https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනය ගැන ගත් තීරණය

Saturday, June 7, 2025

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනය ගැන ගත් තීරණය

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් විසින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අද (07) උදෑසන 8.00ට අවසන් කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කර තිබෙනවා.

එහි ලේකම් චානක ධර්මවික්‍රම මහතා පවසන්නේ මෙම වර්ජනයෙන් රෝගීන්ට වන අපහසුතාවට සැලකිල්ලට ගනිමින් සිය සංගම් පහෙන් සංගම් 04ක් වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බවයි.

කෙසේවෙතත්, අර්බුධයකට මුහුණ දී සිටින වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ කණ්ඩායම තවදුරටත් වර්ජනයේ නිරත වන බවද ඔහු පවසනවා.

චානක ධර්මවික්‍රම මහතා, වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබා නොදෙන්නේ නම් තාවකාලිකව නතර කිරීමට පියවර ගත් වැඩ වර්ජනය ඉදිරියේදී නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි.

ඉතා සරලව විසඳිය හැකිව තිබෙන මෙම ගැටලුකාරී තත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි අවධානයක් ලබා නොදෙන බවත් සිය ගැටලු විසඳීමට මැදිහත් වන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිනියගෙන් ඉල්ලා සිටින බවත් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ ලේකම්වරයා සඳහන් කරනවා.

The post පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනය ගැන ගත් තීරණය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/AcLHdgE

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home