් සහ ප්‍රායෝගික දුෂ්කරතා විසඳා ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තානා මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ පාසල් පෙළපොත්, නිල ඇඳුම්, සුරක්ෂා රක්ෂණය, සනීපාරක්ෂක තුවා වවුචර්පත්, ප්‍රාථමික ශ්‍රේණිවල දිවා ආහාරය සහ ශිෂ්‍යත්ව සමත් අඩු ආදායම්ලාභී දරුවන් සඳහා මූල්‍යාධාර ලබා දීමේ වැඩසටහන් තවදුරටත් පුළුල් කරන බවයි.

The post දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම නවත්තන්න! අගමැතිනියගෙන් දැඩි ප්‍රකාශයක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/LMVeFC6

Labels:

Thursday, February 5, 2026

පිංකම් ගෙදර යන්න ගිය තරුණියට අත් වූ අවාසනාවන්ත ඉරණම

හොරණ, රත්නපුර ප්‍රධාන මාර්ගයේ එපිටවල 07 කණුව ආසන්නයේ දී ත්‍රීරෝද රථයක් හා තෙල් බවුසරයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් 20 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි කිරිඇල්ල පොලිසිය පවසනවා.

මෙම අනතුර පසුගියදා (02) රාත්‍රී සිදුව ඇති අතර, ඉංගිරිය ප්‍රදේශයේ පැවති ධර්මදේශනා පින්කමකට සහභාගි වීම සඳහා ත්‍රීරෝද රථයෙන් මෙම තරුණිය ඉංගිරිය දෙසට ගමන් කර ඇති අතර තෙල් බවුසරය රත්නපුර දෙසට පැමිණ ඇතැයි පොලිසිය පවසනවා.

වංගුවක් සහිත ස්ථානයක දී ත්‍රීරෝද රථය තෙල් බවුසර යේ ගැටීමෙන් පිටුපස අසුනේ සිටි තරුණිය විසි වී බවුසරයේ පිටුපස රෝදවලට යට වී ඇතැයි පොලිසිය පවසනවා. අනතුරින් ඇය එම ස්ථානයේදීම මියගොස් ඇති බවට අනාවරණය වන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ 20 හැවිරිදි බෙරලියන, මදනගොඩ, අයගම, කිරිඇල්ල ලිපිනයේ පදිංචි තරුණියක්.

සිද්ධිය පිළිබඳ ඉදිරි විමර්ශන කිරිඇල්ල පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

The post පිංකම් ගෙදර යන්න ගිය තරුණියට අත් වූ අවාසනාවන්ත ඉරණම appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/V8tanqM

Labels:

ගෝඨාභය රාජපක්ෂ පැවිදි දිවියට? පැතිර යන පුවතෙහි ඇත්ත නැත්ත මෙන්න

නොයෙකුත් කාල වලදි දේශපාලනික වාසි තකා හෝ වෙනත් අරමුණු තකා ගිලිහී යන කාරණා නැවත මතකය ආවර්ජනය කිරීමට දේශපාලන චරිත පිළිබඳ අසත්‍ය තොරතුරු විටින් විට සමාජ ගත කරනු ලබනවා. එවැනි සටහනක් පිළිබඳ අප සිදු කරන කරුණු විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවිදි වීමට සැලසුම් කරමින් සිටින බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් පළ වුණා. එහි වැඩිදුරටත් දැක්වුණේ, ඔහු බෞද්ධ දර්ශනය කෙරෙහි දැඩි උනන්දුවක් දක්වමින් කාලය ගත කරන බව ත්, භාවනාවේ කාලය ගත කරන බවත්, බාහිර පුද්ගලයින් සමඟ ඇති සම්බන්ධතා හැකිතාක් අවම කර ඇති බවට වාර්තා කර ඇති බවයි.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවිදි දිවියට ඇතුළු වීමට සැරසෙන බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල පුවතක් පළ වී නොතිබුණු බව අප කළ පරීක්ෂාවේදී තහවුරු වුණා.

ඔහු එවැනි තීරණයක් ගෙන ඇති බවට ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිදු වැඩසටහනක හෝ ප්‍රකාශ කර ඇත්ද යන්න පරීක්ෂා කළ ත්, ඒ මහතා විසින් එවැනි ප්‍රකාශයක් කර නොතිබුණි. එමෙන් ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල සමාජ මාධ්‍ය ගිණුම් වල මෙන් ම ඔහුගේ ඥාතීන් වන දේශපාලනයේ නියැලෙන ප්‍රබලයන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් වල හෝ වෙනත් කිසිදු ස්ථානයක ප්‍රකාශයක් කර නොමැති බවට අප කළ පරීක්ෂාවේදී තහවුරු විය. මෙම වාර්තාව සකසන අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් ගිණුම අවසන් වරට යාවත් කාලීන කර තිබුණේ, 2025 වසරේ ඔක්තෝම්බර් 14 වන දිනයි.

කෙසේ නමුත් පසුගිය ජනවාරි 26 වන දා ඉන්දීය ජනරජ දිනය සැමරීම හේතුවෙන් කොලඹදී පැවති පිළිගැනීමේ උත්සවයේදී හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන, ජවිපෙ නායකයින් වන ටිල්වින් සිල්වා සහ නලින්ද ජයතිස්ස සමඟ අසුන්ගෙන සිටි අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණේ මෙලෙසින්.

ඉහත සමාජ මාධ්‍ය සටහන් වල පෙන්වා දෙන පරිදි ගෝඨාභය රාජපක්ෂ මහතා බාහිර පුද්ගලයින් සමඟ ඇති සම්බන්ධතා හැකිතාක් අවම කර ඇත්නම් එවැනි උත්සව සඳහා සහභාගි වීමෙන් වැළකිය යුතුව තිබුණත් ඔහු මෑතක පැවති උත්සව අවස්ථාවන්ට සහභාගී වන බව දැක ගන්නට ලැබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු මාධ්‍ය අංශය

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයෙන් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවිදි දිවියට ඇතුළු වීමේ තීරණයකින් පසුවනවා ද, යන්න පිළිබඳ අප ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු මාධ්‍ය අංශයේ සම්බන්ධීකාරක වරයෙකුගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ එම පුවත සම්පූර්ණයෙන් ම අසත්‍ය බවයි.

කෙසේවෙතත්, ගෝඨාභය රාජපක්ෂ මහතා බෞද්ධ දර්ශනය කෙරෙහි දැඩි උනන්දුවක් දක්වමින් කාලය ගත කරන බව සත්‍ය නමුත්, බුදුන් වැඳිම ඔහුගේ දෛනික කාර්යයක් වන අතර එය විශේෂයෙන් හුදකලාව භාවනා කරමින් පැවිදි වීමට යාමේ තීරණයක් නොවන බව ත් සඳහන් කළා.

එමෙන් ම මීට පෙර ඇතැම් බෞද්ධ ආගමික නායකයන් බුදුදහමට අදාළ පොත්පත් තිළිණ කර ඇති බැවින් ඔහු මේ වන විට විවේක සුවයෙන් පසුවන බැවින් ද, ඔහු කියවන පොත්පත් සමඟ බුදුදහමට අදාළ  පොත්පත් කියවීමේ පුරුද්දක් ඔහුට ඇති බව ත්, එවැනි කාරණා හේතුවෙන් මෙලෙසින් නොමග යන අන්දමින් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

(උපුටාගැනීම – factcrescendo.com)

The post ගෝඨාභය රාජපක්ෂ පැවිදි දිවියට? පැතිර යන පුවතෙහි ඇත්ත නැත්ත මෙන්න appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/5ZrRkG7

Labels:

Wednesday, February 4, 2026

රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා සාමාජිකයන් කැඳවීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද මෙම ආඥාව පිළිබඳව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (03) පාර්ලිමේන්තුවට නිල වශයෙන් දැනුම් දුන්නේය.

හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම පියවර ගෙන ඇත.

The post රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/YBqMHwL

Labels:

Tuesday, February 3, 2026

කෙහෙළියගේ සහෝදරයෙකු අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඥාති සහෝදරයෙකු වන බණ්ඩාර රඹුක්වැල්ල මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (03) පාන්දර බණ්ඩාර රඹුක්වැල්ල මහතාගේ නිවසේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ, මුදල් විශුද්ධි කරන චෝදනා මතය.

The post කෙහෙළියගේ සහෝදරයෙකු අත්අඩංගුවට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/63XW2ku

Labels:

Monday, February 2, 2026

පාකිස්ථානයේ තීරණයට ICCයෙන් දැඩි ප්‍රතිචාරයක්!

2026 ICC පිරිමි විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්ථාන කණ්ඩායම ඉන්දියාව සමඟ පැවැත්වෙන තරගය පමණක් වර්ජනය කරමින් “තෝරාගත් අයුරින්” සහභාගී වීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සිය දැඩි විරෝධය පළ කර තිබේ.

මෙම තීරණය ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණයට මෙන්ම තරගාවලියේ අඛණ්ඩතාවයට හානිකර බව පෙන්වා දෙන ICCය, මෙහි ප්‍රධාන කරුණු කිහිපයක් අවධාරණය කරයි:

ලෝක කුසලානයක් වැනි ගෝලීය ඉසව්වකදී සුදුසුකම් ලැබූ සියලුම කණ්ඩායම් කිසිදු කොන්දේසියකින් තොරව නියමිත කාලසටහනට අනුව ක්‍රීඩා කළ යුතු බවත්, ඇතැම් තරග පමණක් තෝරාගෙන ක්‍රීඩා කිරීම ක්‍රීඩා මූලධර්මවලට පටහැනි බවත් ICCය පවසයි.

මෙම තීරණය පාකිස්ථානයේ මෙන්ම ලොව පුරා විසිරී සිටින මිලියන සංඛ්‍යාත ක්‍රිකට් ලෝලීන්ගේ බලාපොරොත්තු කඩ කරන්නක් බව ඔවුන් පෙන්වා දෙයි.

රජයේ මැදිහත්වීම මත ගනු ලැබූ මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම ගෝලීය ක්‍රිකට් පද්ධතියටම අහිතකර ප්‍රතිවිපාක ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇත.

2026 මාර්තු 15 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දියා-පාකිස්ථාන තීරණාත්මක තරගයට සහභාගී නොවන බව පාකිස්ථාන රජය මීට පෙර නිවේදනය කර තිබුණි. පවතින මෙම අර්බුදය සමනය කරගැනීම සඳහා සියලු පාර්ශවයන්ට එකඟ විය හැකි විසඳුමකට එළැඹෙන ලෙස ICCය පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් (PCB) ඉල්ලා සිටියි.

The post පාකිස්ථානයේ තීරණයට ICCයෙන් දැඩි ප්‍රතිචාරයක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/DneW2rX

Labels:

Sunday, February 1, 2026

අදට යෙදී තිබෙන නවම් පුර පසළොස්වක පොහොයෙහි වැදගත්කම

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (01) යෙදී තිබේ.

බුදුන් වහන්සේගේ දෑගසව්වන් වූ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා සම්බුද්ධ ශාසනයෙහි එම තනතුරු ලැබුවේ නවම් පුන් පොහෝ දිනක වනවා.

ප්‍රථම ධර්ම සංඝායනාව සිදු වී ඇත්තේ ද අද වන් වූ නවම් පෝ දිනකයි.

බුදුරජාණන් වහන්සේ ආයුසංස්කාරය අත් හරිනු ලැබුවේ ද නවම් පුන් පොහොය දිනක වීමද සුවිශේෂී කරුණක්.

ඕවාද ප්‍රාතිමෝක්ෂය නමින් පටු ආකල්ප බැහැර කොට සමාධිගත දිවි පෙවතකට සඟරුවන යොමු කරවීමේ දේශනාව බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ අද වන් වූ උතුම් නවම් පුන් පොහොය දිනයක වනවා.

ශ්‍රී ලාංකීය අපට වගේම ලෝකවාසී බෞද්ධ ජනතාවටද, නවම් පුර පසළොස්වක පොහොය දිනය ඉතාමත් වැදගත් දිනයක්.

මහා කාශ්‍යප තෙරුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව සිදු වී තිබීම නවම් පොහොය දිනයක සිදුවූ උත්කර්ෂවත් අවස්ථාවක් බවයි දහම් පොත් සඳහන් කර ඇත්තේ.

එමෙන්ම සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ දෙනමගේ පිරිනිවන් පෑමෙන් පසු බුදුරජාණන් වහන්සේ රජගහ නුවරින් නික්ම ගොස් චාපාල චෛත්‍ය කරා වැඩම කරවීම ද මෙම උතුම් නවම් පොහොය දිනයේ දී සිදුවී තිබෙනවා.

The post අදට යෙදී තිබෙන නවම් පුර පසළොස්වක පොහොයෙහි වැදගත්කම appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/hgc1GV3

Labels: