https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: June 2025

Monday, June 30, 2025

ඉන්ධන මිලට අද කුමක් සිදු වේවිද? රටම බලා සිටින ඉන්ධන මිල සංශෝධනය අදයි

මිල සූත්‍රයට අනුව, මාසික ඉන්ධන සංශෝධනය අදට (30) යෙදී තිබෙනවා.

අද (30) රැස්වීමට නියමිත මිල කමිටුව විසින් අවසාන තීරණය ගැනීමට නියමිත බවයි ඛනිජ තෙල් සංස්ථාවේ ආරංචිමාර්ග සඳහන් කළේ.

ජනවාරි මාසයේ සිට ලෝක වෙළඳපොළෙහි බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අඛණ්ඩව පහත වැටීමක් දක්නට ලැබුණි.

ජනවාරි මාසයේදී බැරලයක සාමාන්‍ය මිල ඩොලර් 80 සීමාවේ පැවති අතර මැයි මාසයේදී බැරලයක මිල ඩොලර් 62.70ක් පමණ අවම මට්ටමකට ළඟා විය.

ජුනි මාසයේ ඉන්ධන මිලෙහි ඉහළ යෑමක් පෙන්නුම් කරන අතර එය දැනට ඩොලර් 65 – 70 සීමාවේ රැඳී පවතී.

පසුගිය මාසයේ ඉන්ධන මිල සංශෝධනයක් සිදු වූයේ නැහැ.

ඒ අනුව දැනට පවතින ඉන්ධන මිල ගණන් වන්නේ,

92 පෙට්‍රල් ලීටරය රුපියල් 293.00

95 පෙට්‍රල් ලීටරය රුපියල් 341.00

සුදු ඩීසල් ලීටරය රුපියල් 274.00

සූපර් ඩීසල් ලීටරය රුපියල් 325.00

භූමිතෙල් ලීටරය රුපියල් 178.00

The post ඉන්ධන මිලට අද කුමක් සිදු වේවිද? රටම බලා සිටින ඉන්ධන මිල සංශෝධනය අදයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/3mQ2SPb

Labels:

වාහන ආනයන වියදම අඩු කරන්න ජනපතිගෙන් නව සැලැස්මක්

පවතින ක්‍රමවේදය තුළම ප්‍රතිසංස්කරණ පමණක් සිදු කරමින් ඉදිරියට යනවා වෙනුවට, රට නව තලයකට ඔසවා තැබීම වත්මන් රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

පැවති දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින්, වර්තමාන දේශපාලන අධිකාරිය ලෙස, ඒ සඳහා පියවර ගෙන ඇති බවත්, එය ස්ථාවර තත්ත්වයක් ලෙස වර්ධනය කළ යුතු බවත් අවධාරණය කළ ජනාධිපතිවරයා එසේම, මෙරට සියලු අංශ නව තලයකට ඔසවා තැබීම සඳහා එයාකාරයෙන්ම කටයුතු කළ යුතු බව වැඩිදුරටත් අවධාරණය කළේය.

රට නව තලයකට ඔසවා තැබීම සඳහා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළෙහිදී පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම පිළිබඳව රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා, කුඩා ආණ්ඩුවලට සහ එක් එක් බල අධිකාරින්ට අවශ්‍ය පරිදි කටයුතු කළ යුගය වත්මන් ආණ්ඩුව විසින් අවසන් කර ඇති බවද පැවසීය.

එසේම මහජන දේපළ සොරකමට සමාජයක් ලෙස බිය විය යුතු බවත් සෑම දෙනාම නීතියට යටත් විය යුතු බවද ජනාධිපතිවරයා සදහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ‘Dream Destination’ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ දිනකට රිය අනතුරුවලින් අට දෙනකු පමණ මිය යන බව සංඛ්‍යා ලේඛනවලින් තහවුරු වන බවයි. ඒ අනුව ශක්තිමත් මාර්ග නීති පද්ධතියක අවශ්‍යතාව පැහදිලි කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාර්ග තදබදය වළක්වා ගැනීමට, විෂ වායු විමෝචනය අවම කර ගනිමින් පාරිසරික හානිය අවම කර ගැනීමට සහ වාහන ආනයනය වෙනුවෙන් රජය දරන අධික වැය බර අඩු කර ගැනීම සදහා පොදු ප්‍රවාහනය ශක්තිමත් කළ යුතු බව පෙන්වා දුන්නේය.

ඒ අනුව, මෙරට පොදු ප්‍රවාහන පද්ධතිය, දියුණු, පහසුකම් සහිත සහ කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට ආරම්භ කර තිබෙන බව පැවසු ජනාධිපතිවරයා ඒ සඳහා රජයෙන් සිදු කරන ආයෝජනවලට අමතරව, පෞද්ගලික අංශයටද ආයෝජන අවස්ථා විවර කර තිබෙන බව පැවසීය.

ලෝකයට සාපේක්ෂව වර්තමානයට ගැළපෙන පරිදි මෙරට දුම්රිය ස්ථාන නව අනන්‍යතාවයකින් සන්නාමගත කිරිමට රජය සමඟ එක් වන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී පෞද්ගලික අංශයට ආරාධනා කළේය.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන එක්ව පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව (Public-Private Partnership) ව්‍යාපෘතියක් ලෙස දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබ තිබේ.

The post වාහන ආනයන වියදම අඩු කරන්න ජනපතිගෙන් නව සැලැස්මක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/BngsKhG

Labels:

Sunday, June 29, 2025

ටීචර් අම්මාට තවත් අකරතැබ්බයක්

ඒෂියා මිරකල් (2025) සම්මාන උළෙලේදී වසරේ හොඳම ශිෂ්‍යත්ව විභාග දේශකවරිය හා වසරේ ජනප්‍රියතම ගුරුවරයා සම්මානය හයේෂිකා ප්‍රනාන්දු මහත්මිය හිමි කර ගැනීමට සමත් වුණා.

නමුත් ඒ පිළිබඳව දැඩි කතාබහක් නිර්මාණය වූයේ එම සම්මානය ඇයට පිරිනැමීම කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.

අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා වේදිකාවේ සිටියදී  ඇයට එම සම්මානය පිරිනැමීම සිදු කළ අතර සම්මානය ලබාදීම අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහු වෙනුවට ඒ ආසන්නයේ සිටි වෙනත් පුද්ගලයෙකු සම්මානය පිරිනමනු ලැබුවා.

ඒ පිළිබඳව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ,   ලංකාවේ ගුරුවරුන් අතරින් හොඳම ගුරුවරිය හයේෂිකා ප්‍රනාන්දු නොවන හෙයින් ඒෂිය මිරකල් සම්මාන උළෙලේදී තමන්ගේ හෘදය සාක්ෂියට එකඟව ඇයට එම සම්මානය ලබාදීමට නොහැකි නිසා එය ප්‍රතික්ෂේප කළ බවයි.  

මෙරට ගුරු විදුහල්පතිවරුන් දෙලක්ෂ හැටපන්දහසක් පමණ සිටින අතර එම විශාල සංඛ්‍යාතය අතරින් හොඳම ගුරුවරිය ලෙස හයේෂිකා ප්‍රනාන්දු ගුරුවරියව තෝරාගැනීම පිළිබඳව තමන් පුදුමයට පත් වුණූ බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

එබැවින් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව එවැනි සම්මානයක් තමන් විසින් ඇයට දීමේ හැකියාවක් නොතිබුණූ බවයි අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසන්නේ.

ඒ අනුව තමන්  නිහතමානීව සම්මානය ලබාදීම ප්‍රතික්ෂේප කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වාදෙනවා.

The post ටීචර් අම්මාට තවත් අකරතැබ්බයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/p8yDAe6

Labels:

සැකකරුවන් දෙදෙනෙකුගේ මිලියන ගණනක දේපළ ක්‍රියා විරහිත කිරීමට අධිකරණයෙන් නියෝගයක්

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ බවට අත්අඩංගුවට ගත් සැකකාරියක් හා සැකකරුවෙකු විසින් එම ජාවාරමෙන් උපයාගත් බවට සැළකෙන මුදලින් මිලදී ගත් දේපළ තොගයක් මුදල් විශූද්ධිකරණ පනත යටතේ ක්‍රියා විරහිත කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ.

අදාළ සැකකරු හා සැකකාරිය ඊයේ (28) අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක් හා සැකකාරිය වයස අවුරුදු 45ක් වන බොරැල්ල, කොළඹ 08 ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

එම සැකකරුවන්ගේ තහනමට ලක් කර ඇති දේපොළ වන්නේ,

කඳාන ප්‍රදේශයේ පිහිටි සිව් මහල් නිවසක්
බොරැල්ල, කොළඹ 08 ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවෙස් දෙකක්
බොරැල්ල, කොළඹ 08 පිහිටි තෙමහල් නිවසක්
ජපන් ඇල්ටෝ වර්ගයේ මෝටර් රථය
වැගන් ආර් වර්ගයේ මෝටර් රථය

මෙම සැකකරු හා සැකකාරිය මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුලි 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. 

The post සැකකරුවන් දෙදෙනෙකුගේ මිලියන ගණනක දේපළ ක්‍රියා විරහිත කිරීමට අධිකරණයෙන් නියෝගයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/KXLkwTZ

Labels:

Saturday, June 28, 2025

පිලිපීනයට දරුණු භූ කම්පනයක්

දකුණු පිලිපීනයේ රික්ටර් මාපක 6.1 ක භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අද (28) සිදුවූ මෙම භූමිකම්පාවෙන් සිදුවු ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳ මෙතෙක් තොරතුරක් වාර්තා වී නැහැ.

මෙම භූමිකම්පාව පොළව මතුපිට සිට කිලෝමීටර් 101ක් ගැඹුරින් සිදුව ඇති අතර, එය ඩාවෝ ඔක්සිඩෙන්ටල් පළාතේ ආසන්නතම ස්ථානයේ සිට කිලෝමීටර් 70ක් පමණ දුරින් පිහිටා ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ.

The post පිලිපීනයට දරුණු භූ කම්පනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/J9FfVvL

Labels:

ප්‍රදේශ කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

එමෙන්ම යාපනය, මන්නාරම, අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකිය.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

තවද මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවත් එහි සඳහන් ව තිබේ.

The post ප්‍රදේශ කිහිපයකට තද වැසි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/lPse1hv

Labels:

Friday, June 27, 2025

සහනදායී පොලියට විශේෂ ණය යෝජනා ක්‍රමයක්! හිමිවන පිරිස මෙන්න!

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ කර්මාන්තකරුවන් සඳහා සහනදායී ණය යෝජනා ක්‍රම ප්‍රකාශයට පත්කර ඇත.

විශේෂයෙන් නිර්මාණය කර ඇති සහනදායී ණය යෝජනා ක්‍රම දෙකක් ලෙස එම අමාත්‍යාංශය විසින් SMILE 111 සහ E-Friend 11 යනුවෙන් ණය යෝජනා ක්‍රම ප්‍රකාශයට පත්කර තිබේ.

අමාත්‍යාංශයට අනුව, 2%, 5%, 6.5% සහ 8% වාර්ෂික පොලී අනුපාත යටතේ පිරිනමනු ලබන මෙම ණය යෝජනා ක්‍රම මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් සඳහා සහාය වීමක් ලෙස හඳුන්වාදෙනු ලැබේ.

මෙම ප්‍රමුඛතම මූල්‍ය පහසුකම් අඩු පොලී ණය සඳහා ප්‍රවේශය ලබාදෙන අතර, නිෂ්පාදන අංශය දියුණු කිරීම, තිරසාර කාර්මික සංවර්ධනය, ඵලදායිතාව වැඩිදියුණු කිරීම සහ විවිධ අංශ හරහා අගය දාම ශක්තිමත් කිරීම සඳහා සකස් කර ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

The post සහනදායී පොලියට විශේෂ ණය යෝජනා ක්‍රමයක්! හිමිවන පිරිස මෙන්න! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/0jdaGVh

Labels:

Thursday, June 26, 2025

අමෙරිකාව සහ ඉරානය අතර තීරණාත්මක සාකච්ඡාවක්

එළැඹෙන සතියේ අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.

ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමයක් ප්‍රකාශ කිරීමෙන් දිනකට පසුව ඔහු මේ බව ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.

එම අවස්ථාවේදී ඇතැම්විටකදී න්‍යෂ්ටික ගිවිසුමකට පවා එළැඹිය හැකි බවද ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් පැය 48 කට පමණ පෙර, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පවසා තිබුණේ ඉරානයට එරෙහි ඊශ්‍රායලයේ මිලිටරි ප්‍රහාරයට එක්වීමෙන් අමෙරිකාව රාජතාන්ත්‍රිකභාවය පාවා දී ඇති බවත්, එයින් ඇඟවෙන්නේ වොෂින්ටනය සමඟ තවදුරටත් සංවාදයක් කළ නොහැකි බවත්ය.

The post අමෙරිකාව සහ ඉරානය අතර තීරණාත්මක සාකච්ඡාවක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/NsEiGS9

Labels:

Wednesday, June 25, 2025

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

The post කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/LVw4SJk

Labels:

Tuesday, June 24, 2025

කටාර්හි පිහිටි අමෙරිකානු හමුදා කඳවුර වෙත ඉරානයෙන් මිසයිල ප්‍රහාර

කටාර්හි පිහිටා ඇති මැදපෙරදිග විශාලතම අමෙරිකානු හමුදා කඳවුර වන අල් උඩෙයිඩ් ගුවන් කඳවුර වෙත ඉරානය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මැදපෙරදිග කලාපයේ වර්ධනය වී ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ  සිය ගුවන් අවකාශය තාවකාලිකව වසා දැමීමට කටාර් රාජ්‍ය පියවර ගෙන තිබේ.

කටාර් විදේශ අමාත්‍යාංශය එක්ස් සටහනකින් තබමින් නිවේදනය කරන්නේ, සිය රට වැසියන් සහා සංචරකයින්ගේ ආරක්ෂාව සහතික කිරීමේ අරමුණ ඇතිව මෙම පියවර ගත් බවයි.

මේ අතර කටාර්හි සිටින අමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය පුරවැසියන්ට දැනුම් දීමක් සිදුකර තිබේ.

එම දැනුම්දීම මගින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, නැවත දැනුම් දෙන තුරු එම ස්ථානවල රැඳී සිටින ලෙසය.

The post කටාර්හි පිහිටි අමෙරිකානු හමුදා කඳවුර වෙත ඉරානයෙන් මිසයිල ප්‍රහාර appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/FgjLmly

Labels:

Monday, June 23, 2025

අක්මීමන වෙඩිතැබීමක්

ගාල්ල, අක්මීමන, වැවේගොඩවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

අද (23) අලුයම යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවියකින් නිවසකට වෙඩි තබා පළා ගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

වෙඩි තැබීමෙන් කිසිවෙකුට තුවාල සිදුවී නොමැත.

අදාළ නිවස හිමි පුද්ගලයා මිදිගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක විධායක ශ්‍රේණියේ රැකියාවක නිරත වන පුද්ගලයෙකු බවටයි වාර්තා වන්නේ.

ගාල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණයට යටතේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

The post අක්මීමන වෙඩිතැබීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/LokeZlE

Labels:

Sunday, June 22, 2025

අල්ලස් ගත් පොලිසියේ දෙදෙනෙකුට වැඩ වරදී

අම්පාර ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් අල්ලස් මුදල් ලබා ගැනීම සම්බන්ධව චෝදනා ලැබූ පොලිස් සැරයන්වරු දෙදෙනෙකු අල්ලස් කොමිසම විසින් ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරී කරනු ලැබූ පොලිස් සැරයන්වරු දෙදෙනෙක්.

වැලි ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාර කටයුතු ඉදිරියට කරදරයකින් තොරව සිදු කිරීමට සහ එම ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු නොකර සිටීම සඳහා අදාළ නිලධාරීන් දෙදෙනා එම පුද්ගලයාගෙන් රුපියල් 25,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව ලද පැමිණිල්ලක් මත අදාළ පොලිස් සැරයන්වරු දෙදෙනා අල්ලස් කොමිසම විසින් අල්ලස් මුදල් ඉල්ලීම සහ භාර ගැනීම මෙන්ම එයට අනුබල දීම යන චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

The post අල්ලස් ගත් පොලිසියේ දෙදෙනෙකුට වැඩ වරදී appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/p80svhE

Labels:

කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

The post කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/VqJtTzj

Labels:

ඉරාන – ඊශ්‍රායල යුද්ධයට ඇමෙරිකාව අවතීර්ණ වෙයි! ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3කට ඇමෙරිකාවෙන් ප්‍රහාරයක්!

ඉරානයේ න්‍යෂ්ටික ඉලක්ක තුනකට අමෙරිකාව ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.

ෆෝර්ඩෝ සහ නටාන්ස් න්‍යෂ්ටික මධ්‍යස්ථාන සහ එස්ෆහාන් න්‍යෂ්ටික කලාපය, ඊට ඇතුළත්.

අමෙරිකානු දූපතක් වන ගුවාම් දූපත වෙත යවන ලද B-2 නම් රහසිගත බෝම්බ හෙලන යානා මගින් එම ප්‍රහාර එල්ල කර තිබේ.

ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව එම සියලු ගුවන් යානා ඉරාන ගුවන් අවකාශයෙන් සාර්ථකව පිටත් වූ බව, අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ටෲත් සමාජ මාධ්‍යයේ සටහන් කර තිබේ.

ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතා ඒ පිළිබඳ පැහැදිලි කළේ ය.

ඔහු පැවසුවේ, අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරය, ඊශ්‍රායලයට සහ ලෝකයේ සෙසු රටවලට ඓතිහාසික මොහොතක් බවයි.

ප්‍රහාරයෙන් අනතුරුව හෝ ඉරානය යුද්ධය අවසන් කිරීමට එකඟ විය යුතු බව, ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.

ප්‍රහාරයෙන් අනතුරුව ඉරානය ප්‍රකාශ කළේ, අමෙරිකානු ප්‍රහාර එල්ල වී ඇත්තේ මීට පෙර එම භූමියෙන් ඉවත් කළ න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3 කට බවයි.

එමෙන්ම මින් පෙර ඉරානය අනතුරු අඟවා තිබුණේ ඉරානයට පහර දීමට අමෙරිකාව සූදානම් වුවහොත් මැදපෙරදිග පිහිටි අමෙරිකානු කඳවුරුවලට ඉරානය විසින් පහර දෙන බවය.

The post ඉරාන – ඊශ්‍රායල යුද්ධයට ඇමෙරිකාව අවතීර්ණ වෙයි! ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3කට ඇමෙරිකාවෙන් ප්‍රහාරයක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/sLvknH7

Labels:

Saturday, June 21, 2025

ශ්‍රී ලංකා මහා බැංකුවෙන් වැදගත් පණිවිඩයක්! ජනතාවට අනතුරු ඇඟවීමක්!

විදේශයන්හි දේපොළ මිලදී ගැනීම සඳහා සිදුකරන ආයෝජන ප්‍රවර්ධනය කරමින් පළකරන වෙළෙඳ දැන්වීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනයක් නිකුත්කර ඇත.

ඊට අදාළ නිවේදනය,

ශ්‍රී ලංකාවේ නේවාසික තනි පුද්ගලයන් අතර, විදේශයන්හි නිශ්චල දේපළ මිළ දී ගැනීම සඳහා සිදු කරන ආයෝජන (විදේශයන්හි දේපළ ආයෝජන) ප්‍රවර්ධනය කරමින් මුද්‍රිත සහ සමාජ මාධ්‍යවල පළ කරන ලද වෙළඳ දැන්වීම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතක දී නිරික්ෂණය කර තිබේ. මෙම වෙළඳ දැන්වීම් මඟින් එවැනි ආයෝජන සඳහා විදේශයන්ගෙන් මූල්‍ය පහසුකම් ලබා ගැනීම සම්බන්ධයෙන් ද මග පෙන්වීම් ලබාදෙන බව නිරීක්ෂණය කර තිබේ.

2017 අංක 12 දරන විදේශ විනිමය පනත (විදේශ විනිමය පනත) යටතේ නිකුත් කර ඇති රෙගුලාසි සහ නියෝග මත පදනම් ව ඉහත සඳහන් ගනුදෙනු සම්බන්ධ පහත සඳහන් කරුණු පිළිබඳ ව මහජනතාවගේ අවධානය යොමු කරනු ලැබේ.

පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (Personal Foreign Currency Accounts) හරහා ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 20,000 ක් හෝ වෙනත් ඕනෑම නම් කරන ලද විදේශීය මුදල් වර්ගයකින් ඊට සමාන උපරිම අගයකට යටත් ව සිදු කරන ගෙවීම් හැර, විදේශයන්හි දේපළ ආයෝජන සඳහා ගෙවීම් සිදු කිරීමට ශ්‍රී ලංකාවේ නේවාසික තනි පුද්ගලයන් හට අවසරයක් නොමැත.

ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (Business Foreign Currency Accounts) හරහා විදේශයන්හි දේපළ ආයෝජන සඳහා ගෙවිම් සිදු කිරීමට ශ්‍රී ලංකාවේ නේවාසික ආයතනවලට හෝ තනි පුද්ගලයන්ට අවසරයක් නොමැත.

තව ද, විදේශයන්හි දේපළ ආයෝජන සඳහා අරමුදල් සපයා ගැනීම ඇතුළු වෙනත් කිසිඳු අරමුණක් සඳහා විදේශ ණය ලබා ගැනීමට හෝ විදේශයන්හි නේවාසික පුද්ගලයන්ගෙන් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ නේවාසික තනි පුද්ගලයන හට අවසරයක් නොමැත.

ඉහත සඳහන් තත්ත්වයන් යටතේ, විදේශයන්හි දේපළ ආයෝජන ප්‍රවර්ධනය කරමින් සහ එවැනි ආයෝජන සඳහා විදේශයන්ගෙන් මූල්‍ය පහසුකම් ලබා ගැනීම පිළිබඳව මග පෙන්වීම් සිදු කරමින් මුද්‍රිත හා සමාජ මාධ්‍යවල පළ කරනු ලබන වෙළඳ දැන්වීම් පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවට දැනුම් දෙනු ලැබේ.

එවැනි අවසර නොලත් විදේශ විනිමය ගනුදෙනුවලට හවුල්වන හෝ එවැනි ගනුදෙනු සඳහා පහසුකම් සපයන ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව විදේශ විනිමය පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සිදු කෙරෙනු ඇත.

The post ශ්‍රී ලංකා මහා බැංකුවෙන් වැදගත් පණිවිඩයක්! ජනතාවට අනතුරු ඇඟවීමක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/iOwkhsn

Labels:

ජාතික ජන බලවේගය විසින් බලය පිහිටුවන ලද බළංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඉල්ලා අස්වී තිබේ.

එසේ ඉල්ලා අස්වූයේ එම සභාවේ සභාපති ලෙස පළමු සභා රැස්වීමේදී තේරී පත් වූ රංජිත් උදය කුමාර මහතායි.

ඒ අනුව එම ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා ආරියදාස ගමඇතිගේ මහතා නම් කර තිබේ.

බලංගොඩ ප්‍රාදේශීය සභාවේ තේරීම් බර නිලධාරියාව විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රසිද්ධ කර ඇත.

The post appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/dQrs2RA

Labels:

Friday, June 20, 2025

සුළං සමග ඇදහැලෙන වැසි ගැන දැනුම්දීමක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

The post සුළං සමග ඇදහැලෙන වැසි ගැන දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/LKjzgJy

Labels:

Thursday, June 19, 2025

කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ  විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ

The post කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Zi3agCu

Labels:

Wednesday, June 18, 2025

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. 

ඒ අනුව, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. 

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ. 

එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි. 

තවද, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

The post අද කාලගුණ නිවේදනය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/SBT7b0f

Labels:

Tuesday, June 17, 2025

මෙරට ලොතරැයි ඉතිහාසයේ ලොකුම සල්ලි මල්ල ජයග්‍රහණය කරයි! ලක්ෂ 4745ක තෑග්ගක්!

මෙරට ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදලට ජයග්‍රහකයෙකු බිහිකිරීමට ජාතික ලොතරැයි මණ්ඩලය ඊයේ (16) සමත්වුණා.

මෙගා පවර්  2210 වන දිනුම් වාරයේ සුපිරි ත්‍යාගය වන හතලිස් හත්කෝටි හතලිස් පන් ලක්ෂ අනූ නව දහස් හාරසිය විසි දෙකක(474,599,422.00) ත්‍යාග මුදල සහිත ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර ඇත්තේ ගොකරැල්ල ප්‍රදේශයේ  එච්.ඒ.ජානකී හේමමාලා අලෙවි නියෝජිතවරියයි.

මීට පෙර ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ත්‍යාග මුදල වූ කෝටි 23 ක සුපිරි ත්‍යාගයද දිනාදී වාර්තාවක් තැබුවේ ද ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් ලොතරැයියයි.

එම වාර්තාව ඊයේ(16) දිනයේදී යලිත් වරක් අලුත් කෙරුණා.

The post මෙරට ලොතරැයි ඉතිහාසයේ ලොකුම සල්ලි මල්ල ජයග්‍රහණය කරයි! ලක්ෂ 4745ක තෑග්ගක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/z0u3Tm6

Labels:

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවල මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසනවා. 

මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. 

ඌව පළාතෙන් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. 

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු – මැද, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇති විය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

The post අද කාලගුණ නිවේදනය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/9erxhKi

Labels:

ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්න! ට්‍රම්ප්ගෙන් සියලුම ජනතාවට දැනුම්දීමක්!

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වන ලෙස එහි සිටින සියලුදෙනාට අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.

එම දැනුම්දීමෙන් සුළු වේලාවකට පසුව ටෙහෙරාන් අගනුවරින් පිපිරීම් හඬක් ඇසුණු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

අමෙරිකානු ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය ගිණුමක තබන ලද සටහනක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව සඳහන් කර ඇත.

The post ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්න! ට්‍රම්ප්ගෙන් සියලුම ජනතාවට දැනුම්දීමක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/uzfCLon

Labels:

Monday, June 16, 2025

මත්ද්‍රව්‍ය ජාවාරම් හා මූල්‍ය වංචාවලට සම්බන්ධ පුද්ගලයින් 88 දෙනෙකුගේ වත්කම් තහනම් කෙරේ

සංවිධානාත්මක අපරාධකරුවන් සහ මූල්‍ය වංචාවලට සම්බන්ධ පුද්ගලයින් 88 දෙනෙකුගේ වත්කම් තහනම් කර තිබෙනවා.

පොලිසිය සඳහන් කලේ ඒ අතර සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලැබු 26 දෙනෙකුද සිටින බවයි

සෙසු පුද්ගලයින්ගේ වත්කම් තහනම් කර ඇත්තේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගැනෙන චෝදනා හේතුවෙන්.

ඉඩම් ,නිවාස,බැංකු ගිණුම්,වාහන,ස්වර්ණාභරන හා ව්‍යාපාරික ස්ථාන මෙන්ම කුඔුරු ඉඩම් ඒ තහනම් කල දේපල අතරට ඇතුලත් වනවා.

එලෙස දේපළ තහනම් කළ ලැයිස්තුව පහතින්,

The post මත්ද්‍රව්‍ය ජාවාරම් හා මූල්‍ය වංචාවලට සම්බන්ධ පුද්ගලයින් 88 දෙනෙකුගේ වත්කම් තහනම් කෙරේ appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/koWTEjb

Labels:

කාලගුණයේ සුළු වෙනසක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති වේ.

උතුරු පළාතේත් අනුරාධපුරය දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇති වේ.

තද සුළංවලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්  ඉල්ලා සිටී.

The post කාලගුණයේ සුළු වෙනසක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/KFksIuG

Labels:

Sunday, June 15, 2025

කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැක.

උතුරු පළාතේත් අනුරාධපුරය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැක.

තද සුළං වලින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

The post කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/AfG6Vh1

Labels:

Saturday, June 14, 2025

ජනතාවට සහනයක්! පොල් මිල පහළට!

කොළඹ පොල් වෙන්දේසියේදී මිල රුපියල් 124ක් දක්වා පහත බැස තිබේ.

එය රුපියල් 19ක අඩුවීමක් බව පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

ජුනි මස දෙවැනිදා පැවැති වෙන්දේසියේදී මිල රුපියල් 143ක් ලෙසට වාර්තා විය.

ඒ අනුව සිල්ලර පොල් මිලෙහි අඩුවීමක් ද අපේක්ෂා කළ හැකිය.

සෑම බ්‍රහස්පතින්දා දිනකම පෙරවරු 10.00ට, පොල් සංවර්ධන අධිකාරිය  විසින් වෙන්දේසිය පවත්වන අතර, ගොවියන්, වෙළඳුන්, නිෂ්පාදකයින් සහ අපනයනකරුවන් ඇතුළු සියලුම පාර්ශ්වකරුවන්ට සාධාරණ හා ආරක්ෂිත මිලක් ලබාදීම අරමුණවේ.

The post ජනතාවට සහනයක්! පොල් මිල පහළට! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/n9IK4Qo

Labels:

Friday, June 13, 2025

වෙළඳපොළේ පවතින ප්‍රසිද්ධ සබන් වර්ග ගැන පැමිණිලි රැසක්

වෙළඳපොළේ පවතින සබන් වර්ගයන්හි ලේබලයේ සඳහන් කර ඇති තොරතුරු පාරිභෝගිකයන් නොමඟ යවන ආකාරයෙන් සඳහන් කර තිබීම සම්බන්ධයෙන් ලද විවිධ පාර්ශව මගින් සිදුකරන පැමිණිලි කෙරෙහි අධිකාරිය අවධානය යොමු කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ඒ පිළිබඳව සාකච්ඡාවක් පසුගියදා (11) පවත්වා තිබෙනවා.

පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය , ඖෂධ නියාමන අධිකාරිය , ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ වෙළෙඳපොළේ ප්‍රසිද්ධ සබන් නිෂ්පාදකයන්ද සහභාගි තිබෙනවා.

එහිදී සබන්වල ගුණත්වය ඉහළ නැංවීම, පාරිභෝගිකයා නොමඟ යන ලෙස ලේබලයේ තොරතුරු ඇතුළත් නොකිරීම සහ ළඳරු සබන් ප්‍රමුඛ අනිකුත් සබන් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතිය අනිවාර්යය කිරීම යනාදී කරුණු රැසක් සාකච්ඡාවට ලක් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

වෙළෙඳපොළේ සාධාරණ තරගයක් තුළ ගුණත්වයෙන් යුත් නිෂ්පාදන පාරිභෝගිකයා වෙත ලබා දී පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් අඛණ්ඩව කැපවෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් දැනුම් දී තිබුණා.

The post වෙළඳපොළේ පවතින ප්‍රසිද්ධ සබන් වර්ග ගැන පැමිණිලි රැසක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/5KDVrxX

Labels:

Thursday, June 12, 2025

කොරෝනා ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

දැනට ශ්‍රී ලංකාවේ නව COVID – 19 ප්‍රභේදයක් ව්‍යාප්තවීමේ අවදානමක් නොමැති බැවින් අනිසි බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පදනම් කරගනිමින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එම නිවේදනයේ සඳහන් වන්නේ, පසුගිය සති කිහිපයේදී ආසියානු රටවල් කිහිපයක COVID – 19 ආසාදිතයන් සංඛ්‍යාවේ ඉහළ යාමක් පෙන්නුම් කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණු බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය ජාතික මට්ටමින් සූදානම් වීම සහ මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ත්‍රීව්‍ර කර ඇති බව අමාත්‍යංශ ලේකම්වරයා නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ඇතිවිය හැකි වසංගත තත්ත්වයන් කල්තියා හඳුනා ගැනීමට අවශ්‍ය රසායනාගාර ආවේක්ෂණ පද්ධතිය ද සක්‍රීයව ක්‍රියාත්මක වනවා.

COVID-19 තත්ත්වයේ කාලයත් සමග සිදුවන වෙනස්කම් පිළීබඳ සෞඛ්‍ය බලධාරීන් අවධානයෙචන් සිටින අතර, ඔවුන් නිල වශයෙන් ලබාදෙන තොරතුරු කෙරෙහි පමණක් අවධානය යොමු කරන ලෙසද  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

The post කොරෝනා ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/qaKzvG3

Labels:

Wednesday, June 11, 2025

අමාත්‍යාංශ 4කට වැඩබලන අමාත්‍යවරුන් පත් කෙරේ

අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කර තිබේ.

ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ සඳහා මෙන්ම අමාත්‍ය විජිත හේරත් මහතා යටතේ පවතින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහා මෙලෙස වැඩබලන අමාත්‍යවරුන් පත් කර ඇත.

ඒ අනුව මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙස කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.

ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍යවරයා ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පත් කළේය.

ආරක්ෂක වැඩබලන අමාත්‍යවරයා ලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍යවරයා ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පත් කර තිබේ.

ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් මහතාගේ (Frank-Walter Steinmeier)  ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් මෙම පත් කිරීම් සිදුකර ඇත.

මෙම සංචාරයට ජනාධිපතිවරයා සමග විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද එක්වෙයි.

The post අමාත්‍යාංශ 4කට වැඩබලන අමාත්‍යවරුන් පත් කෙරේ appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/4qFT2Zr

Labels:

Tuesday, June 10, 2025

ජංගම දුරකථන භාවිතා කරන සියලුම දෙනාට වැදගත් දැනුම්දීමක්

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි නොකළ ජංගම දුරකථන සහ සන්නිවේදන උපකරණ භාවිතය ඉදිරියේදී තහනම් කිරීමට එම ආයතනය සැලසුම් කර ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් බන්දුල හේරත් මහතා සඳහන් කරයි.

මෙම පියවර ගැනීමට හේතුව වන්නේ නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන, ප්‍රමිතීන්ට අනුකූල නොවන සන්නිවේදන උපකරණවලින් ජනතාවට වන අපහසුතා සහ තොරතුරු තාක්ෂණික අවහිරතාය.

කර්මාන්තයට නව ආරක්ෂිත ක්‍රමවේදයක් හඳුන්වාදීමටත්, ලියාපදිංචි නොකළ උපකරණ හඳුනාගැනීම සඳහා ස්වයංක්‍රීය පද්ධතියක් මේ මස අවසානයේ සිට ක්‍රියාත්මක කිරීමටත් කොමිෂන් සභාව සැලසුම් කර තිබේ.

විදේශිකයින්ගේ ජංගම උපකරණ භාවිතයට මේ ක්‍රමවේදයෙන් බාධා නොවන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් පැවසීය.

The post ජංගම දුරකථන භාවිතා කරන සියලුම දෙනාට වැදගත් දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/I8XMl97

Labels:

අද සිට කාලගුණය දරුණු වෙයි

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන්, අද (10) දින සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ වැඩි වීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසු වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකියි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැකියි.

උතුරු පළාතේත් අනුරාධපුරය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

බදුල්ල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

The post අද සිට කාලගුණය දරුණු වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/3FtQOH4

Labels:

Monday, June 9, 2025

සජබ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට විශේෂ දැනුම්දීමක්

බහුතරය නොමැති පළාත් පාලන ආයතන පිහිටුවීම සඳහා පවත්වන ඡන්ද විමසීමේදී පක්ෂය ලබාදෙන උපදෙස් වලට විරුද්ධව කටයුතු කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පවත්වන බව දන්වා සියලු පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ලිපි යැවීමට සමගි ජන බලවේගය තීන්දු කර ඇත.

බහුතරය නොමැති ආයතනවල ප්‍රධානීන් පත්කර ගැනීම සඳහා පවත්වන ඡන්ද විමසීම විවෘත ඡන්දයක්ද එසේ නොමැති නම් රහස් ඡන්දයක් දැයි පළමුව සියලු මන්ත්‍රීවරුන් අත ඔසවා ප්‍රකාශ කළ යුතු අතර එහිදී සජබය තීන්දු කර ඇත්තේ විවෘත ඡන්ද වීමසීමක් පැවැත්විය යුතු බවටය.

රජය රහස් ඡන්දයක් ඉල්ලා සිටින අතර රහස් ඡන්ද විමසීමක දී වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගැනීමට රජය අදහස් කර ඇත.

මේ නිසා තම පක්‍ෂයේ මන්ත්‍රීවරුන් විවෘත ඡන්ද විමසීමක් ඉල්ලා සිටීමට සජබය නියම කර තිබේ.

ඒ සමගම පක්ෂය නම් කරන සභාපති හෝ පුරපති අපේක්ෂකයාට සහාය ලබා දිය යුතු බවටද සජබය තේරිපත් වූ සියලු මන්ත්‍රීවරුන්ට ලිපි මගින් උපදෙස් දී ඇති අතර එම නියෝග තඩ කරන සියලු මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ පවත්වන බවද දැනුම්දී ඇත.

The post සජබ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට විශේෂ දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/e6CkP3I

Labels:

ජනාධිපති සමාව අවභාවිත කිරීමේ සිදුවීමට අදාළව අනුරාධපුර බන්ධනාගාර අධිකාරි අත්අඩංගුවට

අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් ලක්ෂ 40ක් වංචාකර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරුකර සිරදඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකුව ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර නිදහස් කිරීමට අනුබලදීමේ චෝදනාවට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අදාළ අධිකාරිවරයා උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරුවරියට ලිඛිත දැනුම්දීමක් මගින් අදාළ සිරකරුවා ජනාධිපති පොදුසමාව යටතේ නිදහස් කර ඇති බව පවසා තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර අනුරාධපුර බන්ධනගාර අධිකාරිවරයා අද (9) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

The post ජනාධිපති සමාව අවභාවිත කිරීමේ සිදුවීමට අදාළව අනුරාධපුර බන්ධනාගාර අධිකාරි අත්අඩංගුවට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/zbKWIlP

Labels:

Sunday, June 8, 2025

මාතර බන්ධනාගාරය කොටවිලට

මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට ගෙනයාමට කඩිනමින් කටයුතු කරන බව මාතර බන්ධනාගාරයේ නිරික්ෂණ චාරිකාවකට සහභාගී වෙමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.

මාතර බන්ධනාගාරයේ පවතින අඩු පාඩු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මේ බව කීය.

මාතර බන්ධනාගාරය ස්ථාපිත භූමියෙහි බන්ධනාගාරයකට අවශ්‍ය කටයුතු සඳහා ඉඩ කඩ ප්‍රමාණවත් නොවීම නිසා බන්ධනාගාර නිලධාරීන් මෙන්ම රැඳවියන්ද දැඩි අපහසුතාවයට පත්ව සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ සඳහා විසදුමක් වශයෙන් මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට කඩිනමින් ගෙන යාමට අවශ්‍ය කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, මාතර බන්ධනාගාර අධිකාරී මංගල වැලිවිටිය මහත්වරුද මීට සහභාගී වූහ.

The post මාතර බන්ධනාගාරය කොටවිලට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/S1qgiNk

Labels:

Saturday, June 7, 2025

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනය ගැන ගත් තීරණය

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් විසින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අද (07) උදෑසන 8.00ට අවසන් කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කර තිබෙනවා.

එහි ලේකම් චානක ධර්මවික්‍රම මහතා පවසන්නේ මෙම වර්ජනයෙන් රෝගීන්ට වන අපහසුතාවට සැලකිල්ලට ගනිමින් සිය සංගම් පහෙන් සංගම් 04ක් වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බවයි.

කෙසේවෙතත්, අර්බුධයකට මුහුණ දී සිටින වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ කණ්ඩායම තවදුරටත් වර්ජනයේ නිරත වන බවද ඔහු පවසනවා.

චානක ධර්මවික්‍රම මහතා, වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබා නොදෙන්නේ නම් තාවකාලිකව නතර කිරීමට පියවර ගත් වැඩ වර්ජනය ඉදිරියේදී නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි.

ඉතා සරලව විසඳිය හැකිව තිබෙන මෙම ගැටලුකාරී තත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි අවධානයක් ලබා නොදෙන බවත් සිය ගැටලු විසඳීමට මැදිහත් වන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිනියගෙන් ඉල්ලා සිටින බවත් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ ලේකම්වරයා සඳහන් කරනවා.

The post පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනය ගැන ගත් තීරණය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/AcLHdgE

Labels:

යළිත් ලොකු වැස්සක්

ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (07) නිකුත් කළ නවතම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං ද බලාපොරොත්තු වියහැකි බවය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසුවන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටී.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති වෙයි.

උතුරු සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු – මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 30ත් 40ත් පමණ තරමක තද සුළං ඇති වෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

The post යළිත් ලොකු වැස්සක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/dGhHJ5E

Labels:

Friday, June 6, 2025

රටම බලා සිටින විශේෂ පනතක් ලබන මාසයේදී පාර්මේන්තුවට

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එළඹෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ එය මේ වන විට නීති කෙටුම්පත් සම්පාදක විසින් සම්පාදනය කර ඇති බවයි.

ඒ අනුව ලබන මාසයේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

The post රටම බලා සිටින විශේෂ පනතක් ලබන මාසයේදී පාර්මේන්තුවට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Eh0wCeu

Labels:

මෝටර් රථ 3000ක් රැගත් නෞකාවක් ගිනි ගනී

ඇලස්කාවේ ඇලූටියන් දූපත් දාමයට ඔබ්බෙන් වූ මුහුදේ දී නෞකාවක් ගිනිගැනීමට ලක්ව තිබේ.

මෙම නෞව්කාව මගින් මෙක්සිකොව වෙත විද්‍යුත් මෝටර් රථ 800ක් ඇතුළු වාහන 3,000ක් රැගෙන යමින් සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවන්හි දැක්වේ.

නෞකාවේ ඇති ගිනිනිවීමේ පද්ධතිය යොදාගනිමින් එහි කාර්ය මණ්ඩලය හදිසි ගිනිනිවීමේ ක්‍රියා පටිපාටි ආරම්භ කළත්, ඔවුන්ට ගින්න පාලනය කිරීමට නොහැකි වී තිබේ.

ඒ හේතුවෙන් නෞකාවේ කාර්ය මණ්ඩලයේ 22දෙදෙනෙකු නෞකාව අතහැර ජීවිත ආරක්ෂක බෝට්ටුමගින් ඉන් ඉවත් වී තිබේ.

එම කාර්ය මණ්ඩල සාමාජිකයින්ව උතුරු පැසිෆික් සාගරයේ ගමන්ගත් වෙළඳ නෞකාවක් විසින් බේරාගෙන ඇත.

2023 වර්ෂයේදී ද මේ ආකාරයෙන් ජර්මනියේ සිට සිංගප්පූරුව දක්වා විද්‍යුත් මෝටර් රථ 500යකට ආසන්න ප්‍රමානයක් සමග මෝටර් රථ 3,000ක් රැගෙන යමින් තිබූ නෞකාවක් ගිනිගැනීයමට ලක්ව තිබූ බව විදෙස් වාර්තාවන්හි දැක්වේ.

The post මෝටර් රථ 3000ක් රැගත් නෞකාවක් ගිනි ගනී appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/EV68p0w

Labels:

Thursday, June 5, 2025

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 21ක මිල පරාසයන් නිවේදනය කෙරේ

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් සෑම සතියකට වරක්ම ප්‍රකාශයට පත් කරනු ලබයි.

ඒ අනුව මෙම ජුනි 02 වැනිදා සිට 08 වැනිදා දක්වා තෝරා ගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයන් නිවේදනය කර තිබෙනවා.

එම මිල පරාසයන් පහතින්,

1. තිරිගු පිටි රුපියල්  150.00 – රුපියල්  174.00
2. සුදු සීනි රුපියල් 215.00 – රුපියල් 238.00
3. පරිප්පු රුපියල් 258.00 – රුපියල්  278.00
4. අර්තාපල් (ආනයනික) රුපියල්  150.00 – රුපියල්  172.00
5. බී ළූණු (ඉන්දියා) රුපියල්  120.00 – රුපියල්  145.00
6. බී ළූණු (පකිස්ථාන) රුපියල්  100.00 – රුපියල් 117.00
7. රතු ළූණු (ආනයනික) රුපියල්  300.00 – රුපියල්  346.00
8. වියළි හාල්මැස්සන් (තායිලන්ත) රුපියල්  700.00 – රුපියල්  871.00
9. වියළි හාල්මැස්සන් (අනෙකුත්) රුපියල්  600.00 – රුපියල්  718.00
10. වියළි මිරිස් රුපියල්  580.00 – රුපියල්  643.00
11. බිත්තර ( සුදු ) – ඒකකයක් රුපියල්  27.00 – රුපියල්  30.00
12. බිත්තර ( දුඹුරු ) – ඒකකයක්  රුපියල්  29.00 – රුපියල් 32.00
13. ටින්මාළු(දේශීය) – ටූනා – රුපියල්  425g 350.00 – රුපියල් 380.00
14. ටින්මාළු(දේශීය) – මැකරල් – රුපියල්  425g 350.00 – රුපියල්  420.00
15. ටින්මාළු(ආනයනික) – රුපියල්  425g 350.00 – රුපියල්  415.00
16. දේශීය කැකුළු සහල් – සුදු රුපියල්  200.00 – රුපියල්  220.00
17. දේශීය කැකුළු සහල් – රතු රුපියල්  205.00 – රුපියල්  220.00
18. දේශීය නාඩු සහල් – සුදු රුපියල්  210.00 – රුපියල් 230.00
19. බ්‍රොයිලර් කුකුල් මස් (සම්පූර්ණ කුකුලා) සම සහිත රුපියල්  800.00 – රුපියල් 960.00
20. සම්පූර්ණ යොදය සහිත කීරි පිටි 400g රුපියල් 940.00 – රුපියල් 1100.00
21. ලුණු රුපියල් 130.00 – රුපියල් 145.00

The post අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 21ක මිල පරාසයන් නිවේදනය කෙරේ appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Psvnqxt

Labels:

Wednesday, June 4, 2025

මහින්දානන්දගෙන් අභියාචනයක්! ඇප ඉල්ලයි!

බරපතල වැඩ සහිතව හිර සිර දඬුවම් නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින හිටපු අමාත්‍යයෙක් මහින්දානන්ද අලුත්ගමගේ අදාල තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔහුගේ නීතිඥයන් විසින් ඊට අදාල කටයුතු සිදු කරමින් පවතින බවයි වාර්තා වන්නේ.

පසුගියදා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් හිටපු අමාත්‍යවරයාට වැඩ සහිත වසර 20ක සිර දඬුවම් නියම කළේය.

ඔහුට ලැබුණු ත‍්‍රිපුද්ගල මහාධිකරණ තීන්දුවට එරෙහිව එක් වරක් අභියාචනායක් ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතී.

එය නඩු තීන්දුව ලැබී දින 28ක් ඇතුළත සිදු කළ යුතු බවයි නීති විශාරදයන් පවසන්නේ.

අදාල අභියාචනය මත ඇප ඉල්ලා සිටීමටද ඔවුන්ට හැකියාව ලැබෙන අතර අභියාචනාව පිළිගැනීම නොපිළිගැනීම හෝ ඇප ලබාදීම හෝ නොදීම අධිකරණය විසින් තීරණය කෙරෙනු ඇත.

The post මහින්දානන්දගෙන් අභියාචනයක්! ඇප ඉල්ලයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/U2tGr3H

Labels:

පළාත් කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

The post පළාත් කිහිපයකට වැසි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/krCjJxS

Labels:

Tuesday, June 3, 2025

එට්නා ගිනිකන්ද සක්‍රීය වෙයි

ඉතාලියේ සිසිලි දූපතේ පිහිටි යුරෝපයේ විශාලතම ගිනිකන්ද වන ලෝක ප්‍රසිද්ධ එට්නා ගිනි කන්ද සක්‍රීයව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, මෙවර එහි දැවැන්ත පිපිරීමක් පෙන්නුම් කරන බවත් ඉන් කිලෝමීටර් කිහිපයක් උසට අළු සහ දුමාරය පිටවෙමින් පවතින බවයි.

මේ අනුව එහි සිටින සංචාරකයින් සහ කදු නගින්නන් වහාම ඉන් ඉවත් කෙරුණි.

මේ අතර පවතින තත්ත්වය හමුවේ එම ප්‍රදේශය ආශ්‍රිතව සියලුම ගුවන් ගමන් නතර කර ඇති බවටත් සිසිලියානු සිවිල් ආරක්ෂක ඒජන්සිය නිවේදනය කර තිබෙනවා.

ලොව වඩාත්ම සක්‍රිය ගිනිකදුවලින් එකක් ලෙස එට්නා ගිනිකන්ද සැලකෙන අතර මෙවර සක්‍රියවී ඇත්තේ එහි ගිනිකොනදිග කුහරය බව විදසේ මාධ්‍ය වාර්තා කරයි.

The post එට්නා ගිනිකන්ද සක්‍රීය වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/6SLEMdr

Labels:

Monday, June 2, 2025

වසර දෙකකට පසු පොසොන් උත්සවයට ලැබෙන රාජ්‍ය අනුග්‍රහය

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය සඳහා රජයේ පූර්ණ අනුග්‍රහය ලබා දීමට පියවර ගන්නා බව, අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. 

මිහින්තලය රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් සඳහන් කළේ, මෙලෙස පොසොන් උත්සවය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබී ඇත්තේ වසර දෙකකට පසුව බවයි. 

මෙවර පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව මිහින්තලයේදී පැවැත්වීමට රජය තීරණය කර ඇති අතර එහි සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය වසන්ත සමරසිංහ මිහින්තලය රජමහා විහාරස්ථානයට පැමිණියා.

The post වසර දෙකකට පසු පොසොන් උත්සවයට ලැබෙන රාජ්‍ය අනුග්‍රහය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/fr9Gz3R

Labels:

Sunday, June 1, 2025

වැසි තත්ත්වය පහව යන දිනය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද (01) දින සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. 

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

The post වැසි තත්ත්වය පහව යන දිනය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/XxeBz0M

Labels: